Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
24
"ඔයා කැත වෙච්ච හින්දනෙ එයා අර ගෑනි පස්සෙ යන්නෙ...” "එන්න කලින් මෙහෙ ළමයෙක් හිටියේ නෑනේ. ළමයත් අරන් පලයං..." විවාහයෙන් සිහිවිකල් වුණු කතකගේ අනුවේදනීය කතාවක්

- "ඔයා කැත වෙච්ච හින්දනෙ එයා අර ගෑනි පස්සෙ යන්නෙ...” "එන්න කලින් මෙහෙ ළමයෙක් හිටියේ නෑනේ. ළමයත් අරන් පලයං..." විවාහයෙන් සිහිවිකල් වුණු කතකගේ අනුවේදනීය කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

විවාහ ජීවිතය නෙල්ලි ගෙඩියක් වගේ කියලා මම කීවොත් ඔබ මට එකඟ වෙයි කියලා මම හිතනවා. විවාහය කියන්නේ පැණි රස වගේම තිත්ත රස, ඇඹුල් රස, කහට රස ඇති දේකට. ඉතා ප්‍රවේසමෙන් මුහුණ දිය යුතු සමහර තැන් විවාහය තුළ අපට මුණ ගැහෙනවා. එවැනි තැන්වල අතිශය පීඩාවට පත් වෙන, කැළඹෙන ගැහැනුන් ඕනෑතරම් සමාජයේ ඉන්නවා. මේත් එවැනි ගැහැනියකගේ කතාවක්...


නර්මදා, ඇය පවුලේ එකම දියණිය. නර්මදාට පාසල් යන කාලයේ කිසිම ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගන්න අම්මලා ඉඩ දෙන්නේ නෑ. නර්මදා හොඳින් ඉගෙන ගන්නවා. ගණකාධිකාරිනියක ලෙස රැකියාව ලබා ගත් පසු ඇය ලලිත් කියන ව්‍යාපාරික තරුණයා සමඟ විවාහ වෙන්නේ යෝජනාවකින්.

එතැන ඉඳලා නර්මදා ජීවිතය ගෙවන්නේ ලලිත්ගේ පවුලේ උදවිය එක්ක. ලලිත්ගේ අම්මා, නංගිලා දෙන්නා නර්මදාට හරිම ආදරේ කරනවා. රැකියාවක් නොකරන ගෙදරට වෙලා විලාසිතා කරමින් ඉන්න නංගිලා නර්මදාට තරමක් ඉරිසියා කරන බවක් ඇයට පේන්නේ කාලයක් යනකොට. ඔය අතරේ තමයි නර්මදා අම්මා කෙනෙක් වෙන්නේ. ප්‍රසූතියට පස්සේ නියමිත නිවාඩු කාලෙන් පස්සේ නර්මදා රැකියාවට යන්නෙ පුංචි පුතා කසුන්ව නැන්දම්මාට සහ නෑනලාට පවරලා. ඔවුන්ගේ සැබෑ මූණු එළියට එන්නේ ඉන් පස්සේ.

“අපිට අනුන්ගෙ ළමයි බලන්න බෑ. මේ මොන මල කරදරයක් ද? එයාට මෙතන ස්ටයිල් කර කර ඔෆිස් යන්නයි අපි නැහෙන්නයි” නෑනලා එහෙම කියනවා.

“මේ ළමයා බලා ගන්න මට බෑ. නර්මදාට ගෙදර නවතින්න කියනවා...” නැන්දම්මා ලලිත්ට තර්ජනය කරනවා.

නර්මදා ගෘහනියක් වෙන්නේ ඊටපස්සේ. ඇයට මුළු ගෙදරක වැඩ පැවරෙනවා. සැමියාගේ සහ දරුවාගේ වැඩ කරන්න ඕනෑම බිරිඳක් කැමතියි. නමුත් නර්මදාට මහා ගෙදරක වැඩ තනියම කරන්න වෙන්නේ විස්තෘත පවුලෙන් අයින් වෙන්න ලලිත්ට නිකංවත් නුවුමනා නිසා. නිර්මලා උදේම නැගිටලා සාගරයක් වගේ මිදුල අතුගානවා. ගේ මොප් කරනවා. ගෙදරටම උයනවා. පුංචි කසුන්ගේ රෙදි හෝදලා ඔහුට කෑම හදලා ලලිත්ටත් ඇයටත් මොනවා හරි උයාගන්න තිබුණා නම් ජීවිතය පහසු වෙන්න තිබුණු බව ඇයට තේරෙන්නේ ඔය අතරේ.

ඒත් ලලිත් වෙනම ගෙදරකට යන්න කැමති වෙන්නේ නෑ...

“මේ මගෙ මහගෙදර.. වෙනම යන්න මට බෑ..” නර්මදා ඉල්ලීම ඉදිරිපත් කරන ඕනෑම වෙලාවක ලලිත් කියන්නේ එහෙම.

ඒත් නර්මදාගේ ජීවිතය සීඝ්‍රයෙන් වෙනස් වුණා. ලස්සනට ඇඳලා ස්ටයිල් කරලා හිටිය ඇයට සනීපාරක්ෂක පැකැට්ටුව ගන්නත් ලලිත්ගෙන් මුදල් ඉල්ලන්න සිදු වුණා. අම්මලාට කීයක්වත්ම දෙන්න අතේ මුදල් නැතුව ගියා. හොඳින් ඉගෙන ගත් ගණකාධිකාරිනිය නිකම්ම නිකං කුස්සි අම්මා කෙනෙක් වෙනකොට ලලිත් ඇගෙන් ඈත් වීම පටන් අරන් තිබුණා.

ඔහුට වෙනත් සම්බන්ධතා ඇති බව ඇය සැක කරන්න ගත්තේ ඒ අතර. ඒක සැකයක් නෙවෙයි සත්‍යයක් කියලා ඇස් පනාපිටම ඔප්පු කරමින් ලලිත් ඇයට ඇහෙන්නම අලුත් පෙම්වතිය එක්ක පෙම් බස් දොඩන්න ගත්තා. ලලිත්ගේ නංගිලාත් හැසිරුණේ ඉතාම අප්‍රසන්න විදියට.

“අනේ... සේමිනි අක්කා නේද කතා කරන්නේ. අපිටත් ෆෝන් එක ඕන” එහෙම කියලා ලලිත්ගේ ෆෝන් එක උදුරා ගන්න නෑනලා ලලිත්ගේ අනියම් පෙම්වතිය සේමිනි එක්ක හුරතල් වෙන අන්දම නර්මදාට බලාගෙන ඉන්න සිදු වුණා. ඇය සියදිවි නසා ගන්නත් හිස හැරුණු අත පාරවල් ගාණේ යන්නත් පටන් ගත්තේ ඒ අතර.

“ඉන්න බැරිනම් උඹ පලයං” ලලිත්ගේ අම්මා එහෙම කියද්දී නර්මදා පුංචි කසුන්ව තියලා මහගෙදර යන්න හිතුවා.

“උඹ එන්න කලින් මෙහෙ ළමයෙක් හිටියේ නෑනේ. ළමයත් අරන් පලයං..” ඒකටත් ලැබුණේ එහෙම ප්‍රතිචාරයක්.

ඒ අතරේ හිටිගමන් දවසක නිවසේ හැම කෙනෙක්ම විවාහ වූ අලුත තිබුණු ආදරයෙන් ඇයට සලකන්න ගත්තා.

“කසුන් හම්බුණාට පස්සෙ අක්කා කැත වෙලා මහත් වෙච්ච හින්දනෙ අයියා අර ගෑනි පස්සෙ යන්නෙ...”ලොකු නෑනා එහෙම කියද්දී නැන්දම්මා ඒ කතාවට පෝර දාන්න ගත්තා.

“මේ නංගිලා දොස්තර කෙනෙක් බැලුවලු නර්මදා දුවේ. බෙහෙත් අරන් කෙට්ටු වෙලා ආයේ ලස්සනට ඉන්න. පුතා සේමිනි අමතක කරලා ආයෙ දුවගෙ පස්සෙන් එයි...”

නර්මදාගෙ වැඩි කැමැත්තක් නැතුවම ලලිත් සහ ලොකු නෑනා එක්ක වෛද්‍යවරයෙක් වෙත යන්න වුණා. නෑනා ටිකක් ලොකු බෑග් එකක් ගන්නවත් නර්මදාට මතකයි. ඒත් පිරිස නතර වුණේ ඩයටීෂියන් කෙනෙක් ළඟ නෙවෙයි. අංගොඩ මානසික වෛද්‍යයාතනයේ.

“පාරවල් ගාණේ දුවන පිස්සු හැදුණු නර්මදා” බලෙන් රෝහලේ නවත්තලා ගෙදර අය යන්න ගියා. තමන්ට මානසික රෝගයක් නැති බවත් ලලිත්ගේ අවකල් ක්‍රියා නිසා දැඩි මානසික පීඩාවක් ඇති බවත් වෛද්‍යවරුන්ට ඔප්පු කරන්න නර්මදාට දවස් කීපයක් ගත වුණා. ඇය නැවත රැගෙන යන්න එන්න කියලා රෝහලෙන් නිවසට පණිවිඩ යැව්වත් ගෙදර අය ආවේ නෑ. පැරණි මිතුරියක් ගෙන්වාගෙන නර්මදා ගෙදර ගිහින් බලනකොට ලලිත් සේමිනි එක්ක විදෙස් සංචාරයක් ගිහින්. ඔහුට ඒ ගමන නිදහසේ යන්න ඉඩ දෙන්න නැන්දම්මා සහ නෑනලා එකතු වෙලා අටවපු උගුල තමයි අංගොඩ මානසික රෝහලට ඇය ගෙන යාම.

මිතුරියගේ උදව්වෙන් මානසික උපදේශනයට යොමු වූ ඇය දැන් දික්කසාදය ලබාගෙන නැවත රැකියාවක් කරමින් පුංචි කසුන් එක්ක ලස්සන ජීවිතයක් ගෙවනවා.

ඔබ විවාහ කර ගන්නේ පවුලක් නෙවෙයි. පිරිමියෙක්. යෝජනාවකින් හෝ ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ වෙනකොට පවුලක්ම ඉන්න ගෙදරකට යන්න එපා. පුංචි ඇනෙක්ස් එකක හරි ජීවත් වෙන්න අවශ්‍ය බව සැමියාට කියන්න. මුලින්ම ඒ තීරණය ගන්න. පසුකාලීනව එන ගැටලු අඩු වෙන්න ගත හැකි නුවණක්කාරම තීරණය ඒක.

දෙවැන්න තමයි මොනම හේතුවක් නිසාවත් ඔබ මහන්සියෙන් ඉගෙන ගෙන හෝ ඔබේ හැකියාව මත හෝ ලබා ගත් රැකියාව අත් හරින්න එපා. පෑඩ් පැකට් එකට පවා සැමියාගෙන් සල්ලි ඉල්ලන ගැහැනියක නොවී ඔබේ රැකියාව දිගටම කරගෙන යන්න. දරුවන් ලැබුණු පසු රැකියාවෙන් ඉවත් වෙන්නත් එපා. අම්මලා නැන්දම්මලා උදව් නොකළත් සේවිකාවගේ සහය හෝ භොඳ විධිමත් ඩේ කෙයා එකක සහය ලබා ගන්න.

නර්මදාගේ කතාවෙන් ඔබ ජීවිතයට එකතු කර ගත යුතු පාඩම් වෙන්නේ අන්න ඒ දේවල්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top