Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
21
"නිරුවත, අඩනිරුවත කියන්නේ සාමාන්‍ය දෙයක්" "පාරේ නිරුවතින් ගෙනගිය කොටස නැත්නම් ඒකෙන් වැඩක් නැහැ" දිල්හානි නිරුවත් රංගනය ගැන කතා කරයි

- "නිරුවත, අඩනිරුවත කියන්නේ සාමාන්‍ය දෙයක්" "පාරේ නිරුවතින් ගෙනගිය කොටස නැත්නම් ඒකෙන් වැඩක් නැහැ" දිල්හානි නිරුවත් රංගනය ගැන කතා කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views

අසූව දශකයේ අග භාගයේ රිදී තිරයට පෑයූ දේදුන්නෙන් ආ සමනලිය ඇයයි. හෙළ සිනමාවේ ශ්‍රීදේවිය ලෙස ඇයට නම් පටබැඳුණේ ඇයටම උරුම වූ සුන්දර සිනාව නිසායි.  


මුද්‍රා නාට්‍ය ශිල්පිනියක් ලෙස කුඩා අවධියේ කරළියට පැමිණි ඇය ක්ෂේත්‍රයට පා තැබුවේ නර්තන ශිල්පිනියක් ලෙසයි. හිරු මෙගාර් ස්ටාර් තරගාවලියේ විනිෂ්චය මණ්ඩල සාමාජිකාවක් ලෙසද ඇය කටයුතු කළා. මේ සියලු කරුණුවල හිමිකාරිත්වය අයත් තාරුකා සන්නාමය වන්නේ දිල්හානි අශෝකමාලා ඒකනායක බව මා නොකීවත් ඔබ දන්නවා නිසැකයි. මේ කලකට පසු ඇය සමඟ කළ කතාබහක්.

කොහොමද ඔබේ අලුත් තොරතුරු?

මේ දවස්වල ඇත්තටම කලාකටයුතු නම් මුකුත්ම වෙන්නේ නෑ. ආයේ මට වැඩ කරන්න තිබෙන්නේ අගෝස්තු මැද හරියේ. ඒකත් කොවිඞ් කාලේ නැවතුණු ලක්මාල් ධර්මවර්ධනගේ වාලම්පුරි චිත්‍රපටයේ ඉතිරි වුණු මගේ කොටස විතරයි. ඉන්ධන ප්‍රශ්නය නිසා ගොඩක් වැඩ නැවතුණා.

මේ දවස්වල මුණගැහෙන ප්‍රේක්ෂකයන් මොනවද කියන්නේ?

දැන් මුණ ගැහෙන අය කතා කරන දේවල් දන්නවානේ. තෙල් නෑ, ගෑස් නෑ, පිටි නෑ, අච්චර දවසක් පෝලිමේ හිටියා වගේ දේවල්නෙ. ඉතින් කතාවෙන මාතෘකාත් වෙනස් වෙලා චිත්‍රපට විචාරයක් කියන්න වෙලාවක් නෑ ඒ අයට.

ඇත්තටම ඒක හරි ගැටලූ‍වක් නේද? කලාව කියන දේ කොහෙද රැඳෙන්නේ එතකොට?

කලාව විතරක් නෙවෙයිනේ නේද? මුළු රටක්ම කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නයේනේ අපි ඉන්නේ. එතකොට කලාව එහි එක්තරා කොටසක් විතරයි. වෙන රටවල සිනමා කර්මාන්තයට හරි විශාල තැනක් තිබෙනවා. කලාකරුවන් රකිනවා. ඒත් අපේ අතපසු වුණ කොටස තමයි කලාව. (දුක්බර සිනාවකින් යුතුව)

වෙන රටවල එක ක්‍රමවේදයක් තිබෙනවා. කොයි කවුරු ආවත් නීතිය එකයි, පාලනය එකයි, තීන්දු තීරණ එකයි. රටක් පවතින චක්‍රය එකයි. අපේ ඒ දේ නෙවෙයිනෙ සිදුවන්නේ. එන එන අය අනුව තමයි දියුණුව, පිළිවෙළ, නීතිය පවතින්නේ. එතකොට කොවිඞ් වගේ බාහිර ව්‍යසනයක් ආ ගමන් රටක් එකපාරට කඩා වැටෙනවා. තියෙනකොට අසීමිත ලෙස නාස්ති කරනවා. ණය වෙනවා. නැතිකොට බංකොළොත් වෙනවා. ඒ නිසා වැඩිහිටියන් වගේම ළමයිනුත් ඉන්නේ හරි මානසික ආතතියකින්. මොකද පාසල් පද්ධතිය බිඳ වැටිලා. මොන්ටිසෝරි යන, ප්‍රාථමික වසරවල ළමයින්ගේ පොඩි මනසට මේවා මුකුත් තේරෙන්නේ නෑ. ඒ අය බලනවා ඇති මොකක්ද මේ කියලා. දවසක් ඉස්කෝලෙ යනවා, දවසක් නෑ, ඔන්ලයින් පාඩම් කියනවා. කාර්වල ගිය අයට බයිසිකල් හෝ වෑන්වල යන්න වෙලා. ඒවත් හරියට නෑ. සමහරුන්ට පයින් යන්න වෙලා. මේ පොඩිවුන් කොහොම හිතනවා ඇත්ද මේ ලොකු අයගේ වැඩ ගැන. කියාගන්න බැරි කතන්දර ඇති මේ හිත්වල. අපි දකින්නේ අපේ වයසට අනුවයි. ඒත් අපි ඒ පොඩි වයසට ගිහින් හිතුවොත් හරි ඛේදවාචකයක් ඇති ඒ අයගේ මනස ඇතුළේ.

ඒ වගේම ගෙවල්වල පොඩි දරුවන් ඉන්න දෙමවුපියන්ගේ ප්‍රශ්න බලන්න. දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ. මේ වියදම දරන්නේ කොහොමද? ඉස්කෝල නෑ දරුවන්ට. ඔන්ලයින් පාඩම් ඉවර වෙනකල් අම්මලා ළඟ ඉන්න ඕනෙ. අනෙක් ගෙදර වැඩ කරගන්න, රැකියාවලට යන්න වෙලාවක් නෑ. අපේ දරුවන් ඒ වයස පැනලා නිසා අපි තරමක් සැහැල්ලූ‍වෙන් හිටියට අපේ ගෙවල් අවට අය කන ‘කට්ට‘ අපට පේනවා. ඒක මහ පීඩනයක්. මේ දේවල් මේ විදිහට කතා කරලා විසඳෙන තරම් ලේසි පහසු තැනක නෙවෙයි නේද තිබෙන්නේ?

කලාව, සෞන්දර්යය තිබෙන්නේ මේ වගේ පීඩාකාරී අවස්ථාවල එයින් මඳකට හෝ මිදෙන්න නේද?

ඔව්. අපිත් ඒ පැත්තෙන් කළ හැකි දේ කරනවා. අරගලයට වුණත් ගිහින් අපි සින්දු කියවනවා- කියනවා, චිත්‍රපට පෙන්වනවා, පොතපත කියවන්න, චිත්‍ර අඳින්න උනන්දු කරවනවා වගේ කලාකරුවන්ගේ පැත්තෙන් දිය හැකි දායකත්වය ලබා දුන්නා, මේ අයගේ මනස හදන්න. අපට වුණත් යන්න පුළුවන් ඉඳ හිට පමණයිනේ දැන්. පුළුවන් හැම කෙනෙක්ම දායක වුණා මේ දේවල් සමාජගත කරන්න. ඒත් ඒවා පැළැස්තර විතරයි.

ඔබ සිනමාවට පිවිසෙන්නේ අසූව දශකයේ අවසානයේ. එදා සහ අද දැනෙන වෙනස කොහොමද?

(සිනාසී) උඩුයටිකුරු තමයි. අහසයි පොළොවයි වගේ. දුරයි. කණපිට හැරිලා වගේ ගතියක් තිබෙන්නේ. අපට එහෙම කියන්න පුළුවන් අපි එහෙම කාලයක් ගත කළ නිසා. අද කාලේ ළමයි නම් හිතයි දිගටම තිබුණෙ මෙහෙම තමයි කියලා. ඒත් අපේ චිත්‍රපට පෙළ නැරඹුවොත් බලාගන්න පුළුවන් මේ රටේ චිත්‍රපට කලාව තිබුණ ආකාරය ගැන. අපි ආ කාලයේ හැටියට දැන් චිත්‍රපට කලාව තිබෙන්නේ උලාකනවා වගේ තැනක. ඉඳ හිට රඟපානවා. චිත්‍රපට ප්‍රදර්ශනය පිළිවෙළක් නෑ. චිත්‍රපට උලෙළ නෑ. සිනමාවේ තිබුණු ග්‍රෑන්ඞ් කියන ගතිය, ග්ලැමර් එක, සෙලිබ්‍රිටීස් කියන අයගේ වටිනාකම ඒ සියල්ල ඉවරයි. වෘත්තිමය වශයෙන් වුණත් දැන් හරි බාල වුණ ගතියක් තිබෙන්නේ. අපට කිසි අඩුපාඩුවක් තිබුණේ නෑනෙ එදා. ඒත් දැන් අපි පයින් බඩගානවා, බස්වල යනවා. මම ඒත් කල්පනා කළා වෙන රටක සෙලිබ්‍රිටීස්ලා කීවාම කොහොමද ගැම්ම කියලා. (ලොකු සිනාවක් සමඟ) දැන් අපි යාචකයෝ වගේ පාරෙ යන වාහනවලට අත දාලා උදවු ඉල්ලන්න ඕනෙ ගෙදරට යාගන්න. හිතන්නකෝ ඒ කාලෙයි මේ කාලෙයි වෙනස කොහොමද කියලා.

සහරාන්ගේ ප්‍රහාරයට කලින් කාලය ගත්තොත්, චිත්‍රපට කර්මාන්තයට මොකද වුණේ?

ඊට එහා යුගය ගත්තොත් යම්කිසි ප්‍රමාණයකට සේලයින් දිදී හරි ගිය ගතියක් තිබුණා නේද? මම වුණත් සෑහෙන වැඩ කළා. සිනමාවට, කලාවට, වේදිකා නාට්‍යවලට මිනිසුන්ගේ හිතේ යම් තැනක් තිබුණා. ඒවා දැන් කොහොමටවත් කරගන්න බෑ. අද මිනිස්සු බලන්නේ වේලක් කන්නේ කොහොමද කියලයි. මේවා ඉබේ වුණ දේවල් නෙවෙයි නංගි, නිර්මාණය කළ දේවල්. එක එක යුගවල එක එක්කෙනා ගත් වැරැදි තීන්දු තීරණ අදූරදර්ශී ක්‍රියා නිසා තමයි මේ තත්ත්වයට අපි වැටුණේ. කලාකරුවන් කියලා අපට වෙන් කරන්න බෑ. සියලූ‍ ජනතාව සමඟ අපි ඔක්කොම එකම මඩ වළේ ඉන්නේ. අපට සතුටුයි අපි නම් මොනවා හරි කළා කියලා හරි. ඒ වගේම සම්මාන ලැබුවා. මට නම් දැන් රඟපාගෙන ඉදිරියට යන්න ඕනෙ කියන කැමැත්තකුත් ලොකුවට නෑ ඇත්තටම. මට ඕනේ කොහොම හරි බාරගත්ත වැඩ ටික ඉවර කරලා විශ්‍රාම දිවියක් වගේ පොඩි නිදහසකින් ජීවිතය විඳින්න. ඒත් තරුණ පරපුරට එහෙම ඉන්න බෑනෙ. දැනටත් කීපදෙනෙක් නිර්මාණකරණයේ යෙදෙනවා තමයි. ඒත් හරි කනගාටුයි ඒ අය යොදවන පිරිවැයවත් ආපසු ලබා ගන්න පුළුවන් වෙයිද කියලා හිතනකොට. ඇත්තටම නිෂ්පාදකවරු වුණත් මේ වෙලාවේ අපි වෙනුවෙන් ඉන්න එක විශාල දෙයක්.

‘ජංගි හොරා‘ චිත්‍රපටයේ ඔබේ රංගනය පසුගිය කාලේ කතාබහට ලක්වුණා?

ලංකාවේ අන්තිම වශයෙන් හොඳටම දිව්ව චිත්‍රපටයක් හැටියට ජංගි හොරා සලකන්න පුළුවන්. ඒක යන්තම් අපල කාලය පැනගත්තා වගේ දෙයක් වුණා. එහි නම, ප්‍රචාරණ උපක්‍රම ඒ සියල්ල එයට බලපෑවා වෙන්න ඕනෙ. එතැනින් එහාට චිත්‍රපටයක් ගැන සමාජ කතිකාවක් ඇති වුණේ නෑ මෑතක මම දන්න තරමින්.

අපි ඒ චරිතය ගැන කතා කළොත්, රඟපානකොට අපට චරිත බෙදා වෙන්කරගෙන රඟපාන්න බෑ. මට ඇත්තටම ඔය චරිතය හෝ මීට පෙර කළ එවැනි චරිත අසාමාන්‍ය දේවල් නෙවෙයි. ඉතාම සාමාන්‍ය දෙයක්. සමාජය තමයි එය අසාමාන්‍ය, අතිභයංකර දෙයක් බවට පත් කරන්නේ. නිරුවත හෝ අඩනිරුවත නැත්නම් සමලිංගිකත්වය හෝ වෙනත් මානසික රෝග ඇති චරිත කියන්නෙ සාමාන්‍ය සමාජයේ තිබෙන දේවලින්ම නිර්මාණයක් ඇසුරින් එළියට එන්නක්. මම හිතන විදිහට අසාමාන්‍ය නොවුණත් ප්‍රේක්ෂකයාට අසාමාන්‍ය වුණ නිසා තමයි ජංගිහොරා වුණත් චිත්‍රපටයක් ලෙස හොඳින් ප්‍රදර්ශනය වුණෙත්. රංගන ශිල්පිනියක් ලෙස මගේ මනසේ ඒ චරිත නිරූපණයට බයක්, චකිතයක් දැනෙන්නේ නෑ. මට පුළුවන් කියා හිතෙනවා නම් මම ඕනෙම අභියෝගයක් බාර ගන්නවා. රංගනය කියන්නේ සුදුම, සිල්වත්ම චරිත පමණක් නිරූපණය කිරීම නෙවෙයි.

ඒත් ලංකාවේ එවැනි චරිත නිරූපණය කළ බොහෝ නිළියන් දෙස බැලූ‍වේ වෙනස් ඇසකින්?

ඔව්. ඔව්. මමත් එතැනදි නම් චරිත තේරීම කරනවා. මට මතකයි ප්‍රේමවතී මනම්පේරි චරිතය නිරූපණය සඳහා මට කතා කළා. ඒත් ඇයගේ ජීවිත කතාව ගත් විට පාරේ නිරුවතින් ගෙනගිය කොටස නැත්නම් ඒ චිත්‍රපටයේ මටත් ඇති වැඩක් නෑ. මොකද එවිට ඒ චරිතයට සාධාරණයක් ඉටු නොවන නිසා. හැබැයි මම කවදාවත් සම්පූර්ණ නිරුවත් දර්ශනවලට පෙනී සිට නෑ. වෙනත් රටක නම් මට එවන් චරිතයක් කිරීම සාමාන්‍ය දෙයක් විය හැකියි. ඒත් අපේ රටේ එවන් චරිතයකට පෙනී සිටි පසු ඒ ශිල්පියාගේ මුළු පරම්පරාවම ඉවර කරලා දානවා. අපේ සමාජය පුළුවන් තරම් එවැනි චරිත නිරූපණය කරන අයට ගරහනවා. විහිළුවට ගන්නවා. ඒ නිසා මට මේ රට ඇතුළේ ඒ තරම් අන්තවලට යන්න බැරි බව තේරුම් අරගෙන ඒ සමාජ වටපිටාවටත් ගැළපෙන සීමාව තුළ තමයි යමක් කරන්නේ. එය සමහර විට මගේ හැකියාවේ උපරිමය නොවන්න පුළුවන්. ඒත් මේ රට තුළ අපට පුළුවන් ඔච්චර තමයි. මොකද ඉන් එහාට අපි සමාජයේ ජීවත් වෙන්නත් එපැයි. හොලිවුඞ්වල වගේ එක චිත්‍රපටයක් කළාම ජීවිත කාලයකට ඇති වෙන්න මුදල් ලැබෙන්නේ නෑනෙ අපට. සමාජයෙන් එන බලපෑමේදී අපේ දරුවන්, දෙමවුපියන්, නෑදෑ හිතවතුන් ආදී වටපිටාවට හානි නොවන්නනෙ යමක් කරන්න ඕනෙ.

එය රංගන ශිල්පිනියක් ලෙස වෘත්තීයමය වශයෙන් සිදුවන අසාධාරණයක් නොවේද?

අසාධාරණයක් වෙනවා. නිළියක් කීවාම නළුවකුටත් වඩා එය බලපානවා. එක් අයකුගේ වැරැද්දට සමස්ත පද්ධතියටමයි පහර දෙන්නේ. කීප දෙනකුගේ නොමනා හැසිරීම් නිසා සමස්තය ගැනම එක විදිහටයි සමාජය බලන්නේ. අපේ ක්ෂේත්‍රයේ සමහර අය ඉස්මතු වෙන්න හදන්නේ රංගන හැකියාවෙන් නොවේ, වෙනත් දේවලින්. අද තරුණ පරපුරේ සමහරු මඟු‍ල් ගෙදරකට නම් යන්න දන්නවා වුණත් අවමඟු‍ලකට ඇඳගෙන එන්න ඕනෙ විදිහවත් දන්නේ නෑ. තමන් සහභාගී වන අවස්ථාව අනුව සුදුසු ඇඳුම පැලඳුම තෝරගන්නවත් දන්නේ නෑ. බොහෝ වෙලාවට අඟපසඟ විවෘත වන අයුරින් තමයි පින්තූරයකට වුණත් පෙනී සිටින්නේ. අපේ රටේ සංස්කෘතියට තදින් බැඳුණු හැදියාව ගැන හැඟීමක් ඇතිව කෙනෙකු දිහා බලන ග්‍රාමීය ජනතාවක් තවමත් ඉන්නවානේ. ඒ අය විනයක් ඇතිව සෑම කෙනකුම හැසිරෙයි කියන බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්නේ. කෙනෙකු කියයි අපේ අතීත ජනතාවත් නිරුවතින් හිටියානේ කියලා. හැබැයි දැන් සමාජය පිළිගන්න ක්‍රමයක් තිබෙනවා. අපි අඟපසඟ වහගෙන ඉන්න සිරිතකට පුරුදු වෙලා තිබෙනවා. ඒ සම්ප්‍රදාය සමඟ අප තරමක් හෝ අනුගතව ගමන් කළ යුතුයි. එය දැඩිව බිඳ දමාගෙන යන විට ඔවුන් කාන්තාවන් විශේෂයෙන් නිළියන් අකුරු දෙකේ වචනයෙන් තමයි හඳුන්වන්න උත්සාහ කරන්නේ. ඒ වැනි දේවලට අපිම හේතු සාධක සපයන්න මට නම් කිසිම උවමනාවක් දැන් නැහැ. ඒ නිසා මම හරිම පරෙස්සමින් තමයි සමාජගත වෙන්නෙ. ඉස්සර නම් උත්සවයකට ගියත් නටන්න එහෙම හරි ආසයිනේ. දැන් නම් ? ගමන් බිමන්, උත්සව ආදියට යද්දි හරි ප්‍රවේශම් වෙනවා. මොකද අද අපට පෞද්ගලිකත්වය කියා දෙයක් නෑ. හැම දෙයක්ම ජංගම දුරකථනවලින් පටිගත කරලා සමාජ මාධ්‍යවලට මුදා හරිනවා. ඒ වගේම අපේ අයත් ගෙදර කනබොන එකයි යන එන තැනුයි ඔක්කොම සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරගන්නවානෙ. තමන් ගැනම යූටියුබ් චැනල් හදාගෙන පෞද්ගලිකත්වය විනාශ කරගෙන තිබෙන්නේ. මිනිස්සු කොච්චර දොස් කියනවාද කියලා ඒ අයවත් දන්නේ නෑ.

හැබැයි එක දෙයක් තිබෙනවා. අලුතෙන් ඇවිත් ජනප්‍රියත්වය පසුපසම හඹා යන අය එහෙම කළාට සෙලිබ්‍රිටීස්ලා හැටියට නමගිය හොඳ රංගන දායකත්වයක් ක්ෂේත්‍රයට සැපයූ අය මේ දේවල් කරනවා අඩුයි. මාලිනී ෆොන්සේකලා, සබීතා පෙරේරලා මේ දේවල් කරනවාද? ඔවුන්ට තමන්ගේ රංගන වෘත්තියෙන් හැදුණු නමක්, ජනප්‍රියත්වයක් තිබෙනවා. හොඳට බලන්න මුකුත්ම වැඩක් හරියට කරලා නැති ‘නළු නිළියෝ‘ තමයි මේවා කරන්නෙ. ඔවුන් රංගන ශිල්පීන් නෙවෙයි. හැබැයි ලස්සනයි, සුදුයි, කාර් බාර්වල යන්නේ, හොඳම ඇඳුම් අඳින්නේ, හෝටල්වල නිතර ඉන්නේ. හැබැයි රංගන දායකත්වය....? ස්වර්ණා මල්ලවආරච්චිලා වගේ අයට එහෙම වැඩිය දඟලන්න ඕනෙද? පිරුණු කළේ දිය නොසැලේ කියන්නේ ඒකට තමයි.

ඔබ කියූ ලස්සන, සුදු නළු නිළියන්ගේ තරු ගුණය ගැන මොකද හිතෙන්නේ?

දැන් තියෙන්නේ ෆැෂන් ෂෝ එකක්නෙ නංගී... චරිතයකදී ගෙදර ඉන්නකොට අඳින විදිහ දන්නෙ නෑ. තිස්සෙම කොණ්ඩෙ විදහාගෙන, චරිතයකටවත් කළු වෙන්න කැත වෙන්න කැමති නෑ. ඒකයි පැවැත්මක් නැත්තේ. ඔවුන්ගේ මනස තිබෙන්නේ එකම තැනක.

හැබැයි ඉතින් මේ ළමයින්ට චිත්‍රපටත් නෑ. රංගන පරාසයකුත් නෑ. කෙටි කාලීන බලාපොරොත්තු පුරවගෙන ඇවිත් නිසා ඉගෙනගන්න උනන්දුවකුත් නෑ. ෆෝන්වලමයි ජීවිතේ ගෙවෙන්නේ. රඟපාන්න ගියාම අපි සෙට්එක ඇතුළෙ ඒ කතාවේ ලෝකයට අනුගත වෙනවානෙ. ඒත් ඒ අයට වැදගත් ජංගම දුරකථනය. ඉතින් මේ අය අතරින් ලොකු චරිත බිහිවෙයි කියලා බලාපොරොත්තු තියන්න අමාරුයි.

හොඳ දේවල් අබිබවා වෙන දේවල් ඉස්මතු වෙලා. ෆේස්බුක් එකේ වැඩිම ලයික්ස් තියෙන අය බලන්න. ඒ අය මොනවද කරලා තිබෙන්නේ කියලත් හොයලා බලන්න. ප්‍රවීණ අයට ඒ තරම් ලයික්ස් ගණනක් එනවාද? මේ අයට වැරදිලාද? වරද්දලාද? මම දන්නේ නෑ. අද හරි දේට නිසි වටිනාකමක් නෑ. සෙල්ෆියක් ගහලා ලයික්ස්වලින් වටිනාකම මනිනවා. ප්‍රබුද්ධ ප්‍රේක්ෂකයන් වගේම ශිල්පීන් මේ දේවල්වලට නෑ. අපට මේ සියල්ල හදන්න බෑ. කරන්න පුළුවන් අනුගත වෙන එක විතරයි. මේවා ගැන හිතන්න ගියාම අපිත් දුකට පත්වෙනවා. වැරැදි දේම පුළුල්ව පැතිරිලා. ඕවා හදන්න කාලේ කන්න තරම් හැඟීමක් දැන් එන්නෙ නැහැ. ඒ බාහිර දේවල් පැත්තක තියලා මම කලින් කීවා වගේ අපිත් දැන් ටිකක් ජීවිතේ විඳින්න නිදහසක් ගන්න එපැයි. (කෙටි සිනාවකි)

රංගනය ගැන ඔබට ආවේණික නිර්වචනයක් ඇති?

මුල් කාලෙදි මට ඒ ගැන දැනීමක් තිබුණෙ නෑ. මම සිනමාවට ආවෙත් අහම්බෙන් නිසා. අපි ලබන අත්දැකීම්, අපි ඇසුරු කරන අය, අපේ අවට පරිසරය, ලැබෙන චරිත, සොබා දහම, සමාජයේ අනෙක් මිනිසුන් දිහා බලන විදිහ, තමන් තමන් දෙස බලන විදිහ එක්ක අපි රංගනය ගැන පරිචයක් ලැබුවා. අපටත් ජීවිතය ගැන ඉගෙන ගන්න සෑහෙන කාලයක් ගත වුණා. ඒ කළ පරිශීලනයන් සමඟ මට හිතෙනවා එදාට වඩා අද චරිතයක් හසුරුවා ගැනීම ලේසියි කියලා. එදා තරම් ලොකු මහන්සියක් අද දරන්න ඕනෙ නෑ. නිදසුනක් ලෙස ජැක්සන් (ඇන්තනි) අයියලා ගත්තාම ඔවුන් ලෝකය දිහා බලන විදිහ, කරන දේවල් අනුව තමන්ව හසුරුවා ගන්නා ආකාරයේදී රංගනය පිළිබඳ ඇති සංවේදිතාව චරිතය තුළින් මතුවෙනවා. නිරන්තරයෙන් ඒ දේවල්වල යෙදෙමින් තව කෙනකුගේ ස්වභාවයක් ග්‍රහණය කරගන්න තරම් හිත දියුණු වෙලා තියෙන්න ඕනෙ ශිල්පියකුට. ඇත්තම කීවොත් ශිල්පියෙක් ග්ලිසරින් දාලා හඬද්දි ඒක ප්‍රේක්ෂකයාට අහුවෙනවා. අවස්ථානුකූලව ඇඬෙද්දි ඒක ඔවුන්ට දැනෙනවා. හරි ශිල්පියකුට ඕනෙ නම් අඬන්න පුළුවන් වෙන්න ඕනෙ.

හීන හොයන සමනල්ලූ‍ නිර්මාණයේ මට තිබුණා මුලින් හොඳට කතා කරලා හිනා වෙලා, එක පාරටම කඳුළු වැටෙන්න අඬන්න. එය අභියෝගයක්. ඒත් අධ්‍යක්ෂවරයාත් පුදුම වුණා මම කොහොමද ඒ මොහොතේ කඳුළු ගත්තෙ කියලා. දෙවැනි ටේක් එකකට ගියානම් සමහර විට මටත් ආයෙ බැරි වෙන්න ඉඩ තිබුණා ඒ දේම කරන්න. නිර්මාණයකදි ඒ චරිතය අපේ කරගන්නත් ඕනෙ. රංගන අත්දැකීම් තිබෙන්නත් ඕනෙ මෙවැනි ක්ෂණික වෙනස්කම් දක්වන්න.

ඇත්තටම අපි රඟපාන්න යද්දි පුළුවන් තරම් හිස් වෙලා යන්න ඕනෙ. ඔළුවේ චරිතය පිළිබඳ සැකැස්මක් තිබෙනවා වෙන්න පුළුවන්. දර්ශන තලයට ගියාට පස්සේ එහි තිබෙන අව්ව, වැස්ස, සුළඟ, ගහකොළ, වේශ නිරූපණය, ඇඳුම්, අනෙක් ශිල්පීන්ගේ හැසිරීම, බැඳීම කොහොමද ආදී සියල්ල අපේ චරිතය නිරූපණයට බලපානවා. අර මැටි පිඩක් වගේ යන්න කියන්නේ ඒ හිස්කම තමයි. වේලපහින්ම මම මේකයි කරන්නේ කියල ගියාට ඒක හරියන්නේ නෑ. පොඩි කාලයක් එතැන ගත කරද්දි අපි එයට පුරුදු වෙනවා. චරිතයට ආරූඪ වෙනවා.

රංගන පාසලක් තිබුණා නම් ඒ ගත වුණ කාලය අඩු කරගන්න තිබුණාද?

මම නම් අධ්‍යාපනය කියන දේ කොහෙත්ම බැහැර කරන්නේ නෑ. පිටරටවල පාසල්වල තමයි රංගනය ඉගෙන ගන්නේ. අපේ පෞද්ගලිකව කීපදෙනකු වැඩමුළු කරගෙන යනවා. විශ්වවිද්‍යාලවලත් යම් දෙයක් කෙරෙනවා. ඒත් මම වගේ තනිව රංගනය හදාරද්දි හොඳම මට්ටමට එන්න ලොකු කාලයක් ගත වෙනවා. සමහර අය නම් සසර පුරුද්දට වගේ එක වාරයකින්ම අල්ලා ගන්න තරම් දක්ෂ වන්න පුළුවන්. ඒත් දෙබස් කියන ආකාරය, විවිධ ඉංගිතයන් මතු කරන ආකාරය ගැන අධ්‍යයනයක් කරන්න තිබුණා නම් ඒ පිළිබඳව පුළුල්ව හිතන්න ශිල්පියාගේ මොළය සැකසෙනවා. එතකොට දෙයක් ලේසියෙන් ‘මීටර් කරගන්න‘ පුළුවන්. සමහර විට අපට ලැබෙන අධ්‍යක්ෂවරුන් පවා එයට බලපානවා. මේ සියල්ලම එකිනෙකට සාපේක්ෂයි.

මට මුලින්ම ලැබුණෙ සරල විනෝදාස්වාදය ගෙනෙන චිත්‍රපට. ඒ කාලේ වුණත් සින්දුවකට නටන්න පවා දර්ශන තලයට ගන්නේ මාස ගණනක් පුරුදු වෙලා. අශ්වයන් පදින්න, සටන් කරන්න, නටන්න අපව පුහුණු කළා. ඒකත් ඉතින් පාසලකට ගියා වගේ තමයි.

එදා සිටි ප්‍රේක්ෂකයාම ද අදත් ඉන්නේ?

(කල්පනා කර) ටෙලිවිෂනයත් සමඟ ඉස්සර චිත්‍රපටයේ තිබුණු මැජික් එක නැතිව ගියා. දැන් නාලිකාවලත් නටන ගයන නළු නිළියන් දකින්න පුළුවන්. වෛවර්ණ සින්දු සමඟ වර්ණවත් රූපරාමු එහි තිබෙනවා. එනිසා ප්‍රේක්ෂකයන් යළි ශාලාවට ගේන්න නම් මීට වඩා දියුණු සිනමා තාක්ෂණයක්, දර්ශන තල, ඩ්‍රෝන කැමරා, කේ‍්‍රන් ආදි දැවැන්ත ශිල්ප ක්‍රම සමඟ වෙනස් ඇඳුම් ආයිත්තම් ද ඇතුළුව අති දැවැන්ත නිර්මාණ කරන්න වෙනවා. අද හින්දි සිනමාව වුණත් එකම තැනකයි තිබෙන්නේ.

අද අපේ තරුණ අධ්‍යක්ෂවරු බොහෝ විට කලාත්මක සිනමාවට බරවෙලා. ඒක ඒ අයගේ කැමැත්ත. අනෙක මමත් හිතනවා අද කාලෙ එදාට වඩා කලාත්මක සිනමා නිර්මාණ බලන පිරිස වැඩියෙන් ඉන්නවා කියලා.

අද ප්‍රේක්ෂකයාට පුළුල් වේදිකාවක් තිබෙනවා නිර්මාණ නරඹන්න. අපේ දුර්වලකම තිබෙන්නේ විශේෂයෙන්ම ස්ටෝරි ලයින් එක නැත්නම් කතා ආඛ්‍යානයේයි. අපේ කාලේ හිටිය දයා විමලවීරලා, සුනිල් සෝම පීරිස්ලා වගේ අය ඒ සිනමාව දැනගෙන හිටියා. මේ වන විට උදයකාන්ත වර්ණසූරිය අය්යා ඇතැම් විට ඒ මඟ යන්න උත්සාහ කරනවා. ඒත් අද වන විට අපේ පොහොසත් සිනමාවේ සිටි දැවැන්තයින් පිරිසක් මෙලොව අතහැර ගිහින් ඉවරයි.

සමහර රංගන ශිල්පීන් පසුව නිෂ්පාදනයට අධ්‍යක්ෂණයට යොමුවෙනවා?

මම නම් නිෂ්පාදනයට අත නොගහන්නේ ඒ තරම් මුදලක් මට නැති නිසා. යන්තම් ජීවත්වෙන්න විතරයි මට මුදල් තිබෙන්නේ. අනෙක අධ්‍යක්ෂණය කියන විෂයයට මට එන්න ඕනෙ කියලා හිතුණොත් මම එය පුළුල්ව හදාරන්න ඕනෙ. මොකද අධ්‍යක්ෂවරියක වන මට්ටමට මම තවම ඇවිත් නැහැ. ඒ වගේම ඒ තනතුර මම හෑල්ලූ‍වට ගන්නෙත් නෑ.

ඔබ හෙළ සිනමාවේ තරුවක්. සිනමා ශිල්පියකුගේ සිවිල්බලය ගැන ඔබට සිතෙන්නේ කොහොමද?

මට කතා කරන්න පුළුවන් මම ගැන විතරයි. මොකද මම දැන් කිසිම කෙනකුට සහතික දෙන්න සූදානම් නැති නිසා. හේතුව මේ හොඳට කතා කරන කෙනා නෙවෙයි පුටුවකට ගියාට පස්සේ ඉන්නේ. මම කලාවෙන් යම් දෙයක් උපයා ගත්තා නම්, ඒ කියන්නේ මුදල් නොවේ, සම්මාන ආදිය සහ ජනප්‍රියත්වය, ජනප්‍රසාදය කියන්නේ අපට ලැබෙන යම් බලයක්. එසේ කලාවෙන් ලබා ගත් බලය හැම විටම මම යොදවන්නේ මිනිසුන්ට හිතකර දෙයක් වෙනුවෙන් පමණයි. ඒත් කලාවෙන් අපට ලැබෙන බලය වැරැදි විදිහට භාවිත කිරීම නිසා යම් යම් අයට වුණ වැරැදීම් අපි දැක්කා. අවසානයේ තමන්ට පාඩුවේ එළියට බැහැගන්න බැරි වෙනවා දැක්කා. ඒ නිසා තමන්ට ලැබෙන ඒ බලය පිරිසුදුව භාවිත කරන්න ඕනෙ. මට අද මගේ හිස කෙළින් තබාගෙන අභිමානයෙන් පාරෙ ඇවිදගෙන යන්න පුළුවන් වීම ගැන සතුටක් තිබෙනවා.

මම මට දිය හැකි දේ ජනතාවට දුන්නා. මටත් ආපසු යම් දේවල් ටිකක් ලැබුණා. මම ඒ ගැන හරිම තෘප්තිමත්. මම කවදාවත් මහා හීන ලෝකවල ජීවත් වුණේ නෑ. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු පස්සේ ගිහින් චිත්‍රපට ඉල්ලලා, අනුන් කපාහරින්න යටිකූට්ටු වැඩ කළේ නෑ. ඒ ගැනත් මට සතුටුයි. අපට ලැබෙන ඒ බලය මුලින්ම වරද්දගත්තොත් හරි භයානකයි. එය සාධාරණව භාවිත කළ යුතුයි. අපි රට වෙනුවෙන් කතා කළ යුතුයි, වැඩ කළ යුතුයි. හැබැයි දේශපාලනය කියන්නේ මට අදාළ විෂයයක් නෙවෙයි.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top