මෙවර තරගයේදී ගාමිණී මහතා තරග වැදුණේ අවුරුදු 55 - 59 වයස් කාණ්ඩය යටතේයි. ලෝකයේ විවිධ රටවලින් පැමිණි දක්ෂතම ක්‍රීඩකයන් 3,800කට අධික පිරිසක් සමඟ කරට කර සටනක් දීලා තමයි ඔහු මේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ.
ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ වීදි පුරා ලාංකේය අභිමානය දිගහැරෙද්දී, රටවල් 130ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30,000ක් ඉදිරියේ ශ්‍රී ලංකා ධජය ඉහළින්ම ඔසවන්න ඔහු සමත් වුණේ අපේ හදවත් ආඩම්බරයෙන් පුරවමින්.
මේක ගාමිණී මහතාගේ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය නෙවෙයි. පසුගිය 2025 වසරේ පැවැති නිව්යෝර්ක් මැරතන් (New York City Marathon) තරගයේදීත් ලෝකඩ පදක්කම දිනාගනිමින් ඔහු ලංකාවට විශාල කීර්තියක් අත්කර දුන්නා. එදා තැබූ පැය 2කුත් විනාඩි 42ක දක්ෂතාවය තවත් ඔපමට්ටම් කරගෙනයි ඔහු මෙවර බොස්ටන් පිටිය ජයගත්තේ.
වර්තමානයේ ඇමෙරිකාවේ ලාස් වේගාස් හි පදිංචිව සිටියත්, ගාමිණී සුගතදාස මහතා හැමවිටම උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියට ගෙනයන්නයි. තමන්ගේ දක්ෂතාවයෙන් සහ නොපසුබට උත්සාහයෙන් ඔහු ලෝකයටම දුන්න පණිවිඩය පැහැදිලියි: "අරමුණක් තියෙනවා නම්, උත්සාහය තියෙනවා නම් වයස කියන්නේ සාර්ථකත්වයට බාධාවක් නෙවෙයි!