Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
05
හීනෙන් නයින්ව පේන්නේ ඇයි? ඒ මේ හේතු හින්දා වෙන්න පුළුවන්...

- හීනෙන් නයින්ව පේන්නේ ඇයි? ඒ මේ හේතු හින්දා වෙන්න පුළුවන්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

149 Views

නයා කියන්නෙ සංකේතාත්මකව ගත්තහම හීනවලදි බොහොම දේවල් කියාපාන සත්වයෙක්. 


අපි බලමු එක එක විදිහේ නයි හීන වලින් කියවෙන්නේ මොනවද කියලා…
 
1. නයෙක් ඔබව හැපීම
 
මේක ඉතාම සුලභ හීනයක් වගේම අපිව සෑහෙන බියට, අපහසුතාවයට පත් කරන්න පුළුවන් හීනයක්. නයෙක් ඔබව සපනවා, ඔබට දෂ්ට කරනවා දකිනවා කියන්නේ ඔබට කරන යම් කිසි අනතුරු හැඟවීමක් ඒක. බොහෝ වෙලාවට ඔබේ ජීවීතේට විෂ පොවන, ඔබේ ජීවිතේ අවුලට පත් කරවන යම් කිසි පුද්ගලයෙක් ගැන ඔබට කරන සිහි කැඳවීමක් වෙන්න පුළුවන් මේ නයි දෂ්ඨ කිරීම හීනෙන් පෙනෙන එක. ඔබේ ජීවිතයට කරදරයක් ගෙන දෙන ඒ පුද්ගලයා සම්බන්ධ ප්‍රශ්නය විසඳගන්න කියලා ඔබට මතක් කර දීමක් තමයි මේ වගේ හීනයකින් පෙන්නුම් කරන්නේ. මේක පුද්ගලයෙක් සම්බන්ධව වගේම ඔබේ ජීවිතේට හිරිහැරයක් වෙලා තියන යම්කිසි මානසික තත්ත්වයක් හෝ අත්දැකීමක් ගැන වුණත් ඉඟි කරන්නක් වෙන්න පුළුවන්.
 
2. නයෙක් ඔබ පසුපස්සේ එළවීම
 
නයෙක් ඔබ පසුපස්සේ එළවද්දී ඔබ බොහෝ වෙලාවට කරන්නේ පළා යන එකනෙ. අන්න ඒ දේම තමයි මේ විදිහෙ හීනයකිනුත් සංකේතවත් වෙනව කියන්නෙ. මේ විදිහෙ හීනයක් දකින මො​හොතක් වෙනකොට ඔබ ඔබේ ජීවිතේ යම්කිසි වැදගත් දෙයක් මගහැරල හෝ එය අමතක කරල ද​මල තිබෙන්න බොහෝ ඉඩ තියනවා. මොකක් හරි වගකීමක්, එදිනෙදා ජීවිතේ ගැටලුවක්, ඔබ කරපු වරදක් වගේ දෙයක් ඔබ ඕනෑකමින්ම මගහැරල ජීවත් වෙනවානම් මේ හීනෙ පෙනෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඒ දේ මොකක්ද කියල තේරුම් අරන් එය සමග ගනුදෙනු කරල ඔලුව නිදහස් කරගන්න එක තමයි කරන්න හොඳම දේ වෙන්නෙ.
 
3. නයෙක් හුරතල් කරනවා දැකීම
 
අහක යන නයි රෙද්දස්සේ දාගන්න එපාය කියන එක අපේ ජනවහරේත් එන කියමනක්නෙ. ඒ කියමනේ යම් ඇත්තකුත් තියනවා. හැබැයි නයෙක්ව සමීප කරගෙන ඌත් එක්ක යාලුකමින්, හුරතල් කරමින් ඉන්නවා හීනෙන් දකින එකනම් සුබදායී ය කියලයි කියන්නෙ. ඒ​ක ඔයාගෙ ජීවිතේ සිද්ධ වෙමින් පවතින සුබදායී වෙනසක් ගැන ඉඟි කරන්නක් බවටයි පැවසෙන්නේ.
 
4. කාමරයේ නයි ඉන්නවා දැකීම
 
මේකත් බොහොම බියකරු හීනයක් වගේම බොහොමයක් දෙනා දකින හීනයක්. මේ විදිහේ හීනයකින් බොහෝවිට ඔබේ නිදහස අහිමිවීමක් ගැන තමයි පැවසෙන්නේ. ඔබ ගත කරන සැබෑ ජීවිතයේදී ඔබට නිදහසේ ඔබේ ජීවිතය ගැන සිතන්නට හෝ එදිනෙදා කටයුතු කරන්නට යම් බාධාවක් එල්ලවෙන බවක් තමයි මේ වගේ හීනයකින් අර්ථ ගැන්වෙනවායැයි කියන්නෙ. ඒ බාධාව මොකක්ද කියලා තේරුම් අරගෙන නිසි පිළියම් යොද​න එක වැදගත්.
 
5. මැරුණු නයි දැකීම
 
මැරුණු නයෙක් හෝ නයි කීපදෙනෙක් හීනයෙන් දකිනවා කියන්නෙ සුබවාදී දෙයක් හැටියට සලකන්න පුළුවන් කාරණයක්. ඒ මගින් මෙතෙක් කල් ඔබේ හිතට වධ දීපු කාරණාවක අවසානය සංකේතවත් වෙන බවක් තමයි පැවසෙන්නේ. ඔබට තිබ්බ යම් බියක් ​හෝ ඔබට අත්හරින්න බැරිව සිතින් වධ වෙච්ච කාරණයක් දැන් ඔබෙන් ඈත්වෙලා කියලයි ඒ විදිහෙ හීනයකින් ඉඟි කරන්නෙ.
 
6. හීනෙන් නයෙක්ව මැරීම
 
හීනෙන් නයෙක්ව මැරීම දෙයාකාරයක තේරුම් තියෙන්න පුළුවන් කාරණයක් වෙනවා. මේ විදිහෙ හීනයක නියම තේරුම තේරුම් ගන්න වෙන්නේ හීනෙන් නයාව මරා දැම්මාට පස්සේ ඔබට හිතට දැනුණු දේ අනුවයි. ඔබේ හිතට ඉන් සැහැල්ලුවක්, සහනයක් දැනුනානම් ඉන් කියවෙන්නෙ. ජීවිතේ යම්කිසි බාධාවක් ජයගන්න ඔයාගේ හිතේ ඇති උනන්දුවයි. ඒ වගේම නයාව මැරීමෙන් පස්සේ හිතට කණගාටුවක් දැනුණු හීනයක නම් තේරුම් වෙන්​නේ යම්කිසි බාධාවක් ජයගන්න බැරු​ව ඔයා යම් අපහසුවකින් පසුවෙන බවකුයි.
 
7. කළු නයෙක්ව හීනෙන් දැකීම
 
නයින්ගේ වර්ණයෙනුත් හීන වලදී නොයෙකුත් ඉඟි සපයනවා. උදාහරණෙකට රතු පාට නයෙක් දැකීම මගින් ඔබේ ලිංගික ආශාවන් නිරූපණය ව​න බවට විශ්වාසයක් තියනවා. කළු පාට නයෙක් හීනෙන් දකිනවා කියන්නෙ ඔ​බේ හිතට වදදෙන යම් සිතුවිල්ලක් ගැන ඉඟියක් බවයි පැවසෙන්නේ. යම් දෙයක් ගැන ඔබේ හිතේ අධික දුකක් හෝ පීඩනයක් තිබෙනවානම්, මේ විදිහේ කළු පාට නයෙක් හීනෙන් පෙනීම ඒ ගැන දෙනු ලබන සංඥාවක් විය හැකියි.

 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top