Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
21
"මේ වගේ විශාල ගෙඩියක් ඉවත් කරපු සැත්කමක්, විදේශයන්හිවත් සිදුකර නැති බවක් තමයි අපට පෙනුණේ.... කිලෝ එකක ගෙඩියක් සාර්ථකව ඉවත් කළ, බදුල්ල මහ රෝහලේ වෙද දෙවිවරු - Photos

- "මේ වගේ විශාල ගෙඩියක් ඉවත් කරපු සැත්කමක්, විදේශයන්හිවත් සිදුකර නැති බවක් තමයි අපට පෙනුණේ.... කිලෝ එකක ගෙඩියක් සාර්ථකව ඉවත් කළ, බදුල්ල මහ රෝහලේ වෙද දෙවිවරු - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

ස්ථානය බදුල්ල මහ රෝහලයි.

මීට දෙසතියකට පමණ පෙර රෝහලට පැමිණි රෝගියකු පැවසුවේ තමන්ට විවිධ අපහසුතා ඇති බවත් කුසගින්නක් තිබුණ ද ආහාර පවා අවශ්‍ය පමණට ගත නොහැකි බවයි.

ඔහුගේ රෝග නිදානය විමසා බලා පරීක්ෂා කළ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා ඔහු රෝහලට ඇතුළත් කළේය. ඒ කායික වෛද්‍ය පරීක්ෂණ සඳහාය.


සාමාන්‍ය වාට්ටුවේදී ඔහු පරීක්ෂා කළ කායික විශේෂඥ වෛද්‍යවරයා ඔහුට පෙර ස්නායු සැත්කමක් සිදු කර ඇති බව දැන ගත්තේය. එයින් පසු අදාළ රෝගියා යොමු කෙරුණේ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය වෙතය.

ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලක්මාල් හේවගේ වෙත යොමු වූ රෝගියා පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා ඔහුගේ රෝග නිදානය ගැනද මැනවින් සොයා බලා පෙර සැත්කම සිදු කළ ආකාරයත් විමර්ශනය කර අවසානයේ තීරණය කෙළේ අදාළ රෝගියා ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ යුතු බවටයි.

අදාළ ස්කෑන් පරීක්ෂණය පසු දිනම සිදු කෙරිණි. එම පරීක්ෂණයේ ප්‍රතිඵල පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා පුදුමයට පත් විය. අදාළ රෝගියාගේ ආමාෂයද ඇතුළත් වන සේ උදර කුහරයෙන් අඩක් පමණ වැසෙන සේ විශාල ගෙඩියක් එහි නිරීක්ෂණය විය. ඒ සම්බන්ධයෙන් තව දුරටත් සොයා බැලූ වෛද්‍යවරයාට පෙනී ගියේ අසාමාන්‍ය ගෙඩියක් ලෙසින් එය ක්‍රමයෙන් වර්ධනය වන බවකි.

එය ඔහුගේ ජීවිතයට තර්ජනයක් වන බව දැනගත් වෛද්‍යවරයා එය වහාම ශල්‍ය කර්මයක් මඟින් ඉවත් කළ යුතු බව තීරණය කෙළේය‍. එහෙත් මෙහිදී විශාල අභියෝගයක් විය. ඒ මින් පෙර එවන් විශාල ගෙඩියක් ස්නායු සැත්කමක් හා සම්බන්ධිතව ඉවත් කරන්නට සිදු නොවීමයි.

ඔහු ඒ සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න දැනුම්වත් කෙළේය.

සැත්කමේ භාරධූරත්වය ගැන සාකච්ඡා කෙළේය. ඒ වෙනුවෙන් අවශ්‍ය වෛද්‍යවරු හා අවශ්‍ය කාර්ය මණ්ඩලය නිසි පරිදි යෙදවීමට අධ්‍යක්ෂවරයාද කටයුතු කෙළේය.

සැත්කමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වූයේ ඒ ලෙසිනි. විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම ඒ සඳහා එක් විය. මේ සැත්කම උදෙසා නිර්වින්දන වෛද්‍යවරයා ලෙස කටයුතු කෙළේ විශේෂඥ වෛද්‍ය ඉඳුනිල් කරුණාරත්න ය.

සැත්කම පැය 6කට අධික කාලයක් සිදු කර එය සාර්ථකව නිම කරන්නට වෛද්‍යවරුන්ට හැකි විය. ඒ ගැන පියවරෙන් පියවර ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලක්මාල් හේවගේ පැහැදිලි කෙළේය.

‘‘ මේ රෝගියා රෝහලට ඇතුළත් කිරීමෙන් පස්සෙ එයාට කලිනුත් ස්නායු සැත්කමක් සිදු කර තිබීම නිසා අපි වෙනත් රෝගීන්ට වඩා වැඩි අවධානයක් යොමු කළා. ස්කෑන් පරීක්ෂණයෙන් පස්සෙ අපට පෙනී ගියා මේ රෝගියාගේ කටී කෂේරුකාව ආශ්‍රිතව ගෙඩියක් වර්ධනය වෙමින් පවතින බව. එය කටී කශේරුකාවෙන් හටගත් අසාමාන්‍ය ගෙඩියක් බවත් අපට පැහැදිලි වුණා.

ඒ වෙනකොට ආමාෂයේ උදර කුහරයෙන් භාගයක් විතර පිරෙන තරමට මේ ගෙඩිය වර්ධනය වෙලා තිබුණා. විශේෂයෙන්ම මේ නිසා සුසුම්නාව, අක්මාව, දකුණු වකුගඩුව වැනි ශරීරයේ ජීවත් කරවීමට අත්‍යාවශ්‍යම ඉන්ද්‍රියයන් පසෙකට තල්ලු කරගෙන තමයි මේ ගෙඩිය වර්ධනය වෙමින් තිබුණේ. මේ තත්ත්වය තව දුරටත් පැවතුණහොත් ඒ ඉන්ද්‍රියයන්ට හානි වීමට ඉඩ ඇති බවත් අපට නිරීක්ෂණය වුණා.

විශේෂයෙන්ම මුත්‍රා නාළ අවහිර වුණොත් වකුගඩු ක්‍රියාකාරීත්වය අඩපණ වෙන්න පුළුවන් කියලා අපට පැහැදිලි වුණා. ඒ වගේම තමයි අක්මාව, පිත්තාශය තදවීමක් ඇති වුණොත් ඒවායේ ක්‍රියාකාරීත්වයට විශාල බලපෑමක් ඇති විය හැකි බවත් අපට නිරීක්ෂණය වුණා. අනෙකක් තබා ප්‍රධාන රුධිර වාහිනියටත් ගෑවිලා වගේ තමයි මේ ගෙඩිය තිබුණේ.

එවන් ගෙඩියක් සැත්කමකින් ඉවත් කිරීම පහසු නැහැ. ඒ විතරක් නෙමෙයි මේ වගේ විශාල ගෙඩියක් ඉවත් කරපු සැත්කමක් විදේශයන්හිවත් සිදු කර නැති බවක් තමයි අපට පෙනුණේ. ඒක නිසා මේ සැත්කම විශාල භාරධූර කාර්යක් බව අපට පසක් වුණා.

ශල්‍ය වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපි සැත්කමට සූදානම් වුණේ මීට පෙර කිසිදා නොකළ සැත්කමක් උදෙසා. නමුත් අපි අභියෝග බාර ගැනීම කිසිසේත්ම අත් හරින්නේ නැහැ. බදුල්ල රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් මීට පෙර වකුගඩු සැත්කම් පවා සිදු කළා. ඒ නිසා මේ අභියෝගයත් අපි බාර ගත්තා. අධ්‍යක්ෂවරයාගේ පූර්ණ සහාය ඒ වෙනුවෙන් ලැබුණා.

ඇත්තෙන්ම ශල්‍ය වෛද්‍යවරුන් පමණක් නෙමෙයි, රෝහලේ සියලු වෛද්‍යවරුන් රෝගීන් වෙනුවෙන්ම කැපවීමෙන් කටයුතු කරන්නේ. සැත්කම සිදු කිරීමේදී අපට විශාල අභියෝගයක් වුණේ වකුගඩු මුත්‍රා වාහිනී ඇතුළු අනෙකුත් ඉන්ද්‍රියයන්ට කිසිදු ආකාරයක හානියක් නොවන සේ සැත්කම සිදු කිරීමයි. ඒ වෙනුවෙන් මෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනුරාධ විජේවර්ධන, පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ නිරෝෂන් අටලුගමත් සහභාගි වුණා.

මෙහිදී විශේෂයෙන්ම මාත් එක්ක සැත්කම සිදු කළ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ දුල්මින් පෙරේරා හා සහාය ලබා දුන් ශල්‍ය වෛද්‍ය නිශාන්ත ලියදිපිටත් මතක් කළ යුතුයි.

‘මේ වෛද්‍යවරුන් පමණක් නෙමෙයි. ශල්‍ය කර්මය නිමාවන තෙක් විශේෂ කැපවීමකින් අවසන් අවස්ථාව දක්වාම සියලු කටයුතු සඳහා සහාය දෙමින් කටයුතු කළා. එහිදී හෙද හා උපස්ථායක ඇතුළු සියලු දෙනාම මේ සැත්කම වෙනුවෙන් පැය 6ක් තිස්සේ විශේෂ කැපවීමකින් කටයුතු කළා. අපේ උත්සාහය හා අභියෝගය භාර ගැනීම නිසා රෝගියාගේ සැත්කම නිසි පරිදි සිදු කර කිලෝ එකක් පමණ බරකින් යුක්ත වුණු එම ගෙඩිය ඉවත් කිරීමට අපට හැකි වුණා. ඇත්තෙන්ම එය අසාමාන්‍ය ගෙඩියක් නිසි අවස්ථාවේදී රෝගියා රෝහලට පැමිණීම නිසා එය ඉවත් කිරීමට හැකි වීම රෝගියා ලද භාග්‍යයක්.

යම් අයුරකින් රෝගියා තවත් කාලයක් ගොස් පැමිණියානම් මේ සැත්කම මීට වඩා භාරධූර වන්නට හෝ රෝගියාට මීට වඩා වෙනත් ආබාධ හට ගන්නට තිබුණා.

සැත්කම සාර්ථකව නිම කරන්නට අපට හැකිවීම ගැන ලොකු සතුටක් සැමටම ඇති වුණා. මීට පෙර සුසුම්නාව හො කශේරුකාව ආශ්‍රිතව මෙවන් විශාල ගෙඩියක් අප දැක නැහැ. ශල්‍ය වෛද්‍ය සී අංශයේ සිට මේ ශල්‍ය කර්මයේ අප සිදු කළේ. සහාය දුන් සියලු දෙනාටම අප ස්තුතිය පළ කරනවා.

පැය 6ක පමණ සැත්කමක් සිදු කිරීම පහසු කාර්යක් නෙමෙයි.‘‘ සැත්කමේ තවත් භාරධූර කාර්යක් සිදු කළ නිර්වින්දන වෛද්‍ය ඉඳුනිල් කරුණාරත්න පැවසුවේ පැය 6ක සැත්කමක් සිදු කිරීම පහසු කාර්යක් නොවන බවත් රෝගියා විශේෂ නිර්වින්දන තත්ත්වයක් යටතේ පවත්වාගෙන යෑමට සිදුවන බවයි.

‘‘එහිදී පැය 6ක විශේෂ නිර්වින්දන හෘද ස්ථායිථා නිර්වේදන ක්‍රමවේදයන්ට අනුගතව ශරීර උෂ්ණත්වය සමබරව පවත්වා ගෙන යමින් කටයුතු කරන්න සිදු වුණා. පැය 6ක් රෝගියා නිර්වින්දනයෙන් තබා ගැනීම මෙන්ම රෝගියාගේ පියවි සිහි තත්ත්වයට පැමිණීම දක්වා වන භාරදූර කාර්යක් තියෙනවා‘‘

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදු කළ මේ විස්මිත සැත්කම ඇත්තෙන්ම මෙරට ඉතිහාසයේ මීට පෙර සිදු නොකළ සැත්කමකි. එවන් සැත්කමක් විදෙස් රටවලද සිදු කර ඇත්දැයි සැක සහිතය. ශල්‍ය කර්මයෙන් පසුව රෝගියා සුවපත් වෙමින් සිටින බවත් ඔහු සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් වෛද්‍යවරු පවසති.

කලකට පෙර විදෙස් ගතව සිට පැමිණි ඇති මේ පුද්ගලයා මේ වන විට මෙරට දුරකතන සමාගමක රියදුරකු ලෙස කටයුතු කරන බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

භාරධූර සැත්කමක් මඟින් ඔහුගේ උදරයෙන් ඉවත් කළ කිලෝ එකක පමණ බරින් යුත් ගෙඩිය තව කාලයක් වර්ධනය වූවා නම් ඔහුගේ ඉන්ද්‍රියයන්ට හානි වී ඔහුගේ ජීවිතයට එය විශාල බලපෑමක් වනු ඇත. එහෙත් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදු කළ මේ විස්මිත සැත්කම නිසා ඔහුට එවන් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වූයේ නැත.

කොළඹ ඇතුළු පහසුකම් සපිරි රෝහල් කරා යාමට නොහැකි ආර්ථික මට්ටමින් ඉතා අඩුම පහසුකම් ඇති මොනරාගල, බිබිල, මැදගම, සියඹලාණ්ඩුව වැනි ප්‍රදේශවල පමණක් නොව අම්පාර පොතුවිල් වැනි ප්‍රදේශවල ජනතාවට පවා විශාල පිළිසරණක් වන්නට බදුල්ල මහ රෝහල සැම විටම සැදී පැහැදී සිටී.

ඉන්ධන නොමැතිව වෛද්‍යවරුන්ටද මහ පාරේ පෝලිම්වල සිටි අවදියේ පවා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු ඒ ගැන ළත නොවූහ. ඔවුහු පාපැදියෙන් රෝහල් කරා පැමිණියහ. සමාජ මාධ්‍ය මඟින් එය ඇගැයීමට පවා ලක් කර තිබුණි. ඒ සේවයට කැපවීමය. අද අප දකින්නේද ඒ සේවය උපරිමයෙන් සිදු කරන්නට ගත් වෙහෙසකි. දිවා රෑ නොබලා අඩුම තරමේ වතුර උගුරක් පානය කරන්නට පවා නොගොස් සිදු කරන්නා වූ මේ සේවාව ගැන අගය කරමින් වදන් ගොනු කරන්නට අපට හැකියාවක් නැත. එය එතරම් අගය කළ යුතු දිරි දිය යුතු සේවාවකි.

කොවිඩ් 19 සමයේද සුව දෙවිවරුන් ලෙස ඔවුන් හඳුන්වා අගය කරන්නට කටයුතු කෙළේ ඒ සේවාව වෙනත් කිසිවකුට කළ නොහැක්කක් නිසාය. වැඩි වැටුප් වෙනුවෙන් රට හැරදා ගොස් මවුබිම දෙසවත් නොබලන පිරිස් අතරේ මෙවන් වෛද්‍යවරුන් අප අගය කළ යුත්තේ ඔවුන් සේවාවට එහා ගිය කැපවීමක් සිදු කරන හෙයිනි. එය අදත් හෙටත් අගය කළ යුතුමය.

සේයාරූ නිශාන්ත අබේගුණවර්ධන,
බදුල්ල සමූහ වාර්තාකරු
සිළුමිණ



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top