හැබැයි ඒ ගෞරවය කෙළෙසන අතිශය පිළිකුල් සහගත සිදුවීමක් කළුතර නාගොඩ මහ රෝහලෙන් ඊයේ (14) වාර්තා වුණා.
අගලවත්ත, මහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අපස්මාර රෝගය සහ අධික ලෙස බීමත්ව සිටීම නිසා ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කරලා තියෙනවා. මොහුව නතර කරලා තිබුණේ රෝහලේ අංක 22 වාට්ටුවේ. රෝගියාගේ තත්ත්වය පරීක්ෂා කරලා බලන්න එතනට ආවේ තරුණ වෛද්‍යවරියක්.
ඇය තමන්ගේ රාජකාරිය ඉටුකරමින් මේ පුද්ගලයාගේ රුධිර පීඩනය (Pressure) පරීක්ෂා කරන්න සූදානම් වෙද්දී තමයි හිතාගන්න බැරි දේ සිද්ධ වුණේ. රෝගියෙක් විදිහට හිටිය මේ කාමාතුරයා, තමන්ට ප්‍රතිකාර කරන්න ආපු වෛද්‍යවරියගේ පපු ප්‍රදේශය ස්පර්ශ කරමින් අතවර කරලා තියෙනවා.
වෛද්‍යවරිය ඒ වෙලාවෙම ඔහුට දැඩි ලෙස බැන වැදී තිබුණේ මෙවැනි පහත් වැඩ නොකරන ලෙස අවවාද කරමින්. හැබැයි මේ පුද්ගලයාගේ කාම උමතුව එතනින් නතර වෙලා නැහැ. වෛද්‍යවරිය යළිත් තමන්ගේ රාජකාරිය කරන්න උත්සාහ කරද්දී, මොහු දෙවන වරටත් ඒ ආකාරයෙන්ම ඇයට අතවර කරන්න උත්සාහ කරලා තියෙනවා.
මෙම නින්දිත ක්‍රියාව නිසා වහාම ක්‍රියාත්මක වුණු වෛද්‍යවරිය රෝහල් පොලිස් මුරපොළ දැනුවත් කරන්න කටයුතු කළා. ඒ අනුව කළුතර දකුණ පොලිසිය විසින් මේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමන්ට ජීවිතය දෙන්න වෙහෙසෙන වෛද්‍යවරියකට මෙවන් නින්දිත අතවරයක් කිරීම ගැන රෝහල් කාර්ය මණ්ඩලය විතරක් නෙවෙයි මුළු ප්‍රදේශයම ඉන්නේ ලොකු කම්පනයකින්. මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරු මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.