Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
05
"මම කරන්නේ හදවත කියන දෙය" සුරංගනාවියක් වගේ ලස්සන හිරූෂි ජයසේන කියපු කතාව

- "මම කරන්නේ හදවත කියන දෙය" සුරංගනාවියක් වගේ ලස්සන හිරූෂි ජයසේන කියපු කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

වර්තමාන කලා ක්ෂේත්‍රයේ ගයන රඟන තරු දුර්ලභයි. ගායිකාවන් රංගන ශිල්පිනියන් වන්නේද රංගන ශිල්පිනියන් ගායිකාවන් වන්නේද අතළොස්සක් පමණයි.



ගායනය, රංගනය සහ නිවේදනය යන ත්‍රිවිධ භූමිකාවල නිරත වන කලාකාරිනියන් අල්පයි. හිරුෂි ජයසේන නම් තරුණිය මෙකී භූමිකා ත්‍රිත්වයේම තම නිපුණත්වය පෙන්වූ කලාකාරිනියක්. කලා ආභාෂය සහිත පවුල් පසුබිමකින් පැමිණෙන ඇය මේ වන විට කලා ක්ෂේත්‍රය තුළ විවිධ විචිත්‍ර දෑ කරමින් ප්‍රේක්ෂකාගාරයේ අවධානය තමා වෙත යොමු කර ගනිමින් සිටින්නී. මේ ඇය සමඟ සරසවිය අපි කළ කතාබහයි.

ඉතින් හිරුෂි, කොහොමද ජීවිතේ?

හොඳින් ඉන්නවා. මේ දවස්වල අලුත් අලුත් වැඩ ටිකක් කරගෙන, තව වැඩවලට සැලසුම් හදමින් ඉන්නවා.

ලංකාවේ කලා ක්ෂේත්‍රයේ රැප් කියන ගායිකාවෝ අවමයි. ඒත් ඔබ?

පසුගිය දශකය ඇතුළත රැප් සංගීතය වලංගු සංගීතයක් ලෙස හැමෝම භාරගත්තා. ගොඩක් අය දන්නේ නැහැ රැප්, හිප්-හොප් සංගීත ගොඩනඟන එක කොච්චර සංකීර්ණයිද කියලා. රැප්වලට තනුවක් නැහැ. රැප් එකේ වචනවලින්, තේරුමෙන්, රිද්මයෙන් ඒ තනුව නැතිකමේ අඩුපාඩුව සම්පූර්ණ කරන්න ඕනේ. එතනදි රැප් ආටිස්ට්ලාට ලොකු අභියෝගයක් තියෙනවා, තනුවක් නැති නිර්මාණයකට රිද්මයක් එක්ක හදන පදමාලාවලට ආකර්ෂණයක් එකතු කරන්න. ටික කාලෙකට කලින් මම ඉංග්‍රීසි රැප් කියලා අන්තර්ජාලයට දැම්මේ ආසාවට. ඒකෙන් ගොඩක් ගෑණු ළමයි අභිප්‍රේරණය වුණා කියලා මට දැනගන්න ලැබුණා. රැප් එකකින් අපේ අදහස සෘජුවම ප්‍රකාශ කරන්න පුළුවන්. මම හිතනවා ගායිකාවන් ඉදිරියේදී තමන්ගෙ නිර්මාණවලට රැප් ශෛලියත් එකතු කරන්න උත්සාද්හ ගන්න ඕනේ. ඒක බටහිර ශෛලියට විතරක් කොටු වුණු සංගීතයක් නෙමෙයි. අපේ ජන සංගීතයේ සමහර නාද රටා තියෙනවා ඒ වගේ තනුවට බර නැති, රැප් ශෛලියට සමාන. ක්ෂේත්‍රයේ හැමෝටම මම ආරාධනා කරනවා ඒ වෙනසට උත්සාහ කරන්න කියලා. ඉදිරියේදී මම විසින්ම රචනා කරපු ගීතයකටත් රැප් ශෛලිය එකතු කරගත්තා.

සංගීතය කොතරම් දුරට හදාරලා තියෙනවාද?

මම සංගීතය හදාරන තියෙන්නේ වාදනය පැත්තෙන්. ගායනයෙන් මම සංගීතය හදාරලා නැහැ. මම හැදෑරුවේ බටහිර සංගීතය. වයලින් වාදනය සහ පියානෝ වාදනය ඇතුළු බටහිර සංගීත භාණ්ඩ වාදනය හදාරලා තියෙනවා. ගායනය නම් ගෙදරින්ම මම පුහුණු වුණු දෙයක්. ඒක මගේ අම්මාගේ සහ තාත්තාගේ දිරිගැන්වීමත් එක්ක විනොදාංශෙට කරපු දෙයක්. පොඩි කාලේ ඉඳලාම මම විනෝදාංශයක් විදිහට ගීත ගායනා කළා. වෘත්තිය මට්ටමෙන් කලාකාරිනියක් ලෙස ක්ෂේත්‍රයට ආවේ 2016දී. ඒ මායා චිත්‍රපටයේ පසුබිම් ගීතය ගායනා කරමින්. මගේ පළමු වැනි ගීත නිර්මාණය කළේ 2018දී "හැඟුමන්" ගීතය.

දැන් හිරුෂිව හැමෝම දන්නෙ "රූසරා" කිව්වම.

රූසරා කියන්නේ භාතිය සහ සන්තුෂ්ගේ නවතම ගීතය. එහි රූපරචනාවේ මම රඟපානවා. රූසරා ගීතයට ආරාධනාව ලැබුණාම රංගනයට ලොකු කැමැත්තක් නොතිබුණත් මම ඒ ව්‍යාපෘතිය බාර ගන්න හේතුව වුණේ ඒකේ මට නිරූපණය කරන්න තිබුණේ වීරවරියකගේ චරිතයක්. ලංකාවේ කලා නිර්මාණවල වීරවරියන් දකින්නේ හරිම අඩුවෙන්. ගොඩක් අපි දකින්නේ වීරයන්ව. කාන්තා සටන් ප්‍රතිරූපයක් පළමුවරට මේ ගීතයෙන් නිරූපණය වෙනවා. ඒ වගේ චරිතයකට පණ දෙන්න ලැබුණු එක හොඳ අත්දැකීමක් මට. රූසරා ගීතයටත් මට ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය මාව දකින්නෙ නැති අලුත් විදිහේ ප්‍රතිරූපයක් එතන තිබුණා.

රූසරා ගීතයත් එක්ක හිරුෂිට රංගනයට ආරාධනා ගොඩක් ලැබෙනවා ඇති නේද?

අනිවාර්යයෙන්ම. මට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ රංගනයට. මගේ සංගීත ගමනට උදවු වෙන විදිහේ ආරාධනා රංගනය පැත්තෙන් ලැබුණොත් මම භාර ගන්නවා. චිත්‍රපට පසුබිම් ගායනයට ආරාධනා ලැබුණොත් නම් අනිවාර්යයෙන්ම භාරගන්නවා.

හිරුෂි කියන්නේ විවිධ අත්හදා බැලීම් සමඟ වෙනස් විදිහේ නිර්මාණ කරන කෙනෙක්. ඇගයීම් වගේම විවේචනත් ඇති?

මම කිසිම රාමුවකට කොටු වුණේ නැහැ. ශාස්ත්‍රීය සංගීතය ඇතුළුව විවිධ ශානර අත්හදා බලා තියෙනවා. මේ ගමනේදී මට හිතුණා ලංකාවෙ වගේම ලංකාවෙ එහා ඉන්න ප්‍රේක්ෂකාගාරයටත් ගායනා කරන්න පුළුවන් කියලා. මම පොඩි කාලේ අධ්‍යාපනයට විදේශගත වුණාම මම ඒ රටවල සංගීත ක්ෂේත්‍රය දැකලා තියෙනවා සහ ලංකාවෙන් පිටත ඉන්න විට ලංකාවේ සංගීතයේ සමහර විශේෂ ගුණාංග පෙනෙනවා. අපි ප්‍රායෝගිකව හිතුවොත් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ මේ තරම් කාලයක් කරගෙන ආපු දේවල් ඒ රාමුව තුළ ඉඳලාම කරගෙන යන්න පුළුවන්. නමුත් ලංකාවට විදේශ විනිමයක් එකතුවෙන විදිහේ සංගීත ක්ෂේත්‍රයක් හදන්න අපි අවදානමක් ගන්න ඕනේ. අපේ පරම්පරාවෙන් ඒ අවදානම අරගෙන වෙනසක් කළොත් ඉදිරියේදී ලංකාවේ සංගීතයට අන්තර් ජාතික වටිනාකමක් ලබා දෙන්න පුළුවන්. ඒ වෙනස කරන විට අනිවාර්යයෙන්ම විවේචන එනවා. විවේචන නැති තැනක කවදාවත් සාර්ථකත්වයක් නැහැ. ඇගයීම් වගේම විවේචනත් මට වැදගත්.

ඔබ කලක් නිවේදන කටයුතු කළා නේද?

දැන් නම් මම මාධ්‍යයෙන් ටිකක් ඉවත් වෙලා සංගීත කටයුතුවලට ප්‍රමුඛත්වය දෙනවා. ක්ෂේත්‍ර දෙක තුනක ඉන්නවිට අවදානය යම් මට්ටමකින් ගිලිහෙන්න පුළුවන්. ඒ නිසා මම මගේ උපරිම ශක්තිය සහ මහන්සිය මගේ සංගීත ගමනට යොදවනවා.

ඔබ කලාවෙන් විවිධ දේ කළාට ඉගෙන ගත්තේ වෙනම ක්ෂේත්‍රයක්?

මම ඉගෙනගත්තෙ මනෝ විද්‍යාව. මම පොඩි කාලේ ඉඳලා හැදුණේ විද්‍යාව එක්ක බැඳුණු විද්‍යාවට ආදරේ කරන පරිසරයක. මගේ තාත්තා සහ අයියා දෙදෙනාම විද්‍යාව පැත්තෙන් වෘත්තීන් කරන්නේ. ඉගෙනගන්න කාලේ ඉඳලා මම විද්‍යාවට දක්ෂ නිසා මම උසස් අධ්‍යාපනයත් විද්‍යාව විෂය ආශ්‍රයෙන්ම හැදෑරුවා. නමුත් මගේ හදවත සමීප ගොඩක් කලාවට. අවසානයේ මම කරන්නේ හදවත කියන දෙය. මගේ උසස් අධ්‍යාපන කටයුතු නිම කරලා කලාවට එන්න තීරණය කළා.

මේ හැම දෙයකටම ගෙදරින් ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්?

මගේ තාත්තා රනිල් ජයසේන. ඔහු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඒ වගේම ඔහු ගීපද රචකයෙක්. ප්‍රවීණ ගායක ගායිකාවන් රැසකට ගීත ලියූ කෙනෙක් ඔහු. මගේ අම්මා මාදනී ජයසේන. ඇයත් ගායන විනෝදාංශයක් ලෙස ඉදිරියට කරගෙන ගිය කෙනෙක්. මට ගෙදරින් සියයට දෙසීයක සහයෝගයක් ලැබෙනවා. හිතුවේ නැහැ මම පූර්ණකාලීනව කලා කටයුතුවල නිරත වෙනවට ඔවුන් කැමති වෙයි කියලා. නමුත් ඔවුන් ඉතාම කැමැත්තෙන් මගේ කටයුතුවලට සහයෝගය ලබාදෙනවා.

ඉස්සරහට මොකද වෙන්නේ?

ඉස්සරහට ඔයාලා හැමෝටම මාව ගීතයෙන්ම දකින්න පුළුවන් වෙයි. ඒ වගේම සංගීතය හා බැඳුණු වෙනත් කලා කටයුතුවලදිත් හිරුෂි කියන කෙනාව බලාගන්න පුළුවන් වෙයි. ඉදිරියේදී මම කරන නිර්මාණ බහුතරයක් මගේම වෙයි. ඒ කියන්නේ මම විසින්ම ගායනයෙන්, පදරචනයෙන් සහ තනු නිර්මාණයෙන් හැඩ වුණු ගීත නිර්මාණය කරයි. ඒ වගේම ඇල්බම් එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.


නිර්මාණි බණ්ඩාරනායක

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top