ඒ තමයි "එකම එක වතාවක් හරි මුහුදු රැල්ලක් පාගන්න" තිබුණු ආසාව..
අවුරුදු 100ක් කියන්නේ ලෙහෙසි කාලයක් නෙවෙයි. ඒ කාලය ඇතුළත ඇය ලෝකය වෙනස් වෙන හැටි දකින්න ඇති.
හැබැයි මේ කියන මොහොත වෙනකම් ඇයට මුහුදු රැල්ලක සීතල විඳින්න වාසනාව ලැබිලා තිබුණේ නැහැ.
ඇයගේ මේ පුංචි හීනය ගැන දැනගත්තු ඇයගේ ආදරණීය දරු මුණුඹුරන් තීරණය කළා ඇයව වෙරළට රැගෙන යන්න.
වෙරළට ගිය ඒ මොහොතේ, මුල්ම වතාවට ලුණු රසැති මුහුදු රැල්ලක් ඇයගේ පාදවල වැදෙද්දී ඒ මුහුණේ ඇඳුණු සිනහව දකින ඕනෑම කෙනෙක්ගේ ඇසට කඳුළක් එන එක නතර කරන්න බැහැ.
අවුරුදු 100ක විඩාව එක රැල්ලකින් සේදී ගියා වගේ ඇය ඒ මොහොත වින්දේ හරියට පුංචි දරුවෙක් වගේ.
ජීවිතේ සැබෑ සතුට කියන්නේ මිල මුදල් නෙවෙයි, අපි ආදරය කරන අයගේ මෙන්න මේ වගේ පුංචි හීන ඉෂ්ට කරලා දෙන එකයි.
මේ වගේ ගුණවත් දරු මුණුඹුරන් ඉන්න තාක් කල් ලෝකය තාමත් ලස්සන තැනක්.
අපේ ගෙවල්වල ඉන්න ආච්චිලා, සීයලා දිහා ආපහු හැරිලා බලන්න. සමහරවිට එයාලගේ හිතේත් තියෙන්නේ ඔයාට කරන්න පුළුවන් හරිම පුංචි ආසාවක් වෙන්න ඇති. එයාලා අපිව දාලා යන්න කලින් ඒ හීනවලට පියාපත් දෙන්න අපිත් උත්සාහ කරමු.
මුහුණු පොත ඇසුරෙන්....