2017 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයකදී ඇය කැමී පෙනෙන ශිෂ්‍යාවක් වුණා.. ඒ පදක්කම් ද්විත්වයක් සහ ශිෂ්‍යත්වයක් ලබා ගනිමින්.. කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු නර්තනයට ගායනයට වාදනයට දක්ෂ ශිෂ්‍යාවක වූ ලක්මිණි චූලෝත්තමා බෝගමුව අද නිසලවී ඇගේ නිවසේ ඉන්නවා.. ඒක කාටවත් අදහා ගන්න බැරි සිද්ධියක්..
කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දියණිය වන ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්යවරියක් ලෙස සේවය කළා.. ඇය මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ, බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින්.. ඉන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සදහටම ඇය දෙනෙත් පියාගත්තේ කවුරුත් නොසිතූ ලෙසින්..
ලක්මිණී, කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත්ව 2017 වර්ෂයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂ දක්ෂතා දැක්වූ ශිෂ්‍යයවට හිමි අමරා මොහොට්ටි අනුස්මරණ කුසලානය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර විශේෂ කුසලානය මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයන්ගේ සංගමය මඟින් ලබාදුන් ශිෂ්‍යත්වයට හිමිකම් කීමට ද සමත් වුණ අයෙක්..
තමන් සමඟ එකට ඉගෙනුම ලැබූ සහෝදර සහෝදරියන්ගේ මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තුළ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේද නොමඳ ආදරය දිනාගත් තරුණියක වූ ලක්මිණි බෝගමුවට මුහුණ දීමට සිදුවූ හදිසි අනතුර සම්බන්ධව සියලු දෙනා සිටින්නේ දැඩි ශෝකයෙන්..
කෙසේ වුවද දැන් ඇය ජීවිතය හැරගොස් අවසානය. ඇයගේ දේහය පිළිබඳ ආගමික වතාවත් 10 පටුමඟ වික්‍රමසිංහපුර බද්‍රමූල ලිපිනයේ පිහිටි නිවසේදී සිදුකර අවසන් කටයුතු අද දින සවස 5ට තලවතුගොඩ වැලි පාර පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි..