Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
24
කුසල්ගේ අඹ යාළුවා වෙලා ඉඳලා මුදලට තරඟ පවාදෙන්න කීවැයි කියන ගයාන් සියල්ල හෙළිකරයි

- කුසල්ගේ අඹ යාළුවා වෙලා ඉඳලා මුදලට තරඟ පවාදෙන්න කීවැයි කියන ගයාන් සියල්ල හෙළිකරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views

මම පදින්නේ BMW, මොන්ටේරෝ
කුසල් ආශ්‍රය කරන්න පටන් අරන් අවුරුදු 4ක් ලු

පහුගිය දවස්ටිකේ අපේ ක්‍රිකට් ටීම් එකේ කොල්ලෝ ගැන අහන්න ලැබුණු හොඳ ආරංචි නෙවෙයි. නවසීලන්තේ ගිහින් මැච් ටිකත් පැරදුණු අතරේ රංගනට කුසල්ට මුදලට තරඟ පවාදෙන්න කියපු සිද්ධියක් ගැන රටපුරාම කතාවක් ඇතිවුණා. අන්තිමට රංගනට කුසල්ට වගේම මැතිව්ස්ටත් FCID එකෙන් අහන ප්‍රශ්න වලටත් උත්තර දෙන්න වුණා.

ඔය අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනූෂ සමරනායක වගේම ගයාන් විශ්වජිත් කියන දෙන්නගේ වැඩ තාවකාලිකව තහනම් කළේ මේ පරීක්ෂණ ඉවර වෙනකම් කියලා. කොහොම වුනත් පුවත්පත් වගේම බොහෝ වෙබ් අඩවිවල ගියේ කුසල්ට මුදලට තරඟ පවාදෙන්න කියලා කීවේ ගයාන් විශ්වජිත් කියන කෙනාලු කියලා. මේ ගැන ගියපු කතාවලට ගයාන් මේ වෙනකොට උත්තර දීලා තියෙනවා.


කුසල් කියන්නේ තමන්ගේ කවුද, කොයි කාලයක ඉඳන් එයාව ආශ්‍රය කරනවද වගේම තමන්ට තියෙන බිස්නස් ගැනත් ගයාන් කියනවා. ඒ වගෙම ඔහු කියන්නේ මේ කරන චෝදනා බොරු ඒවා කියලා.

ඒ විදියට ගයාන් එක්ක සතිඅන්ත පුවත්පතක් කරපු සංවාදය පහතින් බලන්න.....

ප්‍රශ්නය - ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ලෙස ඔබට තිබෙන අතීතය කොහොමද...? විශේෂයෙන්ම පාසල් ක්‍රීඩකයකු ලෙස...?
පිළිතුර - මගේ පාසල පන්නිපිටිය ධර්මපාල විදුහල. පාසල් කාලයේ ඉඳලම මම වයස අවු. 13 න් පහල ක්‍රීඩා කළා. ඒ කාලේ මම 13 න් පහළ සෙල්ලම් කරනකොටම මම විදුහලේ අවු. 19 න් පහළ කණ්‌ඩායමෙත් ක්‍රීඩා කළා.

ප්‍රශ්නය- ඔබ ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් බොහෝමයක්‌ ඇසුරු කරනවා නේද...?
පිළිතුර - ඇත්තටම කණ්‌ඩායමේ සිටින ඇතැම් ක්‍රීඩකයන් සමඟ ඉතාම කිට්‌ටු ඇසුරක්‌ තිබුණා. මොකද සමීප ඇසුරක්‌ පවත්වන්න හේතුව මම ක්‍රිකට්‌ ක්‍රීඩාවට සෑහෙන්න ආදරය කළ නිසා. මගේ පොඩි කාලේ ඉඳන්ම තිබුණ හීනයක්‌ තමයි හොඳ ක්‍රීඩකයෙක්‌ වෙන එක. ඒ හින්දම මම ක්‍රිකට්‌වලට වැඩි අවධානයක්‌ පසුගිය කාලයේදී යොමු කළා.

ප්‍රශ්නය - ඔබට දැඩි චෝදනාවක්‌ එල්ල වෙලා තියෙනවා මුදලට තරග පාවාදීමට ක්‍රීඩකයන් පොළොඹවා ගැනීමට උත්සාහ කළා කියන එක. මේ නිසා ඔබට පසුගියදා ක්‍රිකට්‌ මහ ගෙදර සහ ඒ හා සම්බන්ධ කිසිම තැනකට යැමත් තහනම් කළා...?
පිළිතුර - මමත් ඔය කියන දේවල් සියල්ල මාධ්‍ය හරහා දැක්‌කා. ක්‍රිකට්‌ මහගෙදර තහනම් වෙලා කිව්වට මට මහගෙදරත් එක්‌ක සම්බන්ධකමක්‌ ඇත්තටම තිබුණේ නැහැ. ක්‍රිකට්‌ ක්‍රීඩාවට ආස නිසා මම දැල් පුහුණු පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරලා තියෙනවා. එච්චරයි.

ප්‍රශ්නය - දැල් පුහුණු පන්දු යවන්නකු වීමට පදනම ගොඩනැඟෙන්නේ කොහොමද..?
පිළිතුර - මම පසුගිය කාලයේ වෙළෙඳ සේවා බී කාණ්‌ඩය යටතේ ක්‍රීඩා කිරීම හරහා. ඉතිං අපි ක්‍රීඩා කළ බී කාණ්‌ඩය යටතේ සෙල්ලම් කරන්නේ ගොඩක්‌ම ජාතික තලයේ ක්‍රීඩකයන්. ඒ සම්බන්ධව පුහුණුවීමක්‌ ලබාගන්න තමයි මම ක්‍රිකට්‌ ආයතනයට සම්බන්ධ වෙලා දවස්‌ දෙකක්‌ පන්දු යෑවීමට ගියේ.

ප්‍රශ්නය - ඔබ ගැන සමාජ වෙබ් අඩෙවිවල මෙන්ම පුවත්පත්වලත් විවිධ දේ පළ වෙනවා. මොනවද ඒ ගැන හිතන්නේ...?
පිළිතුර - මට හරි කනගාටුවක්‌ ඇතිවෙනවා මේ වගේ දේවල් මාධ්‍යවල පළවීමෙන්. මොකද මම මෙච්චර කාලෙකට මගේ කීර්තිනාමයට හානි කරගෙන නැහැ. මං නීත්‍යනුකූල නොවන කිසිම දෙයක්‌ කරපු පුද්ගලයෙක්‌ නොවෙයි. ඉතිං දැන් මගේ නම අපකීර්තියට පත්වීම පිළිබඳව මට හරි වේදනාවක්‌ ඇති වෙලා තියෙනවා. ගොඩක්‌ අය මට කතා කරලා දේවල් අහනවා. ඉතිං මම කරපු නැති දෙයක්‌ මාධ්‍යවල පළ වෙනකොට සෑහෙන වේදනාවක්‌ ඇතිවෙනවා.

ප්‍රශ්නය - ඔබගේ නමත් සමඟ කියෑවෙන නමක්‌ තමයි වේග පන්දු පුහුණුකරුවකු වන අනුෂ සමරනායක මහතාගේ නම. කොහොමද ඔය දෙන්නගේ යාළුකම පටන් ගන්නේ...?
පිළිතුර - මට මතක විදියට අනුෂ අයියාව මට මුණ ගැහෙන්නේ දැනට අවුරුදු එකහමාරකට දෙකකට කලින් මගේ යාළුවෙක්‌ගේ උපන්දින සාදයකදී. මට හරියටම මතක නැහැ උපන්දින සාදකයකදී වගේ තමයි. එදා ඉඳලා තමයි අපේ යාළුකම ටික ටික වැඩි දියුණු වුණේ.

ප්‍රශ්නය - කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කී දෙනෙක්‌ විතර ඔබ ළඟින් ආශ්‍රය කරනවාද...?
පිළිතුර - යාළුකම කියන්නේ හැමෝම සමඟ කිට්‌ටුම සම්බන්ධයක්‌ නැහැ. හැබැයි ගොඩක්‌ අය ආශ්‍රය කරනවා. කුසල්ව නම් ආශ්‍රය කරන්න පටන් ගත්තේ දැනට අවුරුදු 4 කට 5 කට විතර කලින්. එයාව අඳුරගත්තේ එයාගේ ඥාති සහෝදරයෙක්‌ හරහා. එතකොට කුසල් ශ්‍රී ලංකාවට සෙල්ලම් කරලා හෝ මුකුත්වත් කරලා තිබුණේ නැහැ. මම ගිය සාදයකදී කුසල්ගේ ඥාති සහෝදරයා මට කුසල්ව අඳුන්වලා දුන්නා. එහෙම අඳුරගෙන එයා ක්‍රිකට්‌ ගහනවා කියපු නිසාත් මම ක්‍රිකට්‌වලට ආදරය කරන්නෙක්‌ නිසාත් අපේ ආශ්‍රය පටන් ගත්තේ. එතකොට එයා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරන්න හිතලාවත් නැහැ. ඒ කාලේ ඉඳන්ම ඉතින් අපි දෙන්න ක්‍රිකට්‌ ගැන ගොඩක්‌ දේවල් කතා කළා.

ප්‍රශ්නය - ඔය කියන හමුවීම කොච්චර කාලයකට කලින්ද සිදුවුණේ...?
පිළිතුර - අවුරුදු 4 කට හෝ 5 කට කලින් මගේ මතකයේ විදියට.

ප්‍රශ්නය - ඒ කාලයේ ඉඳන් ඔයාලාගේ යාළුකම කොයි විදියටද පැවතුණේ...?
පිළිතුර(- ඇත්තටම අවු. 4 කට 5 කට කලින් මගේ උපන් දින සාදවලට පවා කුසල් ඇවිල්ලා තියෙනවා. ඒ ආශ්‍රය තිබ්බා. පසුකාලීනව ඔහු ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරන්න පටන් ගත්තට පස්‌සෙත් සහ මම ක්‍රිකට්‌වලට ලැදි හින්දා එයත් එක්‌ක ගොඩක්‌ පුහුණුවීම් පවා කරලා තියෙනවා. එයා පන්දුවට පහර දෙනකොට මම පන්දු යවලා තියෙනවා
.
ප්‍රශ්නය - ඔබ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් කුසල්ගේ රසිකයෙක්‌ද..,?
පිළිතුර - ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ගත්තහම මෑත කාලයේදී මම දැකපු හොඳම ක්‍රීඩකයක්‌. මම ඔහුට හරි කැමැතියි.

ප්‍රශ්නය - කුසල් සහ ඔබගේ පවුලේ උදවිය අතර සම්බන්ධය සහ ඔබ සහ කුසල්ගේ ගෙදර අය අතර සම්බන්ධය කොහොම එකක්‌ද...?
පිළිතුර - ඇත්තටම මම කුසල්ගේ ගෙදර යනවා. කුසල්ගේ අම්මයි තාත්තයි මාත් එක්‌ක ගොඩක්‌ සමීපයි. ඒ දෙන්නත් හරි හොඳයි. කුසල් අපේ ගෙදරත් ඇවිල්ලා තියෙනවා. මගේ අම්මවත් දන්නවා. කුසල් එක්‌ක තමයි ළඟින්ම ආශ්‍රය කළේ. පසුගිය අවුරුද්දක්‌ එකහමාරක කාලය අපි ඉතාමත් ළඟින් ආශ්‍රය කළා.

ප්‍රශ්නය - ඔබ මත්පැන් පානය කරනවද..?
පිළිතුර - මත්පැන් පානය කළා. නමුත් දැන් අවුරුද්දක වගේ කාලයක ඉඳන් මම මත්පැන් පානය කරන එක නතර කරලා තියෙන්නේ...

ප්‍රශ්නය - ක්‍රිකට්‌ ක්‍රීඩකයන් එක්‌ක ඔබ මත්පැන් පානය කරලා තියෙනවද..?
පිළිතුර - සාදවලදී පානය කරලා තියෙනවා.

ප්‍රශ්නය - ඔබට එල්ල වන තවත් චෝදනාවක්‌ තමයි ඔබ තරග පාවාදීම සිදුකරනු ලබන ඒජන්තවරයෙකු ලෙස කටයුතු කරනවා කියන එක...? මේක මහා විශාල චෝදනාවක්‌..?
පිළිතුර - ඒක නම් තනිකර අසත්‍ය චෝදනාවක්‌. මොකද මම තරග පාවාදෙන්න තියා එහෙම කිසිම කෙනෙක්‌ව දන්නේ නැහැ. මම ඒ සම්බන්ධව කිසිම කෙනෙක්‌ ඇසුරු කරලාත් නැහැ. මම දන්නෙත් නැහැ. ඔය කතාවේ සත්‍යතාවක්‌ නැහැ. ඕන තැනක ඕන කෙනෙක්‌ට පරීක්‍ෂණයක්‌ පවත්වලා ඒක බලන්න පුළුවන් ඒ ගැන. කිසි ප්‍රශ්නයක්‌ නැහැ.

ප්‍රශ්නය - ඔබ කියන්නේ ඒ සම්බන්ධව විනිවිදභාවයක්‌ තියෙනවා කියලද...?
පිළිතුර - අනිවාර්යයෙන්ම විනිවිදභාවයක්‌ තියෙනවා. මට මං ගැන විශ්වාසයි. කිසි ප්‍රශ්නයක්‌ නැහැ. ඕන පරීෂණයක්‌ කළත් මම නිර්දෝෂී වෙනවා.

ප්‍රශ්නය - ඔබ ව්‍යාපාරිකයෙක්‌ කියලා කිව්වා. කොයිවගේ ව්‍යාපාරද ඔබට තියෙන්නේ...?
පිළිතුර - මම ව්‍යාපාර කටයුතු ගණනාවක්‌ කරනවා. ප්‍රධාන වශයෙන්ම ඉලෙක්‌ට්‍රොනික්‌ භාණ්‌ඩ ගෙන්වනවා. ඒ සම්බන්ධව කටයුතු කරනවා. ඊට අමතරව මුදල් ආයෝජනය කිරීම. එතකොට අපිට යෝගට්‌ නිෂ්පාදන ආයතනයක්‌ තියෙනවා.

ප්‍රශ්නය - මේ දවස්‌වල මාධ්‍යයේ ඔබව උලුප්පලා පෙන්වන නිසා ප්‍රසිද්ධ චරිතයක්‌ වෙලා...?
පිළිතුර - ඇත්තටම හරිම කනගාටුයි. චරිතයක්‌ බවට පත්වෙලා ජනප්‍රිය වෙලා තියෙනවා. හැබැයි ජනප්‍රිය වෙලා තියෙන්නේ හොඳ පැත්තට නොවෙයි. මම අකමැති ඒ ජනප්‍රියත්වයට. මොකද මම හොඳ නමක්‌ සහ තත්ත්වයක්‌ තියාගෙන මෙච්චර කාලෙකට හිටපු කෙනෙක්‌. ඉතිං ඒක එක මොහොතින් නැතිවෙලා තියෙනවා. මං ගැන දන්න අය මං ගැන දැනගනියි.

ප්‍රශ්නය - ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය නියෝගයක්‌ නිකුත් කරනවා ක්‍රිකට්‌ සම්බන්ධ කිසිම කටයුත්තකට ඔබට මින් ඉදිරියට සම්බන්ධ වෙන්න බෑ කියලා. ඔබට එහෙම නිල දැනුම් දීමක්‌ කරලා තියෙනවද..?
පිළිතුර - මට කිසිම දැනුම්දීමක්‌ කරලා නැහැ. මමත් රූපවාහිනියෙන් තමයි ඒ බව දැනගත්තේ. ඒ හැරෙන්න ඒ සම්බන්ධව කිසිදු ලිත දැනුම් දීමක්‌ හෝ කිසිම කෙනෙක්‌ කතා කරල මුකුත් කියලා නෑ.

ප්‍රශ්නය - එල්ලවන ප්‍රධානම චෝදනාව තරග පාවාදීම සඳහා කුසල් පෙරේරාට ලක්‌ෂ 100 ක්‌ ලබාදෙන්න හැදුවා කියලා...?
පිළිතුර - කුසල්ට මම ලක්‍ෂ 100 ක්‌ ඉදිරිපත් කරන්න..,? මම දන්නේ නැති දෙයක්‌ කොහොමද කියන්නේ. ඔය කියන සූදුව කොහොද තියෙන්නේ කියල දන්නෙ නැතුව ලක්‌ෂ 100 ක්‌ ඉදිරිපත් කරලා මම මොකද්ද කරන්නේ. මට එච්චර ලක්‌ෂ 100 ඒවා දෙන්න වත්කමක්‌ නැහැ. මං කාත් එක්‌ක ගනුදෙනු කරන්නද කියන ප්‍රශ්නය තමයි මට තියෙන්නේ. ඒ චෝදනාව මම තරයේ ප්‍රතික්‌ෂේප කරනවා.

ප්‍රශ්නය - කුසල් සමඟ ආශ්‍රයේදී ඔබ කොයි වගේ දේවල්ද ඔහුත් එක්‌ක කතා කරලා තියෙන්නේ...?
පිළිතුර - කුසල් එක්‌ක කතා කරනකොට ගොඩක්‌ දේවල් කතා කරලා තියෙනවා. ඇත්තටම පෞද්ගලික දේවල් අපි හැම දෙයක්‌ම කතාබහ කරනවා. කුසල් එක්‌ක ඉන්න වෙලාවට සෑම වෙලාවෙම ක්‍රිකට්‌ ගැන නම් මුල ඉඳලා අග වෙනකම්ම මම කතා කරනවා. මොකද මම ක්‍රිකට්‌ ගැන දැනගන්න ආස නිසා. අපේ කණ්‌ඩායම කොහොමද..? ක්‍රීඩකයෝ කොහොමද...? ඒ හැම දෙයක්‌ම මම කතා කරනවා. ක්‍රිකට්‌ සම්බන්ධවම විතරක්‌ නොවෙයි හැම දෙයක්‌ම. ජීවිතයේ තියෙන හැම දෙයක්‌ම.

ප්‍රශ්නය - ඔය කතා අතරෙදි තරග පාවාදීම් සම්බන්ධව කතා කරලා තියෙනවද...?
පිළිතුර - එහෙම තරග පාවාදීම් ගැන කතා කළාද කියන එක මට විශේෂ අවබෝධයක්‌ නැහැ.

ප්‍රශ්නය - හරි කුසල්ගේ කතාව පැත්තකට දාමුකො. එතකොට මොකක්‌ද මේ රංගන හේරත් කරලා තියෙන පැමිණිල්ල...? මේ දෙන්නම කියලා තියෙන්නේ එකම දෙයක්‌ ගැන...?
පිළිතුර - මම හරි ආස ක්‍රීඩකයෙක්‌ රංගන හේරත් කියන්නේ. එයාගේ පෞරුෂත්වයටත් මම කැමැතියි. හොඳ කෙනෙක්‌ හැටියට තමයි මම දන්නේ. ඒත් මම දන්නේ නැහැ එයා එල්ල කරලා තියෙන චෝදනාව මොකක්‌ද කියන එක. මං ඒ ගැන පසුතැවිලි වෙනවා ඇයි එහෙම දෙයක්‌ වුණේ කියන එක ගැන.

ප්‍රශ්නය - මුලින්ම ඔබට නැගුණු චෝදනාවක්‌ තමයි තහනම් උත්තේජක සම්බන්ධ කතාව. ඒ ගැන දරන අදහස්‌ මොකක්‌ද...?
පිළිතුර - ඒ සම්බන්ධව මම කිසිම දෙයක්‌ දන්නේ නැහැ. මට එහෙම දෙන්න කිසිම අවශ්‍යතාවකුත් නැහැ. කුසල් මගේ හොඳ යාළුවෙක්‌. එච්චරයි. ඒ සම්බන්ධව මම කිසි දෙයක්‌ දන්නේ නැහැ. ඒ වගේ දෙයක්‌ මම දැනගත්තෙත් අන්තර්ජාලය ඔස්‌සේ කියන දේවල් එක්‌ක සහ මගේ ෆේස් බුක්‌ එකෙන්. මම ක්‍රීඩකයන් එක්‌ක ඉන්න ලැබෙන හැම අවස්‌ථාවකදීම පිංතූර ගන්නවා. ඉතිං මට නිතර දෙවේලෙ මේ ක්‍රීඩකයන් මට මුණගැසෙනවා. හැමෝම එක්‌ක ලොකු ගනුදෙනුවලට ගිය අවස්‌ථා නැති වුණාට කුසල් මගේ යාළුවා නිසා අපි දෙන්නා ගොඩක්‌ ළඟින් ආශ්‍රය කළා. මෙච්චර අඹ යාළුවෙක්‌ වගේ හිටිය කුසල් මට විරුද්ධව මේ වගේ චෝදනාවක්‌ කළේ ඇයිද කියන එක මම දන්නේ නැහැ.

ඒ නිසා මේ ගැන පරීෂණ ඉක්‌මන් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මේ ප්‍රශ්නය මගේ ජීවිතයටත් ලොකු තර්ජනයක්‌ වෙලා. මේ වෙනකොට මට විදෙස්‌ රටවලින් පවා මරණීය තර්ජන සහිත දුරකථන ඇමැතුම් ලැබෙනවා. ලංකාවේ අංකවලින් කතා කරලා කියනවා උඹව හප්පලා මරනවා, පාරෙ යන්න එපා කියලා කියනවා. උඹ දේශය ජාතිය පාවලා දුන්නා. ලංකාවේ ක්‍රිකට්‌ එක කෑවා කියලා එක එක කතා කියලා මට නිර්ණාමිකව තර්ජන කරනවා. මට හිතාගන්න බැහැ මේකට මොකක්‌ද මම කරන්නේ කියලා. මාත් එක්‌ක ගොඩක්‌ අය මේ වන කොට ලොකු තරහකින් ඉන්නේ. මට හෙණ ගහපන් කියනවා. ෆේස් බුක්‌ එකට යන්න නැහැ මරණීය තර්ජන. මේක දැන් මගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රශ්නයක්‌. ඒක නිසා මේ ගැන සිදුකරන පරීෂණ ඉක්‌මන් කරලා මගේ නිර්දෝෂීභාවය රටටම හෙළි කරන්න කියනවා වගේම මම නිර්දෝෂී වුණොත් මේ ලැබුණු ප්‍රසිද්ධියට හා සමානවම මම නිර්දෝෂයි කියලත් කියන්න කියලා මම ඉල්ලා සිටිනවා. මං ගැන මාධ්‍යයන්වල පළවුණු හැම දේම වගේ මම කියෙව්වා. ඒවගේ සඳහන් වෙලා තිබුණ පුංචි පුංචි දේවල් ටිකක්‌ තියෙනවා නිවැරදි කළ යුතු තැන්.

ප්‍රශ්නය - කවුරු හරි ඔබට අභියෝග කළොත් ඔබේ වත්කම් උපයපු ආකාරය පෙන්වන්න කියලා. ඒ අභියෝගය භාර ගන්න හැකියාව තියෙනවද..?
පිළිතුර - අනිවාර්යයෙන්ම. මට තියෙන්නෙත් ව්‍යාපාරික පවුල් පරිසරයක්‌. අපිට යෝගට්‌ කර්මාන්තයක්‌ තියෙනවා එදා ඉඳලා. ඉතිං මම මගේ ව්‍යාපාර පටන් අරන් දැන් අවු. 8 ක්‌ 9 ක්‌ විතර වෙනවා. මට ඒ පටන් ගත්ත දවසේ ඉඳලා ඒ හැම දෙයක්‌ම ඉදිරිපත් කරන්න පුළුවන් සල්ලි හම්බ කළේ කොහොමද කියලා පෙන්වන්න.

ප්‍රශ්නය - ඒ කියන්නේ ගයාන් විශ්වජිත් කියන්නේ සල්ලිකාරයෙක්‌ද...?
පිලිතුර - එච්චර සල්ලි නැහැ මට. හැබැයි ඉතිං මගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න තරම් ප්‍රමාණවත් වෙන්න මුදල් තියෙනවා.

ප්‍රශ්නය - ඔබට යාන වාහන තියෙනවද...?
පිළිතුර - මට වාහන තියෙනවා.

ප්‍රශ්නය - මේ කියන ක්‍රීඩකයන්ව ආශ්‍රය කරන්න පටන් ගන්නකොටත් ඔය කියන වාහන තිබුණ...?
පිළිතුර - ක්‍රිකට්‌ ක්‍රීඩකයොත් එක්‌ක ගැවසෙන්න පටන් ගත්තේ අන්තිමට ඔස්‌ට්‍රේලියාවේ තිබ්බ ලෝක කුසලාන තරගාවලියෙදි තරග නරඹන්න ගිහිල්ලා තමයි ගොඩක්‌ ක්‍රීඩකයෝ මාත් එක්‌ක ආශ්‍රය කරන්න පටන් ගත්තේ. ඒ කාල සීමාවයි මේ කාල සීමාවයි ගත්තහම අවුරුද්දක්‌ වගේ තමයි ක්‍රීඩකයෝ ආශ්‍රය කරන්න පටන් ගන්නේ. ඉතිං මගේ වාහන අරගෙන දැන් අවුරුදු 3 කට කිට්‌ටු වෙන්න එනවා.

ප්‍රශ්නය - මොනවද ඔබ ගාව තියෙන වාහන...?
පිළිතුර - මගේ ගාව බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ කාර් එකක්‌. මොන්ටේරෝ එකක්‌ තියෙනවා. තව ප්‍රිමියෝ එකක්‌ තියෙනවා. ටොයෝටා සර්ෆ් එකක්‌ තියෙනවා. වන් ටූ වන් එකක්‌ තියෙනවා.

ප්‍රශ්නය - ඔය කියන විදියට මේ සියලු වාහන මීට අවුරුදු ගාණකට කලින් ගත්තුවාද..?
පිළිතුර - මගේ වෑන් එකක්‌ තිබ්බා. ඒක තමයි මම ගත්ත මුල්ම වාහනය. ඒක දැන් විකුණලා තියෙනවා. ඊට පස්‌සේ වන් ටූ වන් එක. ඒක අරගෙන දැන් අවුරුදු 9 ක්‌ විතර වෙනවා.

ප්‍රශ්නය - මේ සියලු චෝදනා ඔබට එල්ල වෙලා තිබුණත් කිසිම තැනකින් තවම ඔබට කැඳවීමක්‌ කරලා නැද්ද...?
පිළිතුර - මට කිසිම කැඳවීමක්‌ හෝ දැනුම්දීමක්‌ කරලා නැහැ.

ප්‍රශ්නය - ඒ වුණත් ඔබව ආශ්‍රය කරපු අනුෂ සමරනායක මහත්මයාගේ වැඩ පවා තහනම් කරලා...?
පිළිතුර - මට හරිම කනගාටුයි ඒ ගැන. මොකද අනුෂ සමරනායක කියන කෙනා මුළු ලංකාවේ ගොඩක්‌ අය දන්න චරිතයක්‌. ඇත්තටම හොඳ සුන්දර මනුස්‌සයෙක්‌. කිසිම වැරදි දෙයක්‌ කරන්නේ නැති වැරදි වැඩකට අනුබල දෙන්නේ නැති හොඳ නිහතමානී රත්තරන් මනුස්‌සෙයක්‌ කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතිං ඒ මනුස්‌සයාට මේ වගේ චෝදනාවක්‌ එල්ල කිරීම ගැන මම අතිශය කනගාටුවට පත්වෙනවා. ඒක මේ මම හිතන්නේ කණ්‌ඩායමේ සිටින චෝදනා එල්ල කරන ක්‍රීඩකයෝ පවා දන්නවා අනුෂ සමරනායක කියන්නේ කොයි වගේ කෙනෙක්‌ද කියලා. හරි විනෝදකාමී මිනිස්‌සුන්ට ගොඩාක්‌ උදව් කරන හරි සුදු චරිතයක්‌.

ප්‍රශ්නය - අවසාන වශයෙන් ඔබට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධව මාධ්‍යයට චෝදනාවක්‌ එල්ල කර සිටිනවද...?
පිළිතුර - කොහෙත්ම නැහැ. එහෙත් ඒවායේ පළවුණු ඇතැම් කරුණුවල සත්‍යතාවයක්‌ නැහැ. විශේෂයෙන්ම මම ආනන්ද ශාස්‌ත්‍රාලයේ ඉගෙන ගත්ත කෙනෙක්‌ කියනවා. මගේ පාසල පන්නිපිටිය ධර්මපාල විදුහල. තව චෝදනාවක්‌ තමයි ක්‍රිකට්‌ ගැන කිසිම දැනුමක්‌ නැහැ, ක්‍රීඩා කරලා නැහැ කියන එක. නමුත් මම ක්‍රිකට්‌වලට දක්‍ෂතාවයක්‌ තියෙන කෙනෙක්‌. මම සරා ක්‍රිකට්‌ තරගාවලිය පවා නියෝජනය කරලා තියෙනවා.

මම මුදලට ගිහිල්ලා සේවයක්‌ කළේ නැහැ. මගේ දක්‌ෂතාවයෙන් එයාලා ප්‍රයෝජනයක්‌ ගන්නවානම් රට වෙනුවෙන් මම ක්‍රිකට්‌ වෙනුවෙන් කරන්නේ නැති දෙයක්‌ නැහැ. ඒ වගේම මම ව්‍යාපාරික කේෂ්ත්‍රයේ ලෝකු ව්‍යාපාරිකයෙක්‌ විදියට කියනවා. නමුත් මම එදිනෙදා ජීවිතයේ හම්බකරගෙන ජීවත් වෙන කෙනෙක්‌. මම මහ ලොකු කෝටිපතියෙක්‌ නොවෙයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top