ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් කූඹුරු සහ ගොඩ ඉඩම් සඳහා අය කරන අක්කර බදු ගාස්තුව 100%කින් ඉහළ දමා ඇතැයි ගොවි ජනතාව පවසනවා.
අක්කරයකට අයකරන නව අක්කර බදු මුදල රුපියල් 100කි.
මෙය වසර නවයක කාලයක් තුල රුපියල් අසූපහක වැඩිවීමක් බව ද ගොවිජනතාව පෙන්වා දෙයි.
2015දි රුපියල් 15ක් වු අක්කර බද්ද පසුව රුපියල් 20ක් ලෙස වැඩිවී ගිය වසර වනවිට රුපියල් 50ක්ව පැවතුණි.