කෙසේ හෝ වේවා, සුශාන්ත් සිංගේ හිටපු පෙම්වතිය රියා චක්‍රබෝර්තී 2020 වසරේ දී අත්අඩංගුවට පත් වන්නේ මත්ද්‍රව්‍ය චෝදනාවක් නිසයි. (පසුව ඇය ඇප ලබාගත්තා.)
මෙම නඩුවේ දී සුශාන්ත් සිංගේ සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් චෝදනා පත්‍රයක් ගොනු කර තිබෙනවා.
ඇය ඇතුළු 35 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ගණන 38ක්.
ඇගේ සොහොයුරා ඇතුළු පිරිස් විසින් කිහිප වතාවක්ම ගංජා මිලට ගෙන සුශාන්ත් සිං වෙතට ලබා දී තිබුණා.
2020 අවුරුද්දේ මාර්තු මස සිට දෙසැම්බර් දක්වාම ඔවුන් මෙම ඖෂධ විකිණීම සහ බෙදාහැරීම සිදු කර තිබුණා.
රියාට ප්‍රධාන වශයෙන් මත්කුඩු ගෙන්වීම ගැනත් චෝදනා එල්ල වන අතර, වගන්ති 5ක් යතේ ඇයට මේ වන විට නඩු පවරා තිබෙනවා.
දැනට තහවුරු වී ඇත්තේ සුශාන්ත්ගේ දරුණු මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම් සඳහා පෙම්වතිය රියාද හවුල් වී ඇති බවයි.
ඇතැම් විටෙක ඇය වැරදිකරු වුවහොත් වසර ගණනක් සිරගත වීමට සිදුවන අතර, ඉන්දියාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධව ක්‍රියාත්මක වන දැඩි නීති යටතේ ඇයට වසර 10ක කාලයක් හෝ සිරදඬුවම් විඳිමට සිදුවනු ඇති.
By සෑම්
ඉන්දීය මාධ්‍ය