Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
16
ඩොලර්වලින් සල්ලි හොයන්න ගිහින් ජීවිතය නැති කරගත්තු නරුම පියෙකුගේ කතාව

- ඩොලර්වලින් සල්ලි හොයන්න ගිහින් ජීවිතය නැති කරගත්තු නරුම පියෙකුගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views


''යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා නම් ලේසියෙන් සල්ලි හොයාගන්න පුළුවන්.


අනික ඩොලර්වලින්නෙ සල්ලි ලැබෙන්නේ. ඒ නිසා ගොඩක් අය චැනල් කරනවා. ටිකක් හොයලා බලලා හිට් වෙන වැඩක් කළා නම් ගොඩ තමයි...'' මේ කතාව නොයෙක් අවස්ථාවලදී අසා තිබූ සුරංගටත් යූටියුබ් නාලිකාවක් පටන්ගන්න සිතෙන්නට ඇත.

එහෙත් තමා ආරම්භ කළ නාලිකාව වැඩි ජනප්‍රසාදයක් ලබාගැනීම සඳහා අසැබි කාන්තා ඡායාරූප එක්කිරීමට සුරංගගේ සිත පෙළඹුණි. එම අමනෝඥ ක්‍රියාව ව්‍යර්ථ වී තිබුණේ ඔහුගේ බිරියගේ දැඩි අකමැත්ත හා අප්‍රසාදය නිසාය. අවසානයේ බිරිඳගේ දැඩි විරෝධය හමුවේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට වූ සුරංගගේ අවකල් ක්‍රියාව බරපතළ හා පිළිකුල් සහගත එකකි.

අන්තර්ජාලයේ යූටියුබ් නාලිකාවක් අරම්භ කිරීමෙන් මුදල් උපයන්නට හැකි බවත් ඒ සඳහා වැඩි වෙහෙස මහන්සියක් නැති බවත් ඇසූ සුරංග මුදල් ඉපැයීමට ඕනෑ දෙයක් කිරීමට හිත හදාගන්නට ඇත. ඒ නිසාම තමන්ටත් යූටියුබ් නාලිකාවක් ආරම්භ කිරීමේ ආසාවෙන් පසුවී ඇත. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සහායක උපස්ථායකයකු ලෙස සේවය කරන අතරතුර යූටියුබ් නාලිකාවක් නිර්මාණය කොට ලාභ උපයන්නට සිතූ මොහු එය හිට්කර ගැනීමට විවිධ උපායන් කල්පනා කළේය.
මේ අතර ඇතැමුන්ගේ උපදෙස් හා කියන ලද විස්තර අනුව සිය යූටියුබ් චැනලය හරහා ලිංගිකත්වය ඉස්මතු කරන ඡායාරූප එකතු කිරීමට ඔහු සිතුවේය. ඒ සඳහා නිරුවත් කාන්තා ජායාරූප එක් කරමින් සිටි සුරංග මේ හරහා වැඩි නැරඹුම් වාර හිමිවනු ඇතැයිද ඒ තුළින් ලක්ෂ ගණනින් මුදල් උපයන්නට හැකි වනු ඇතැයිද කල්පනා කළේය.

මෙහිදී වැඩිදුරටත් අනුමාන කොට ඇත්තේ කොහේවත් නොයා නිරුවත් කාන්තා ඡායාරූප එක්රුස්කර ගැනීම නිවසේ සිටම කරන්නටය. ඒ සඳහා ඔහු කිසිදු බියකින් හෝ ලජ්ජාවකින් තොරව 14 හැවිරිදි සිය දියණිය තෝරාගෙන තිබිණ. ඒ බව ඔහුගේ බිරියට පවසා තිබුණේද උජාරුවෙනි.



''මේවා ලංකාවේ මිනිස්සු බලන්නෙ නෑ. සුළු දෙයයිනෙ කරන්න තියෙන්නෙ. ලක්ෂ 5ක් 6ක් හොයාගන්නත් පුළුවන්...'' එම කතාව ඇසීමත් සමඟ කේන්තියෙන් පසුවූ බිරිය සැමියාට අවලාද නගමින් විරෝධය පෑවාය. එහෙත් අවස්ථා කිහිපයකදී තම එකම දියණියගේ නිරුවත් ඡායාරූප ගැනීම සඳහා මේ නරුම පියා උත්සාහ දරා තිබිණ. එහෙත් දියණියගේ මෙන්ම බිරිඳගේ දැඩි විරෝධය මත ඔහුට එම කාර්යය ඉටුකර ගැනීමට අවස්ථාවක් නොලැබිණි.

මේ හේතුවෙන් සුරංග සිය බිරිය සමඟ නිරතුරුවම ආරවුල් ඇති කරගෙන තිබෙන අතර බිරිඳට පහරදීම පවා සිදුකර ඇත. පසුගිය 3 වැනිදා සවසත් ඔහු බිරිය සමඟ ගැටුමකට මැදිවී ඇත. ගැටුම දුරදිග ගිය අවස්ථාවේ එදින රාත්‍රියේ මෙම නරුම පියා සිය බිරිය සහ 8 හැවිරිදි පුතා නි‍වෙසින් එළියට පන්නා දොර අගුලු දමා දියණිය නි‍වෙස තුළ රඳවා ගෙන ඇත. එසේ තනි කරගත් දැරියගේ නිරුවත් ජායාරූප ගැනීමට බලහත්කාරයෙන් උත්සාහ කළ අවස්ථාවේ කෙසේ හෝ බිරිඳ නිවසට ඇතුළු වී තිබේ. එම අවස්ථාවේ කේන්තියෙන් පසුවූ සැමියා බිරිඳට දම්වැලකින් හා යකඩ පොල්ලකින් පහර දී තිබේ. එහිදී පහර කෑමෙන් වැළකීමටත් සැමියා අඩපණ කරවීමේ අදහසිනුත් බිරිය ඔහුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළාය. ඒ අනුව සැමියාගෙන් තරමක් ලිහිල් වූ බිරිය නිවසේ තිබූ කඩුවක් ගෙන සැමියාගේ දෙපයට හිසට ගෙළට හා තවත් තැන් කිහිපයකට වැරෙන් පහර එල්ල කළාය. ඒ සමගම වේදනාවෙන් බිම ඇදවැටුණු සැමියා ලේ පෙරෙන තුවාල සහිතව නිවසේ සාලය මැද්දේ ජීවිතක්ෂයට පත්ව තිබිණි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සහායක උපස්ථායකයකු ලෙස සේවය කළ වැල්ලව තල්විට බලගහගෙදර පදිංචිව සිටි පී.වී. සුරංග ප්‍රදීප් කුමාර නමැති 37 හැවිරිදි පුද්ගලයකු මෙසේ ඝාතනයට ලක්ව ඇති බව වැල්ලව පොලිසිය වාර්තා කළේය. 14 හැවිරිදි එකම දියණියගේ නිරුවත් ඡායරූප බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ දැරූ නිසා එය වැළැක්වීමට බිරිය විසින් සැමියා කපා කොටා ඝාතනය කොට ඇත. මෙම ඝාතනයට සැකපිට මියගිය පුද්ගලයාගේ බිරිය වැල්ලව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඇය වෘත්තියෙන් ඇඟලුම් කම්හල් සේවිකාවක බව පොලීසිය වාර්තා කළේය.

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණ තිබුණි. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් වැල්ලව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
  
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top