මේ කතාව වාර්තා වන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයෙන්.
කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පනිමිනුයි මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ.
සියදිවි හානිකරගැනීමට හේතුව ලෙස සඳහන් වන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාමත්, ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවටත් පැතිර යන යන ප්‍රකාශයි..
ඒ අනුව පෙරේදා දිනයේදී කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි, වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නම් පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.
මියයන විට ඔහු 80වන වියෙහි පසුවූ බවයි වාර්තා වෙන්නේ.
මරණ පරීක්ෂණ කටයුතුවලදී මියගිය අයගේ දියණිය විසින් දිවිනසා ගැනීමට පෙර තම පියා විසින් ලියන ලද ලිපියක්ද ඉදිරිපත් කර තිබෙනවා.
ඇය පවසා ඇත්තේ,
"තාත්තා, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් දැඩි දුකින් කාලය ගත කළා..." යන්නෙන්
එමෙන්ම, පසුව හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගනීවියි යන බියද ඔහු තුළ පැවති බවයි ඇය පවසා ඇත්තේ...