කොළඹ හත, විජේරාම මාවතේ නිවසක තනි ව විසූ කාන්තාවක් අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි කුරුඳුවත්ත පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මිත්‍රාණි ප්‍රනාන්දු ස්මින් නමැති කාන්තාවක් වන අතර මියගිය කාන්තාවගේ සිරුර කාමරයේ බිම උඩුබැලි අතට වැටී තිබෙනු දක්නට ලැබී ඇති අතර, මුඛයේ සහ පපු ප්‍රදේශයේ ලේ පැල්ලම් දක්නට ඇති බව ද පොලීසිය පවසනවා.
මෙය ඝාතනයක් ද සාමාන්‍ය මරණයක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කුරුඳුවත්ත පොලීසිය පරීක්ෂණ පවත්වයි.