මේ පුවත වාර්තා වෙන්නේ වව්නියාව, පරයනාලන්කුලම්, නිලියාමොටෙයි ප්‍රදේශයෙන්..
වයස අවුරුදු 26ක් වෙන මේ කාන්තාව කවදාවත් හිතන්නට නැතුව ඇති තමගේ පරණ පෙම්වතා නිසා තමන්ගේ ජීවිතයට මෙහෙම ඉරණමක් අත්වෙයි කියලා..
තම නිවසක් තුළදී අද (13) කාන්තාවට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඇගේ පරණ පෙම්වතා විසින් බවයි වාර්තා වෙන්නේ..
මෙම මියගිය තරුණිය එකදරු මවක්..
වයස අවුරුදු 24ක් වන එම ප්‍රදේශයේම පදිංචි ඝාතකයා පසුව වෙඩි තබාගෙන සියදිවි නසා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ..
ඒ නිලියාමොටෙයි කොවිල අසලදී.. පරණ ප්‍රේමයක් මේ සිද්ධියට මුල්වී ඇති බවයි පොලීසිය නම් කියන්නේ..