ජාත්‍යන්තර සාම පා ගමන රාජ්‍ය අනුග්‍රහය යටතේ අද ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව පා ගමනට සහභාගී වෙන පඥාකර ස්වාමින් වහන්සේ සමග සාමයේ සුරතලා ලෙසින් හැඳින්වෙන ආලෝකා ''ආලෝකා'' (The Peace Dog) අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියා.
මෙම සාම පා ගමන පඥාකර ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් යුත්, භික්ෂු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙනවා.
අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිවෘක්ෂයේ රෝපිත අංකුරයක් රැගෙන මෙම පා ගමන සිදු කිරීමට නියමිතයි.
අද ප.ව. 3.00ට අනුරාධපුරය ජය ශ්‍රී මහ බෝධින්වහන්සේගේ රෝපිත අංකුරය සාම පා ගමන සිදු කරන භික්ෂූන් වහන්සේලා වෙත භාරදීම සිදුවන අතර ප.ව. 4.00ට රුවන්වැලි සෑය අසල ආගමික වැඩසටහන පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.
ලෝකය පුරා අවධානය දිනාගත් මෙම සුරතලාගේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ සුබ සාධනය සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද සංවිධානය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව, "ආලෝකා"ගේ ආරක්ෂාව ඉතාමත් ඉහළ මට්ටමකින් සපයන බවයි, ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය පවසන්නේ.
එම සංගමය ප්‍රකාශ කරන්නේ, "ආලෝකා" වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන ගිලන්රථ සේවාවක්, ඖෂධ සහ වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර ඇති බවයි.
හදිසි අවස්ථා සඳහා කැපවුණු කාර්ය මණ්ඩලයක්ද සූදානම් කර තිබෙන බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය පවසයි.
