Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
22
පොලිසිය හා ආරක්ෂක අංශ සිදු කළ, ඒකාබද්ධ මෙහෙයුමකින්... ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන්ගෙන් මුදා ගැනේ

- පොලිසිය හා ආරක්ෂක අංශ සිදු කළ, ඒකාබද්ධ මෙහෙයුමකින්... ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන්ගෙන් මුදා ගැනේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

අද (22) අළුයම 12.30 ට පමණ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක වන අරගලය විරෝධතා භූමියට ආරක්ෂක අංශ ඇතුළු වී තිබෙනවා.
 
ගාලුමුවදොර අරගල භූමියට ඇතුළු වන සියලු මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කරමින් මෙලෙස අරගල භූමියට පිවිස ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාවයි.
 
මෙලෙස අරගල භූමියට පිවිසි ආරක්ෂක අංශ විසින් මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම අවහිර කරමින් ඉදිකර තිබූ අට්ටාලය සහ මාර්ග බාධකය අත්පත් කරගෙන ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ..
 


මේ වන විට මෙතෙක් කලක් අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ පාලනය ද ආරක්ෂක හමුදා සතුව ඇති බවයි වාර්තා වන්නේ.
 
මෙහිදී මාධ්‍යවේදීන් තිදෙනකුට සහ නීතිඥයන් පිරිසකට ද ආරක්ෂක අංශ විසින් පහර දී තිබෙනවා.
 
මෙහිදී ගැටුම්වලට මැදි වූ පුද්ගලයින් 8 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ගාලුමුවදොර අරගල භූමියට පිවිසෙන සියලු මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කර තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ රජය විසින් වහාම මෙම මර්දනකාරී පිළිවෙත අත්හල යුතු බවයි.
 
එමෙන්ම නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වහාම නිදහස් කරන ලෙසත් ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය පසුබිම වහාම සකසන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
 
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ආරක්ෂක අංශ මැදිහත් වීම භාෂණයේ නිදහසට සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ නිදහසට දැඩි ලෙස බලපෑම් එල්ල කරන්නක් බවයි.
 
මේ අතර, ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ද ඊයේ ගාලුමුවදොර අරගල භූමියේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සටහනක් තබා තිබෙනවා.
 
ඇය සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ, ගාලුමුවදොර අරගල භූමියෙහි සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති බවයි.
 
පුද්ගලයින්ට සාමකාමීව අරගල කිරීමට ඇති අයිතිය පිළිබඳ මෙහිදී අවධානයෙන් පසුවන බවයි ඇයගේ නිවේදනයේ දැක්වෙන්නේ.
 
මේ අතර ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද ඊයේ දිනයේ ගාලු මුවදොර ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබෙනවා.
 
ඇය පෙන්වා දෙන්නේ, අරගලකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය දැඩි කනස්සලට හේතුව ඇති බවයි.
 
බලධාරින් වහාම සංයමයෙන් කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතු බවයි ජූලි චන්ග්ගේ ප්‍රකාශයේ දැක්වෙන්නේ.
 
මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සඳහන් කරන්නේ මේ ආකාරයේ අනවශ්‍ය හමුදාමය මැදිහත් වීම් රටේ නාමය ජාත්‍යන්තර වශයෙන් පළුදු කිරීමට ඉවහල් වන බවයි.
 
එමෙන්ම මෙම සිදුවීම අතරතුර නීතිඥයින් පිරිසකට ඇතුළු විරෝධතාකරුවන්ට පහර දීම දැඩි ලෙස හෙළා දකින ඔහු සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් අයවලුන් පිළිබඳ සියලු තොරතුරු වහා හෙළිදරව් කළ යුතු බවයි.
 
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලයෙන් ඉවත් වන ලෙසට බලකරමින් ආරම්භ කෙරුණු මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය තනතුරෙන් ඉල්ලා අස් වුණා.
 
ඉන් අනතුරුව පුරප්පාඩු වූ ජනාධිපති තනතුර සඳහා පාර්ලිමේන්තුව තුළ සිදුකෙරුණු ඡන්ද විමසීමකදී තෝරා ගැනුණේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහයි.
 
ඔහු ඊයේ උදෑසන 10.34 ට ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් අතර ඔහු ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගෙන පැය 24 ක් ගතවීමටත් මත්තෙන් මෙම ආක්‍රමණය සිදුවීම විශේෂ සිදුවීමක්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top