රත්නපුර - කහවත්ත - වැල්ලදුර ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් පහරදී මව ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දියණිය ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
38 හැවිරිදි ඇය, අද අලුයම කහවත්ත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ පොලිස් නිල සුනඛයා යොදවා සිදු කළ විමර්ශන වලදී හදුනාගත් අත් ඔරලෝසුවක් සැකකාර දියණියගේ බවට අනාවරණ වීමෙන් අනතුරුවයි.
කහවත්ත - වැල්ලදුර ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී තියුණු ආයුධයකින් පහරදී 71 හැවිරිදි මව ඝාතනය කර තිබියදී සොයා ගැනුනේ, පසුගිය 13 වනදායි.