අදානි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි, රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සභාපති මුකේෂ් අම්බානි අභිබවා යමින් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.
අදානි සමූහ ව්‍යාපාරයට අයත් සමාගම්වල කොටස් අගය ඉහළ යාම මෙම වෙනසට ප්‍රධාන හේතුව වී ඇති බවයි වාර්තා වෙන්නේ. .
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට (Bloomberg Billionaire Index) අනුව, ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 92.6ක් වන අතර, මුකේෂ් අම්බානිගේ වත්කම ඩොලර් බිලියන 90.8ක් ලෙස සටහන් වෙනවා.
වසර ගණනාවක් පුරා ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණේ පසුවූයේ මුකේෂ් අම්බානි යි.
අදානි සමූහයට අයත් සමාගම් කිහිපයකම කොටස් මිල ඉහළ ගිය අතර, 'අදානි පවර්' (Adani Power) 1% කින් ද, 'අදානි ටෝටල් ගෑස්' (Adani Total Gas) 2% කින් ද, 'අදානි පෝර්ට්ස්' (Adani Ports) 1.6% කින් ද ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම ශ්‍රේණිගත කිරීම් කොටස් වෙළඳපොළ උච්චාවචනයන් මත පදනම් වන බැවින් ලෝක වෙළඳපොළේ සිදුවන වෙනස්කම් සමඟ මෙම අගයන් නිරන්තරයෙන් වෙනස් විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසන්නේ.