රටේ පවතින සහ පැවතුණු තත්වයට විරෝදය පළකරමිනුයි මෙලෙස අරගලය ක්‍රියාත්මක වූයේ.
මෙම අරගල භූමිය වඩාත් සුවිශේෂී එකක් බවට පත්වුණා.
ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.
ඒ දින සියය පසුකළත් අරගලය අතනොහැර පවත්වාගෙන යාමයි.
මේ අරගල බිම විශේෂ වෙන්න තවත් හේතු රැසක් තියෙනවා.
සාම්ප්‍රදායික අරගලය ගැන අපට ඇති කියවීමෙන් බැහැර වූ ගෝල්ෆේස් බිම ආදරේ අරගලය නමිනුයි ප්‍රසිද්ධ වූයේ.
මේ බිම,
පුස්තකාලයක්, සිනමා ශාලාවක්, චිත්‍රාගාරයක්, කූඩාරම් නිවාස සංකීර්ණ, සංගීත සාජ්ජ, සොඳුරු සංවාද., වේදිකා නාට්‍යය යනාදි තවත් බොහෝ දෑ වලින් පිරුණු තැනක් වුණා.
ඒ වගේම සෑම සංස්කෘතියකටම, ආගමකටම ගරු කරමින් ඒ ඒ ආගම්වලට ජාතීන්වලට විශේෂ වූ උත්සව සැමරීම ද මෙහි සිදු වුණා.
වෙසක්, සිංහල අවුරුදු යනාදිය ඉන් ප්‍රධාන තැනක් ගත්තා.
ඒ විතරක් නෙවෙයි ඔවුන් ශිෂ්ට ලෙස අරගල කරන පිරිසක් බවටත් මේ බිමෙහි පත්වුණා.
එසේම ඊට ප්‍රහාර එල්ල වූ අවස්ථාත් නැතුවාම නෙවෙයි.
කෙසේ නමුත් මේ දක්වා අරගල බිම තුළ රැඳුණු පිරිසත්, මේ අරගල බිමත් සදා මතකයේ රැඳෙන ඉතිහාසගත පිරිසක් වනු නොඅනුමානය.