වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්ත ප්‍රදේශයේදී ඊයේ අලුයම තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරිමේ සිදුවීමට අදාළව මියගිය කාන්තාවගේ සැමියා සහ ඇය අනියම් සම්බන්ධතාවය පැවැත් වූ බව කියන පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 27ක් වූ එක්දරු මවක්.
ඇය විදේශගතව සිට දැනට මාස 3කට ප්‍රථම සිය සැමියා පදිංචි ගලහා පුපුරැස්ස ප්‍රදේශයේ නිවසට පැමිණ ඇති අතර, මීට සති දෙකකට ප්‍රථම ඇය සිය දරුවාද සමග වැලිඔය වත්තට පැමිණ ආපසු නිවසට නොපැමිණීමට උරණ වූ සැමියා පෙරේදා දින එම වතුයායට පැමිණ තොරතුරු විමසිමෙදි ඇය එම වතුයායෙම තරුණයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට එම වතුයායේ පදිංචි කිහිප දෙනෙකු විසින් තොරතුරු ලබා දීමෙන් අනතුරුව උරණ වු සැමියා එම සම්බන්ධතාවය නතර කරන ලෙසට බිරිදට පවසා තිබෙනවා.
දෙදෙනා අතර ඊයේ පස්වරුවේ සිටම එම අනියම් සම්බන්ධතාවය සම්බන්ධයෙන් බහින් බස්වීම් සිදු වී ඇති බවත්, පසුව ඇයව නිදි යහනේදිම තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.
අවුරුදු 30 වයසැති සැකකරු සහ අනියම් පෙම්වතා වටවල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ.