Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
04
"මගේ අසනීප තත්ත්වයට බෙහෙත් හේත් ගන්න, නිවාස කුලී ගෙවන්න අපි තුන්දෙනාට කන්න අඳින්න පාසල් යවන්න.. හැමදෙයක්ම කරන්නේ මගේ තාත්තා ත්‍රිරෝද රථය පදවා හොයන මුදලින්...." උසස් ලෙස සාමාන්‍ය පෙළ සමත්ව, දිරියෙන් ජීවිතය දිනන දියණිය - Photos

- "මගේ අසනීප තත්ත්වයට බෙහෙත් හේත් ගන්න, නිවාස කුලී ගෙවන්න අපි තුන්දෙනාට කන්න අඳින්න පාසල් යවන්න.. හැමදෙයක්ම කරන්නේ මගේ තාත්තා ත්‍රිරෝද රථය පදවා හොයන මුදලින්...." උසස් ලෙස සාමාන්‍ය පෙළ සමත්ව, දිරියෙන් ජීවිතය දිනන දියණිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

ලියනවඩුගේ උෂේනි අනුජානා, බත්තරමුල්ල ජයලංකා සභා කනිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වී කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට ඇතුළත් වීමට එදවස පැමිණියේ දෙමාපියන් දෙපළගේ අත් අල්ලාගෙන හද පිරි සතුටිනි.

සෙසු දැරියන් සමග කෙළිදෙලින් ගතකළ ඒ ස්වර්ණමය යුගය දෙදහස් දහනවය වසරේ දී කඩඉමක් තබන්නේ නොසිතූ නොපැතූ අවස්ථාවකය. හදිසි අනතුරකින් පසු සැත්කමක් සිදුකළ ද දෙපයින් නැඟී සිට දුව පැන්න කෙලි පොඩ්ඩ රෝද පුටුවක් මතට වැටෙන්නේ ජීවිතය උඩු යටිකුරු කරමින්ය.


දුක්ඛ දෝමනස්ස පුංචි උපේනිට අරුමයක් හෝ පුදුමයක් ද නොවූවාය.

දෙපයින් නිරෝගිමත්ව පාසලට පැමිණි පුංචි උපේනි රෝද පුටුවේ වාරුවෙන් නැවත තක්ෂිලාවට අකුරු කරන්නට පැමිණියාය. ඒ ගමනට මුල් පියවර තැබුවේ තම ආදරණීය පියාණන් සමගය.

පියාගේ ත්‍රිරෝද රථය පාසල් බෑගයත්, රෝද පුටුවත් දමාගෙන පාසලට පැමිණි අවස්ථාවේ උපේනිට උදව් කරන්න යෙහෙළියන්, පාසල් කාර්ය මණ්ඩලයේ අය ද ගුරුභවතුන් ද නොපැකිලිව අදටත් කටයුතු කරයි. දැරිය යුවතියක වූ පසුව ද තැන නොතැන කොතැන වුවද දියණිය ඔසවාගෙන හැල්මේ අවශ්‍ය තැනට යෑම උපේනිගේ පියාගේ සිරිතක් බවට දැන් පත්වී තිබේ. ඒ සෙනෙහෙබර පියාණන්ගේ හැටිය.

අධිෂ්ඨානය, උත්සාහය, කැපකිරීම, ධෛර්යවන්ත බව උපේනි දියණියගෙන් බැහැරට යෑමට ඇය පුංචි ඉඩකුදු නොතැබුවේය. රෝද පුටුවට වැටුණු ඇය ජීවිත රෝදයේ දැති කරකවන්නට දින දින උත්සුකවේ. එහි ප්‍රතිඵලය ලෙස මෙවර පැවැති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ නවයක් සහ බී සාමාර්ථයක් ලබාගැනීමට හැකිවිය. ජීවිතයේ කඩයිම් ජයග්‍රහණයක් වූ මෙම විභාග ප්‍රතිඵලය පිටුපස ඇත්තේ මල් පියලි ඇතිරූ මඟක් නොවන බව කොළඹ ආනන්ද බාලිකා විදුහලේ විදුහල්පතිනි ඩබ්. බී. ජී. කුමුදුනි මහත්මිය පැවසුවේ මෙසේය.

හොඳට දුව පැනලා ඇවිද්ද දරුවා, හදිසියේ අසනීප වෙලා පසුකාලීනව ආබාධිත වෙනවා. එහෙම වුණාම ලොකු කුඩා භේදයක් නෑ. කවුරුත් මානසිකව ඇද වැටෙනවා.

නමුත් මේ දරුවා එහෙම වුණේ නෑ. හැබෑම දිරිමත් දරුවෙක්. හැමදාම පාසලට ආවා. ක්‍රීඩාව හැර විෂය සමගාමී හැම දෙයක්ම කළා. ඒ සෑම දේකට ම අනෙක් දරුවන් සමග එක් වුණා. මේ දරුවාගේ තාත්තා හැබෑම තාත්තා කෙනෙක්.

පුදුම කැපකිරීමක් කරන්නේ. පාසල තුළින් කරන්න හැකි සීමාව තුළත් ඉන් එහාට මානුෂිකවත් මේ දරුවොත්, ගුරුභවතුන් ඇතුළු කාර්ය මණ්ඩලය යම් යම් දෙමාපියන් යමක් කරනවා, කළා. ඇත්තට ම විදුහලටත් යම් කීර්තියක් මේ දරුවගේ කැපකිරීම උත්සාහය තුළින් ලබා දුන්නා. විශේෂයෙන්ම මේ විදුහලේ දියණියන්ට නැහැ… බැහැ… කියන වචන දෙක අවශ්‍ය නැති බව උපේනි අනුජනා දියණිය ආදර්ශමත් ලෙස පෙන්නා දුන්නා. මේ දරුවට ඇත්තට ම උදව් උපකාර කළ යුතු දරුවෙක්. ඒ දරුවාම ඒ ගැන ඔබට පවසයි.

මේ විදුහලේ පිහිටීම අනුව ආබාධිත දරුවකුට ගැටලු ගොඩයි. නමුත් සැලෙන් නැතිව මේ දරුවා කටයුතු කිරීම ඇත්තට ම අපි කාටත් ආදර්ශයක්.

පන්ති භාර ගුරුතුමිය වන ශ්‍රියානි වික්‍රමසිංහ මහත්මිය, මේ දියණියගේ අධ්‍යාපන කටයුතු ගැන නිරතුරුව සොයලා බැලුවා. අනුලා විද්‍යාලයේ ආචාරිනි ප්‍රියකාමනික්කුආරච්චි මහත්මිය මාර්ගගත අධ්‍යාපනය ලබා දුන්නා. දරුවාගේ තත්ත්වය තේරුම් ගත්ත හැම දෙනාම කළ හැකි දේ කළා. අම්මලා බුදු බව ලබන්න ඕනි කියනවා. ප්‍රාර්ථනය කරනවා. මේ දියණියගේ තාත්තා ඒ තත්ත්වයට පත්වෙන්න ඕනි කියන එකයි මගේ අහිංසක ප්‍රාර්ථනය. ඒ තරම් අති විශිෂ්ටයි මේ තාත්තා මේ දරුවට කරන කැපකිරීම. බඩට කාලා ඇඳලා සුපිරි රක්ෂාවක් කරලා සුපිරි රථ පාවිච්චි කරලා මේ දරුවා පෝෂණය කරන්නේ නෑ මේ දරුවගේ තාත්තා. ඉතාමත් අසරණ පවුලක දරුවෙක් මේ. නොසැලෙන අධිෂ්ඨානය උත්සාහය මේ දරුවා තුළ මා දැක්කා. එකේ ප්‍රතිඵල තමයි මේ දියණිය අත්කර ගත්තේ යැයි ද පැවසීය.

උපේනි අනුජානා ඉරිදා දිවයිනට මෙසේ පැවසුවාය.

මට ඇත්තට ම ගොඩක් සතුටුයි. මේ වගේ ප්‍රතිඵලයක් අත්කර ගන්න ලැබීම ගැන. අපේ පාසලේ පිහිටීම අනුව පඩිපෙළේ නැඟලා මගේ පන්ති කාමරයට යන්න ඕනි. මමත් රෝද පුටුවත් ඔසවාගෙන යන්න මගේ තාත්තා යෙහෙළියෝ, පාසල් කාර්ය මණ්ඩලය මගේ ගුරු භවතුන් මටත් තාත්තාටත් උදව් කරනවා. අම්මා, තාත්තා සහ මට නංගිලා දෙදෙනෙක් ඉන්නවා. අපි තාමත් ඉන්නේ තැන තැන ගෙවල් කුලියට අරගෙන. ස්ථිර ගෙයක් දොරක් නෑ. මගේ අසනීප තත්ත්වයට බෙහෙත් හේත් ගන්න නිවාස කුලී ගෙවන්න අපි තුන්දෙනාට කන්න අඳින්න පාසල් යවන්න මේ හැම දෙයක්ම කරන්නේ මගේ තාත්තා ත්‍රිරෝද රථය පදවා හම්බුකරන ඒ මුදලින්. අම්මා තාත්තා දෙන්නා මට ඇලිලා ඉන්නේ. පාසලේ විදුහල්පතිතුමිය, ගුරු මණ්ඩලය, පාසලේ සෙසු අය මට කරන අතහිත දීම මම සදා අගයනවා. මගේ ලකුණු අඩුවෙන කොට ටීචර්ස්ලා පුද්ගලිකව හොයලා බැලුවා. උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී සිට සරසවි අධ්‍යාපනය ලැබීම මගේ ඊළඟ අරමුණයි. ඇත්තට ම අපිට ඉන්න හිටින්න තැනක් ලබාදී අපිට පිහිටක් වෙන්න කියලයි මම ඉල්ලීමක් කරන්නේ. ඒක අපට ලොකුම ලොකු උපකාරයක්.

ඩී. කේ. සුචිරා කාන්ති සහ එල්. ඩබ්. රංජිත් නිමල්සිරි උපේනිගේ දෙමාපියන්ය. නිමල්සිරි මහතාට මා දුරකථන ඇමතුමක් ලබා ගන්නා විටත් මාලබේ උසස් අධ්‍යාපන ආයතනයක තුන් මහල් ගොඩනැඟිල්ලේ සිය දියණිය ඔසවාගෙන පියගැට පෙළ නඟිමින් සිටියේය. මහත්තයෝ මගේ දරුවා ඉගෙන ගන්න ආසයි. දක්‍ෂයි. මට මේ දරුවටත් අනෙක් දරුවන් දෙන්නාටත් උගන්නා ගන්න ඕනි. තනි මට දැන් මේ ඔක්කෝම කරන්න බෑ. ත්‍රීවීලර් එක එලවලා හම්බකරන පනම් හතරෙන් තමයි මේ ඔක්කෝම කරන්නේ. ඉන්න හිටින්න ස්ථිර තැනක් නෑ. මහත්තයට ඇහෙනවද… දරුවා වඩාගෙන යන්නේ මට හැකී මහත්තයෝ. තව තවත් අපි විඳින දුක් ගැහැට ගැන කියන්න ඕනි නෑ. මේ ටික දැනගත්තම කාගේ හරි හිත උණු වෙලා අපි ගැන හොයලා බලලා පිහිටක් වෙයිනේද මහත්තයෝ.

මෙම පවුලට යමක් කරන්න හැකි නම් 0712883355 දුරකථන අංකයට කතාකර අවධානය යොමු කරන්නේ නම් ඔවුනට විශාල අස්වැසිල්ලක් වනු නො වනුමානය.

නිමල් දයාරත්න
දිවයින



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top