Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
04
"මම ආස හින්දා තමයි හෙක්ටර් රැවුල වැව්වෙ..මම කිව්වා රැවුල කැපුවොත් තරහා වෙනවා කියලා.." "තාත්ති මගේ හීරෝ...." හෙක්ටර්ගෙ සොඳුරු කැදැල්ල.. ආදරණීය බිරිඳ සහ දියණිය කියන කතාව - Photos

- "මම ආස හින්දා තමයි හෙක්ටර් රැවුල වැව්වෙ..මම කිව්වා රැවුල කැපුවොත් තරහා වෙනවා කියලා.." "තාත්ති මගේ හීරෝ...." හෙක්ටර්ගෙ සොඳුරු කැදැල්ල.. ආදරණීය බිරිඳ සහ දියණිය කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

"මම ඉපදුණේ ලංකාවේ. අවුරුදු හතරේදී මම ප්‍රංශයට ගියා. දැන් ප්‍රංශයේ තමයි ජීවත්වෙන්නේ. දැනට මම ප්‍රංශයේ පදිංචිවෙලා අවුරුදු දහයක් විතර වෙනවා..."
 
"තාත්ති මගේ හීරෝ. පුංචි කාලේ ඉඳලා හැම තිස්සෙම මා ළඟින්ම ඉන්නවා..."
 
කවුරුත් ආදරේ කරන හෙක්ටර් ඩයස්ගෙ ආදරණීය කැදැල්ල ගැනයි මේ සටහන.
 
සති අන්ත පුවත්පතකයි මේ සොඳුරු සංවාදය සටහන්ව තිබුණේ..


කාලයක සිට නිහඬ ගමනක් යමින් ක්‍ෂේත්‍රයේ තම ගායක කෞෂල්‍ය මෙන්ම වාදන කෞෂල්‍යය ද මනාවට ඔප්පු කරමින් ආ ගමන් මගේ අද වෙනකොට ඔහු වෙනම හැරවුම් ලක්‍ෂ්‍යකට යමින් සිටිනවා. 
 
මේ දිනවල හිරු නාලිකාවේ රාත්‍රි 8.00ට දිගහැරෙන දිවිතුරා ටෙලිනාට්‍යයේ අගස්තිගේ චරිතය හරහා කවුරුත් ආදරය කරන එහෙමත් නැතිනම් නිල්වන් මුහුදු තීරයේ ගීතයට වෙනස්ම හැඩයක් එක්කළ හෙක්ටර් ඩයස් ගැන අලුත්ම ආරංචියක් ඔබට කියන්න තමයි අපි මේ සැරසෙන්නේ. 
 
මේ කතාබහට අපි හෙක්ටර් විතරක් නෙමෙයි මුල් වරට ඔහුගේ දුව වන ඩියෝතා වගේම බිරිඳ පාඨලීවත් එකතුකර ගත්තා. 
 
දුවගේ සම්පූර්ණ නම
 
ඩියෝතා මේරියන් ඩයස්
 
ඩියෝනා වැඩිපුර ඉන්නේ ලංකාවේද? ප්‍රංශයේද?
 
මම ඉපදුණේ ලංකාවේ. අවුරුදු හතරේදී මම ප්‍රංශයට ගියා. දැන් ප්‍රංශයේ තමයි ජීවත්වෙන්නේ. දැනට මම ප්‍රංශයේ පදිංචිවෙලා අවුරුදු දහයක් විතර වෙනවා.
 
අධ්‍යාපන කටයුතු එහෙම?
 
මම දැනට 11 වසරේ අධ්‍යාපනය හදාරනවා.
 
තාත්තා වගේ දුවත් සංගීතයට ආසයි ද?
 
ඔව්. මම පුංචි කාලේ ඉඳලා තාත්තාගේ ප්‍රසංග බලන්න යනවා. මාත් පුංචි කාලේ ඉඳලාම සින්දු කියන්න කැමතියි. ප්‍රංශයට ගියාට පස්සේ මම සංගීතය වැඩිදුර හැදෑරීමක් සිදුකරනවා. මම අවුරුදු හයේදී ඔපෙරා ගායනයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ.
 
දුවගේ දැන් වයස?
 
අවුරුදු පහළොවයි.
 
සංගීත භාණ්ඩ වාදනය කරනවාද?
 
ඔව් මම ගිටාර් ගහනවා.
 
ප්‍රංශයේ වෙන මොනවද කළේ?
 
මම ප්‍රංශයේ සංගීත තරගවලට ඉදිරිපත් වුණා. 2019 වසරේ පැවති තරගයකින් මම ජයග්‍රහණයක් සිදුකළා. විට්නි හුස්ටන්ගේ ගීතයක් ගායනා කරලා තමයි මට ජයග්‍රහණය හිමිවුණේ.
 
තාත්තාගෙන් ලැබෙන සහයෝගය
 
තාත්තා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. අම්මත් ඉන්නවා.
 
දුව වැඩිපුර ගායනා කරන්නේ මොන ගීතද?
 
මම සියලුම භාෂාවලින් ගීත ගායනා කරනවා. හැබැයි මම වැඩිපුරම ගායනා කරන්නේ ඉංග්‍රීසි ගීත.
 
දුව කොහොමද තාත්තාව දකින්නේ
 
තාත්ති මගේ හීරෝ. පුංචි කාලේ ඉඳලා හැම තිස්සෙම මා ළඟින්ම ඉන්නවා.
 
තාත්තාගේ සංගීත වැඩවලට සම්බන්ධ වෙනවාද?
 
මම නිවාඩුවට ලංකාවට ආවහම තාත්තාගෙ බෑන්ඩ් එකේ තාත්තා එක්ක සින්දු කියනවා.
 
දුව කවදාද ලංකාවෙන් යන්නේ?
 
අපි මාස දෙකක් ලංකාවේ ඉන්නවා. සැප්තැම්බර් මාසයේ තමයි ලංකාවෙන් යන්න අදහස් කරගෙන ඉන්නේ.
 
හෙක්ටර් ඩයස්ගේ දුව ඩියෝනාගේ කතාබහෙන් පසුව බිරිඳ පාඨලීත් මේ කතාබහට එකතු වුණා. ඇය අපට කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.
 
මට ඇත්තටම හරිම සන්තෝසයි හෙක්ටර්ට ලැබෙන ජනප්‍රියත්වය ගැන. මම හෙක්ටර්ගේ රූපය රැකගන්න ගොඩක් මහන්සි වෙනවා. මම ආස හින්ද තමයි හෙක්ටර් රැවුල වැව්වෙත්. මේ දේවල් කළෙත්. මම කිව්වා රැවුල කැපුවොත් තරහා වෙනවා කියලත්. ඊට පස්සේ තමයි නිල්වන් ගීතය නිර්මාණය කළේ.
 
කෙල්ලො කොල්ලො හෙක්ටර්ට වශීවෙලා ඉන්න කතාවට දුන්නේ මේ වගේ උත්තරයක්.
 
ඇත්තටම නැහැ. ඒක මට හරිම ආඩම්බරයක්. එහෙම පොඩි හරි ඊර්ෂ්‍යාවක් දැනෙන්නේනැහැ. මම ගොඩක් මහන්සි වුණා හෙක්ටර්ව මේ තැනට යවන්න.
 
හෙක්ටර් මේ ආ ගමන්මඟ ගැන ඇත්තටම මට සතුටුයි. 
 
හෙක්ටර් මේරියන්ස් කණ්ඩායමේ ඉන්නකොට බොහොම අමාරුවෙන් තමයි අපි දෙන්නා ජීවිතය පටන් ගත්තේ. 
 
මීට අවුරුදු දහඅටකට උඩදී තමයි කාගෙන්වත් උදව්වක් නැතිව අපි දෙන්නා මේ ගමන එන්නේ. 
 
මේ ආපු ගමන ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. 
 
මොකද හෙක්ටර් කියන චරිතය පොළවේ පහගහලා ජීත්වෙන චරිතයක්. 
 
ඒ හින්දම තමයි මම එයාට ගරු කරන්නේ. හෙක්ටර් හරි සාමාන්‍ය චරිතයක්. අවුරුදු ගණනාවක ආපු ගමන්මගේ ආරම්භය කියලයි මට නම් හිතෙන්නේ.
 
හෙක්ටර් ආ ගමන් මඟ ගැන පාඨලීට තියෙන්නේ ඔන්න ඔය වගේ හැඟීමක්. අපි මේ කථාවට පුංචි බාධාවක් කළේ සංගීත ගමනට පාඨලී කරන උදව්පදව් ටිකත් දැනගන්න හිතාගෙන.
 
හැම පැත්තෙන්ම උදව් කරනවා. 
 
එයාගේ මැනේජ්මන්ට් එක තමයි මම. 
 
ඩී මේජර් බෑන්ඩ් එකේ මැනේජ්මන්ට් එක මම තනියම ගෙනියනවා. 
 
එතැනින් පස්සේ එකවුන්ටන්ට් ද සෙකට්රිද කියන හැම ජොබ් එකක්ම ඉෂ්ට වෙන්නේ මගේ අතින්. 
 
දිවිතුරා නාට්‍යයේ ධනුගේ, අගස්තිගේ චරිතයටත් මම ලොකු සහයෝගයක් ලබා දෙනවා. 
 
මේ කතා කරන මොහොතේ මම ඉන්නේ දිවිතුරා දර්ශනතලයේ. 
 
හෙක්ටර් නිළියෝ එක්ක වැඩ කරනවාට පාඨලීට ඊර්ෂ්‍යාවක් තියෙනවද දන්නේ නැහැ නේද. ඔන්න කමක් නැහැ කියලම හිතල ඒකත් අපි අහලා බැලුවා.
 
නැහැ. ඒක රඟපෑමක් විතරයි කියලා මම දන්නවා. තිරයෙන් දකින දෙයට වඩා වැඩි යමක් තිරය පිටුපස තියෙනවා. මොකද ලොකු පිරිසක් ඉදිරියේ තමයි ඒ දර්ශන රූගත කිරීම් සිදුකරන්නේ.
 
අනික අපි දෙන්නා අවුරුදු ගණනාවක් එකට ඉඳලා විශ්වාසය ගොඩනගාගෙන යන ගමනේදී මීටත් ඉස්සර හෙක්ටර් ගායකයෙක් වශයෙන් ප්‍රසිද්ධ වෙද්දි ඔයිට වඩා ප්‍රශ්න ඇතිවෙන දේවල් වෙන්න තිබුණා. 
 
නමුත් එයා ඒ වගේ කෙනෙක් නෙමෙයි. 
 
ෆැමිලි ලයිෆ් එක මොකක්ද එයාගේ කැරියර් එක මොකක්ද කියන බැරියර් එක එයා හොඳට දන්නවා. 
 
අනික එයා දන්නවා ෆැමිලි එකත් එක්ක යන ගමන සක්සස්ෆුල් කියලා. මම හිතන්නේ එයාට ඒ ආශිර්වාදය අපෙන් ලැබෙන හින්දනේ මෙච්චර ඉස්සරහට යන්න පුළුවන්. 
 
මගේ ජීවිතයට හමුවුණු අවංකම පිරිමියා හෙක්ටර්. අනික හෙක්ටර් දන්නවා එයාගේ සීමාව.
 
බිරිඳ පාඨලීගෙන් පසුව අපේ ප්‍රධාන කථානායකයා වන හෙක්ටර් ඩයස්ගේ හඬ අවදි කරන්න අපි හිතුවා මොකද මේ කතාවට එළිය වැටෙන්න නම් ඒ කථාව ඕනෑමයි.
 
දුවට මොනවගේ සහයෝගයක් ද ලබා දෙන්නේ.
 
එයාට ඇත්තටම මගෙන් ලොකු සහයෝගයක් වුවමනා නැහැ. සංගීතය පැත්තෙන් එයා මටත් වඩා ඉදිරියෙන් ඉන්නේ. එයාගේ වෝකල් ටේ්‍රනර් විදිහට එයාට හොඳ කෝච් කෙනෙක් හම්බවෙලා තියෙනවා. සංගීතය ගැන එයාට මට අමුතුවෙන් උගන්වන්න දෙයක් නැහැ. අපිට ලංකාවේ නැති පහසුකම් ඇයට ප්‍රංශයෙන් හම්බවෙනවා. මේ ක්‍ෂේත්‍රයේ හිටියා කියලා ඇය අධ්‍යාපනය අතපසු කරලත් නැහැ. මම හිතනවා දුව හොඳ ගමනක් යාවි කියලා.
 
දිවිතුරා අගස්ති ආයෙමත් හිමිවුණා නේද?
 
මම මේ ක්‍ෂේත්‍රයේ නළුවෙක් විදිහට හිටියේ නැහැ. මම සංගීතඥයෙක් විදිහට තමයි වැඩ කළේ. මම ඇත්තටම නළුවෙක් නෙමෙයි විරාජ්ගෙයි, චාමරගෙයි ඉල්ලීමකට තමයි මේ නාට්‍යය භාර ගත්තේ. කිසිම පළපුරුද්දක් නැතිව තමයි මේ වැඩේ භාරගත්තේ. මේ වෙද්දී මට ලැබෙන ප්‍රතිචාර එක්ක මම ඇත්තටම සතුටුවෙනවා.
 
හෙක්ටර් වැඩේ ගොඩ දාගත්තා කියලත් කට්ටිය කියනවා?
 
ගොඩදාගත්තා කියලා ගොඩ දෙනෙක් මගේ මූණටත් කියනවා. මම ඇත්තටම ඒකට සතුටුයි. කිසිම පළපුරුද්දක් නැතිව එතැනට ගිහිල්ලා ගොඩදානවා කියන වචනේ ඇහෙනකොටත් ඇත්තටම සතුටුයි. මම හිතුවේ නැහැ මට සාධාරණයක් කරගන්න පුළුවන් වේවි කියලා. මට පුළුවන් උපරිම ශක්තිය යොදලා ඒ පැත්තත් ගොඩදාන්න ට්‍රයි කළා. අධ්‍යක්‍ෂ චාමර කියනවා මචෝ උඹ දැන් තැනට ඇවිල්ලා කියලා.
 
අලුත් ආරාධනා තියෙනවාද?
 
ඔව් ආරාධනා නම් එනවා. නමුත් මම හිතනවා මේක හොඳට කරලා මෙතනින් පස්සේ ඒක දිගට අරගෙන යන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ. මගේ සංගීත පැත්ත කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. දෙපැත්තෙම යන්න ගියොත් මට එකක්වත් හරියට කරගන්න බැරිවෙනවා.
 
නළුවෙක් වෙන්න අදහසක් නැහැ
 
ඇත්තටම මගේ හිතේ එහෙම අදහසක් තිබුණෙත් නැහැනේ. අහම්බෙන් ලැබුණු ආරාධනාවකට ගියේ. ඒක මේ වෙනකොට කරගෙන යනවා. මගේ සංගීත දිවිය මේකට පටලවා ගත්තොත් හරියන්නේ නැහැ. මම ආසා කරන්නේ මගේ සංගීත දිවියට. එක ගමනක් ගියහම හොඳටම ඇති කියලා මට හිතෙනවා. කොහොමත් මට ආදරය කරන විශේෂ පිරිසක් හැදිලා තියෙනවා. ඒක වුණේ නළු ජීවිතයට ආවට පස්සේ.
 
අතුල සමඟ ගීයක් කරනවා කියලත් ආරංචියි.
 
මේ දිනවල මමත් අතුල අධිකාරිත් එකතු වෙලා ඩුවට් එකක් කරගෙන යනවා. කට්ටිය ආස නිසයි මම සැලලිහිණියෝ කියලා කවර් සෝන්ග් එකක් කළේ.
 
ඩී මේජර්ලාට දැන් දශකයක්.
 
ඔව්. අපේ බෑන්ඩ් එකේ ඇනවසරි එක අගෝස්තුවල කොන්සර්ට් එකක් කරන්න
 
හිතාගෙන හිටියේ. රටේ තත්ත්වයත් එක්ක ඒකට පොඩි අපහසුතාවක් පැන නැගිලා තියෙනවා. මේ අවුරුද්දේ අපි කැනඩා, යූඑස්ඒ, ඔස්ටේ්‍රලියා, යූකේ වගේ වර්ල්ඩ ටුවර් එකක් යනවා. සැප්තැම්බර්වල තමයි සංචාරය ආරම්භ වෙන්නේ. බෑන්ඩ් එකේ ඇනවසරි එකත් එක්ක මූලික කරගෙන තමයි මේ සංචාර සිදුකරන්නේ.
 
දිනේෂ් විතාන
දිවයින
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top