Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
30
"මට ජීවිතයේ සැබෑ කරගන්න තව හීන තියෙනවා... ඒ හීන ටිකත් සැබෑ වුණාම කාත් එක්ක හරි ජීවිතේ බෙදා ගනියි..." ලාංකීය කලා තරු අතර ආකර්ෂණීයම තාරකාව, යුරේනි - Photos

- "මට ජීවිතයේ සැබෑ කරගන්න තව හීන තියෙනවා... ඒ හීන ටිකත් සැබෑ වුණාම කාත් එක්ක හරි ජීවිතේ බෙදා ගනියි..." ලාංකීය කලා තරු අතර ආකර්ෂණීයම තාරකාව, යුරේනි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

"ජීවිතේ බෙදා ගන්න ආසයි. 
 
නමුත් මට ජීවිතයේ සැබෑ කර ගන්නට තව හීන තිබෙනවා. 
 
ඒ හීන ටිකත් සැබෑ වුණාම  කාත් එක්ක හරි ජීවිතේ බෙදා ගනියි. 
 
දැනට ජීවිතේ බෙදා ගන්න කෙනෙක් සිටිනවා කියන එක ඔළුවට බරක්.  
 
මේ වෙලාවෙ නම් රටේ තිබෙන තත්ත්වය එක්ක මට සිතෙනවා තනිකඩ ජීවිතය තරම් සැපවත් ජීවිතයක් කොහෙවත් නැහැයි කියලා…"


රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විධියටත් ලංකාවේ කවුරුත් දන්න හඳුනන රුවැත්තිය යුරේනි නොෂිකා මේ දිනවල අපට හමුවන්නෙ පසුගියදා තිරගත වීම ඇරඹුණු “නයිට් රයිඩර්” සිනමා සිත්තම හරහායි. 
 
එසේම “නයිට් රයිඩර්” තුළ  වෙනස්ම චරිතයක් ඉදිරිපත් කරන ඇය ඒ හරහා විශාල ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගනිමින් ක්ෂේත්‍රය තුළ නිතර කතාබහට ලක්වන චරිතයක් බවට පත් වී තිබෙනවා. 
 
ඉතින් ඒ පිළිබඳව සහ ඇගේ අනෙක් වැඩකටයුතු පිළිබඳවත් පැවසීමට යුරේනි හදගැස්ම හා එක්කාසු වෙලා තිබුණේ මේ විදියටයි.. 
 
“නයිට් රයිඩර්” කියන්නෙ කලාත්මක සහ වාණිජමය ධාරාවලින් බැහැරව දේශපාලන සහ සමාජ ප්‍රකාශනය සෞන්දර්යාත්මකව ඉදිරිපත් කළ සිනමා සිත්තමක්. ඒ පිළිබඳව  ඔබේ අදහස කතා කළොත්?
 
මෙහි තේමාව ගැන කතා කරන විට තරමක් බටහිර පැත්තට බර කතාවක්. එක් රැයකදි කැබ් රථ රියදුරෙක් සහ එම කැබ් රථයට නඟින ගැහැනු කෙනෙක් වටා ගෙතුණු කතාවක්. චිත්‍රපටය තුළ  ත්‍රාසය, භීතිය  වගේම අතරමැදදි හාස්‍යජනක සිදුවීම් කිහිපයකුත් තිබෙනවා. සාමාන්‍යයෙන්  ගැහැනු ළමයෙකුට ත්‍රාසය, භීතිය, හාස්‍ය  සහ රොමැන්ටික් කියන සෑම දෙයක්ම ගැබ්වුණු චරිත වර්තමානයේ පිටපත් තුළ ලියැවෙනවා අඩුයි. “නයිට් රයිඩර්”හි මගේ චරිතය තුළ මේ සෑම දෙයක්ම අන්තර්ගත වී තිබුණා. රංගන ශිල්පිනියක් ලෙස මෙම චරිතය භාර ගන්න විශේෂ හේතුව වුණෙත් මේ හේතුව.
 
Thriller කැටගරියට අයත් “නයිට් රයිඩර්” සිනමා නිර්මාණය, ඔබ සිතන ආකාරයට  ලංකාවේ සිනමාවට කොපමණ වැදගත් වේවිද?
 
Thriller කියන්නෙ ලංකාවේ ප්‍රේක්ෂකයන් හරි කැමැති දෙයක්. නමුත් මෙපමණ කාලයකට ලංකාවේ  ප්‍රේක්ෂකයා ආස කරන දේවල් සිනමා ක්ෂේත්‍රය තුළින් ඔවුනට දීමට නොහැකි වී තිබෙනවා. අපිට අවම පිරිවැයකින් කරන්න පුළුවන් චිත්‍රපට තමයි රොමැන්ටික් ෆිල්ම්ස් වගේ ඒවා. එවැනි චිත්‍රපට තමයි ප්‍රේක්ෂකයන් හට ලබාදී තිබෙන්නෙ. Thriller වගේ කැටගරිවලට අයත් චිත්‍රපට ලංකාවේ නැතිම තරම්. ඒ නිසා  එවැනි චිත්‍රපට වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ගේ විශාල පිපාසයක් තිබෙනවා. විවිධත්වය, නිර්මාණශීලීත්වය කියන දෙය අපේ රසිකයො දැන් බලනවා. බොහෝ විට ඉදිරියේදී එක රැල්ලකට යන දේවල්  ප්‍රේක්ෂකයන් ප්‍රතික්ෂේප කරාවි. මම තදින්ම විශ්වාස කරනවා පිපාසිත ප්‍රේක්ෂකයන් හට අවශ්‍ය කරන වෙනසක් නයිට් රයිඩර් චිත්‍රපටය තුළ තිබේවි කියලා.
 
කසුන් චන්ද්‍රනාත් කියන තරුණ අධ්‍යක්ෂවරයාගෙ පළමු වැනි අධ්‍යක්ෂණය තමයි “නයිට් රයිඩර්”. එවැනි අධ්‍යක්‍ෂවරයෙක් යටතේ ගොඩනැඟෙන නිර්මාණයක් භාර ගැනීම ඔබට අවදානමක් යැයි සිතුණේ නැද්ද?
 
මම ගොඩක් වෙලාවට වැඩ කළේ පළමු වරම නිර්මාණයක් සිදු කරන අධ්‍යක්ෂවරුන් සමඟ. එයට හොඳම උදාහරණයක් තමයි නිනෝ ලයිව් කියන්නෙ. ඒක ඇත්තටම අපි ගන්න අවදානමක්. කසුන් මට නයිට් රයිඩර් ෆිල්ම් එකට කතා කළේ හරිම උදේ‍යාගයකින්. ඔහු කතා කරන විට භාවිත නොකරන්නෙ අතපය පමණයි. ඇස්වල පවා ඔහුගේ උදේ‍යාගය තිබෙනවා. ඒ තරම් උදේ‍යාගයක් ඔහු සතුයි. මම එහෙම පුද්ගලයන් සමඟ වැඩ කරන්න හරි කැමතියි. තමන්ට තමන්ගෙ අධ්‍යක්ෂණය පිළිබඳව මුළින්ම විශ්වාසයක් තිබෙන්නට අවශ්‍යයි. නයිට් රයිඩර් කරන්නට තිබෙන උනන්දුව, විශ්වාසය, ආසාව කසුන්ගෙනුත් මම දැක්කා. ඒ වගේම චිත්‍රපටය රූගත කිරීම් කළේ බොහොම අභියෝගාත්මක කාලයක. එවැනි බාධක මැද කරපු වැඩකට ලැබෙන ප්‍රතිචාර දැක්කම මට හරිම සතුටුයි.
 
රටේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් මැද මෙවැනි මොහොතක හෝ චිත්‍රපටය තිරගත කිරීමට හැකි වීම පිළිබඳව ඔබේ අදහස කොහොමද?
 
ඇත්තටම ඒක සතුටට කාරණයක්. මගෙ පළමු චිත්‍රපටය නිනෝ ලයිව් තිරගත වුණෙත් අවුරුදු දහයකට පස්සේ. මොන ප්‍රශ්න බාධක තිබුණත් වසර පහක පමණ කාලයක් තුළ හෝ මෙය තිරගත වීම ගැන මට සතුටුයි. ඒ වගේම මම හිතනවා අපේ කණ්ඩායම හරිම වාසනාවන්තයි. අපේ කණ්ඩායම නයිට් රයිඩර් චිත්‍රපටයට හරිම ආදරෙයි. ඒ ආදරේ සෙනෙහස නිසාම විශ්වයෙන් අපිට අවස්ථාවක් ලැබුණා ඉක්මනින්ම මෙය ප්‍රේක්ෂකයා අතට පත් කරන්නට.
 
යුරේනි වෘත්තීය මට්ටමින් රංගන ශිල්පිනියක් විධියට හඳුන්වන්න පුළුවන්ද?
 
ඔව්. මම වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක්. නමුත් මම බොහෝ වෙලාවට මගේ ජනප්‍රියත්වය ඔස්සේ කරන්නෙ ඉවෙන්ට්ස්  වගේ දේවල්. ඒ සෑම දෙයක්ම මට  කරන්න පුළුවන් වුණෙත් රංගනයෙන් ලැබුණු ජනප්‍රියත්වය නිසයි. ඒ නිසා මගේ පළමු තැන රංගනයට.
 
වෘත්තීමය රංගන ශිල්පිනියක් වූ ඔබ සීමිත නිර්මාණ ප්‍රමාණයකින් දකින්න ලැබෙන්න විශේෂ හේතුවක් තිබෙනවද?
 
මගේ පෞද්ගලික ජීවිතය ගත්තත් මම තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නෙ. ඒ වගේම මාව ලෙහෙසියෙන් සතුටු කරන්න බැරි පුද්ගලයෙක්. මම සෑම දෙයක් ගැනම ගොඩක් සිතනවා. රංගන ජීවිතයත් එලෙසමයි. පිටපතක් ලැබුණත් මගෙ චරිතයට අමතරව මම එහි අධ්‍යක්ෂ කවුද, කැමරා ශිල්පියා කවුද කියලා විශේෂයෙන්ම සොයා බලනවා. නිෂ්පාදක කණ්ඩායම ගැන විශ්වාසයක් තිබුණෙ නැත්තම් මම කීයටවත්  නිර්මාණය භාර ගන්නෙ නැහැ. අංශක තුන්සිය හැටටම ඇහැ දාලා තමයි මම නිර්මාණයක් තෝර ගන්නෙ. රංගන ක්ෂේත්‍රයට පැමිණ රංගන ශිල්පිනියක් වීමට ගත් තීරණය මම ගත් නිවැරදිම තීරණයක්. ඒ වගේම මම කවදාවත් ජනප්‍රියත්වය පස්සෙ යන රංගන ශිල්පිනියක් නෙවෙයි.
 
ලංකාවේ පොහොසත්ම රංගන ශිල්පිනිය යුරේනි බව කියන්නෙ ඇත්තක්ද?
 
ඒක නම් මම දන්නෙ නැහැ. මම පොහොසත්ද නැද්ද කියලා මට තීරණය කරන්නට බැහැ. කාටවත් අත නොපා කාලා බීලා ජීවිතේ සතුටින් ගත කරන්නට පුළුවන් යම්කිසි මුදලක් මම සතුව තිබෙනවා ඉතින්. ඒ වගේම මගෙ හිත නිදහස්. ලෝකයට කොපමණ දේවල් කළත් ජීවිතේ අවුල් ජාලාවක් නම් වැඩක් නැ. රෑට අපිට සැනසිල්ලෙ නිදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මට නම් ඇඳට වැටුණ ගමන් නින්ද යනවා. මගේ  හිතේ තිබෙන නිදහස මනසෙ තිබෙන සැහැල්ලුව අතින් මම ගොඩක් පොහොසත් නිළියක් වෙන්න පුළුවන්.
 
ලංකාවේ විලාසිතාකරණය තුළ ඔබ කැපී පෙනෙන චරිතයක්. ඔබ කරන විලාසිතා ඔබගේම අදහස් මත නිර්මාණය වන විලාසිතාද?
 
ඔව්. ඒ මගේ අදහස. මම ලෝකයේ තිබෙන විලාසිතා පිළිබඳ නිරන්තරයෙන්ම දැනුවත් වන කෙනෙක්. ඒත් ලෝකයේ තිබෙන සෑම විලාසිතාවක්ම ලංකාවට ගෙනාවොත් මට මිනිස්සු ගල් ගහයි. ඒ නිසා ලංකාවෙ සීමාව තුළ කරන්නට පුළුවන් විලාසිතා මම කරනවා. ෆැෂන් ට්‍රෙන්ඩ් එකක් හදන එක ලෝකයේ ඕනෑම රංගන ශිල්පිනියක් ශිල්පියෙක් කරන වැඩක්. ඉතින් මමත් අපේ තරුණ පරම්පරාව ගැන සිතලා ඔවුන්ට කරන්නට පුළුවන් විලාසිතා සිදු කරනවා.
 
රටෙහි ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය කලාවට බලපා ඇති ආකාරය පිළිබඳව කතා කළොත්?
 
රටේ අර්බුදය  කලා ක්ෂේත්‍රයට තදින්ම බලපෑවා. මේ ගැටලු සමඟ  කලාව තුළ පැවැත්මක් සාදා ගැනීමට නම්  අපට විකල්පවලට යන්නට සිදු වෙනවා. අර්බුදය එන්නට පෙරත් අපි  ප්‍රාග්ධනය අතින් විශාල ගැටලු  ප්‍රමාණයකට මුහුණ පෑවා. වර්තමානයේ එම ගැටලු පස් හය ගුණයකින් වැඩි වී තිබෙනවා. ඉදිරියේදී බොහෝ විට කොටස් දෙසීයක් තුන්සීයක් විකාශය වන ටෙලිනාට්‍යය කොටස් තිහ හතළිහකට සීමා වෙන්නට පුළුවන්. මොකද දීර්ඝ ටෙලිනාට්‍යවලට මුදල් යොදවන්න නිෂ්පාදකවරුන්ට අපහසුයි. ඒ වගේම මේ තත්ත්වය යටතේ අඩු වියදමින් නිර්මාණයක් කරනව නම් අධ්‍යක්ෂවරුන් රසිකයන් හට ගුණාත්මක දේවල් දෙන්නට ඕනෑ. මේ වෙලාවේ කලාව කඩා වැටී තිබුණත් කලාවට යම්කිසි බලාපොරොත්තුවක් තිබෙනවා කියන තැන මම සිටිනවා. නමුත් අපි නිවැරදි ලෙස විකල්ප සොයාගෙන නිවැරදි ලෙස  එය භාවිත කළ යුතුයි. එවිට තමයි කලාවේ දියුණුවක් සකස් කර ගත හැකි වෙන්නෙ.
 
යුරේනි කැමැති ජීවිතේ බෙදා ගන්නද තනියම ජීවත් වෙන්නද?
 
ජීවිතේ බෙදා ගන්න ආසයි. නමුත් මට ජීවිතයේ සැබෑ කර ගන්නට තව හීන තිබෙනවා. ඒ හීන ටිකත් සැබෑ වුණාම  කාත් එක්ක හරි ජීවිතේ බෙදා ගනියි. දැනට ජීවිතේ බෙදා ගන්න කෙනෙක් සිටිනවා කියන එක ඔළුවට බරක්.  මේ වෙලාවෙ නම් රටේ තිබෙන තත්ත්වය එක්ක මට සිතෙනවා තනිකඩ ජීවිතය තරම් සැපවත් ජීවිතයක් කොහෙවත් නැහැයි කියලා… කවදාහරි මාව තේරුම් ගන්න මම සමඟ ජීවිතේ බෙදා ගන්න කෙනෙක් ලැබුණු දවසක මම ඔහු සමඟ අනිවාර්යයෙන්ම  විවාහ වේවි.
 
සචිනි බස්නායක
හදගැස්ම
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top