ඔන්න ඒ අතරින් ලෝකයේම අවධානය දිනාගත්තු අපූරු තරුණයෙක් ගැන පුවතක් වාර්තා වෙනවා.
ඔහු නමින් විත්‍රාන්ට් රාජ්. පකිස්තානයේ ජීවත් වෙන මේ 18 හැවිරිදි තරුණයා, තමන්ගේ ආගමේ ශාස්තෘවරයාණන් වන බුදුරජාණන් වහන්සේගේ භෞතික පිළිමයක් සැබෑවටම දකින්නේ සිය ජීවිතයේ පළමු වතාවටයි. ඒ පකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ පැවති ප්‍රදර්ශනයකට ගිය වෙලාවකයි. එතෙක් ඔහු බුදුන් වහන්සේව දැක තිබුණේ පරණ පොත්පත්වල තිබුණු බොඳ වූ පින්තූරවලින් පමණයි.
පකිස්තානයේ සින්ද් පළාතේ, ගොට්කි සහ සංඝාර් වැනි දුෂ්කර ගම්මානවල අදටත් බෞද්ධ පවුල් 650ක් පමණ ජීවත් වෙනවා. පුදුමයට කරුණ නම්, ඔවුන්ට ධර්මය කියා දෙන්න එකම හාමුදුරු නමක්වත්, වඳින්න පුදන්න එකම පන්සලක්වත් ඒ රටේ නැතිකමයි. ඔවුන් අදටත් බුද්ධාගම අදහන්නේ පරම්පරාවෙන් පරම්පරාවට කටින් කට ආපු කතන්දර සහ පුරුදු වලින් පමණයි.
ඇයි ඔවුන්ට පන්සලක් නැත්තේ? ඒ පිටුපස තියෙන්නේ හදවත කම්පා කරන කතාවක්. කාලයකට පෙර ඉන්දියාවේ බාබ්රි මස්ජිදය කඩා දැමීමේ පලිය ගන්න පකිස්තානයේ අන්තවාදීන් පිරිසක් එරෙහි වූයේ මේ අහිංසක බෞද්ධයන්ටයි. ඔවුන්ට තිබුණු එකම පන්සලත් ඒ කෝපය හමුවේ කුඩුපට්ටම් වී ගියා.
අදටත් ඔවුන් අලුතින් පන්සලක් හදන්නේ නැහැ. ඒ ඇයි කියලා රාජු රාම් දෙන උත්තරය ඔබේ හදවතටම වදීවි.
"අපි දැන් අසල්වැසි මුස්ලිම් ජනයා එක්ක සාමයෙන් ඉන්නවා. පන්සලක් හදලා ආයෙත් ගැටුමක් ඇති කරගන්න අපිට ඕනේ නැහැ. අපි හැමෝගෙම ගෙවල්වල පුංචි පිළිමයක් තියෙනවා, අපි ඒකට වඳිනවා."
මනුස්සකම වෙනුවෙන් තමන්ගේ ආගමික අයිතිය පවා කැප කළ මේ මිනිස්සුන්ට අදටත් ජාතික හැඳුනුම්පතක්වත් නැහැ. පිටරටකින් හෝ හාමුදුරු නමක් ගෙන්වාගෙන තමන්ගේ ඊළඟ පරම්පරාවට දහම කියා දෙන්නට ඔවුන් කරන මේ අහිංසක ඉල්ලීම ඉටු නොවුණොත්, තක්ෂිලාවේ නටබුන් වගේම මේ අන්තිම බෞද්ධ පරම්පරාවත් ඉතිහාසයටම වැළලී යනු ඇත.