Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
04
ජැක් අනාගතයෙන් ආව කෙනෙක්ද? රෝස්ව බේරගෙන ජැක් මොනවාද බලාපොරොත්තු වුණේ? ටයිටැනික් ගැන ඇහෙන අමුතු විදිහෙ කතා

- ජැක් අනාගතයෙන් ආව කෙනෙක්ද? රෝස්ව බේරගෙන ජැක් මොනවාද බලාපොරොත්තු වුණේ? ටයිටැනික් ගැන ඇහෙන අමුතු විදිහෙ කතාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

1997 වර්ෂයේදී තිරගත වුණු ඔස්කාර් සම්මාන 11ක් අරගෙන ආදායම් වාර්තා පවා තියපු ජෙම්ස් කැමරන්ගෙ ටයිටැනික් චිත්‍රපටය ගැන කවුද නොදන්නෙ..? සුප්‍රසිද්ධ නළු නිළි දෙපළක් වන Leonardo DiCaprio ජැක් විදිහටත් Kate Winslet රෝස් විදියටත් රඟපාන ටයිටැනික් චිත්‍රපටය ගැන කවුරුවත් නොදැන ඉන්න නම් විදිහක් නෑ.



ලෝකෙම දන්න මෙන්න මේ ටයිටැනික් චිත්‍රපටය ගැන නිර්මාණය වෙලා තිබෙන අපූරු ෆෑන් තියරියක් ගැන කතා කරන්න තමයි මේ හදන්නෙ.

අපි හැමෝම දන්නවනෙ ටයිටැනික් නැවේ හිටපු සුන්දර තරුණිය රෝස්ගෙ ආදරේ දිනාගෙන අවසානයේ ඇයව බේරගන්න තමන්ගෙ ජීවිතේ පවා කැප කරපු ලස්සන කොල්ලා ජැක් ගැන. ඔයාලට ජැක්ව අමතක වුණත් මේ ජැක්ගෙ චරිතය රඟපෑව සුප්‍රසිද්ධ නළු Leonardo DiCaprioව නම් අමතක වෙන්න විදියක් නෑ. ඉතින් මේ ෆෑන් තියරිය හැදිලා තිබෙන්නෙ මෙන්න මේ කියන ජැක් වටායි. මේ කියන ෆෑන් තියරියෙන් පැහැදිලි කරන ආකාරයට ජැක් කියන්නෙ ටයිටැනික් නැව අනිවාර්යයෙන්ම ගිලෙන බව තහවුරු කරන්න ආපු කාලයාත්‍රිකයෙක්. දැන් අපි බලමු ඇයි මේ ෆෑන් තියරිය ඉදිරිපත් කරන අය ජැක්ට කාලයාත්‍රිකයෙක් කියන්නෙ කියලා.

පළමුවැනි සිදුවීම තමයි චිත්‍රපටය තුළ ජැක් රෝස් එක්ක කතා කරමින් ඉන්නකොට තමන්ගෙ තාත්තා එක්ක wissota කියන විලේ මාළු අල්ලන්න ගිය හැටි ගැන ඔහු ඇයට කියනවා. චිත්‍රපටයේ ආකාරයට ජැක් රෝස්ට මේ සිද්ධිය කියන්නෙ 1912 අවුරුද්දෙයි. නමුත් ඇත්තටම බැලුවොත් wissota කියන විල ඉස්සර ඉදලා තිබුණ විලක් නෙවෙයි. ඒක මිනිස්සු නිර්මාණය කරපු විලක්. ඒක හදලා වතුර පුරවලා තිබෙන්නෙ 1917 වර්ෂයේදියි. ඒ කියන්නෙ ටයිටැනික් නැව ගිලිලා අවුරුදු පහකට පස්සෙ හදපු විලක මාළු අල්ලපු හැටි ගැන තමයි ජැක්, රෝස්ට ඒ වෙලාවෙ කියල තිබෙන්නෙ.

ඊට පස්සෙ නැවැත වතාවක් ජැක් රෝස් එක්ක කතා කරනකොට ඔහු Santa Monicaවල රෝලකෝස්ටර් එකක් ගැනත් කියනවා. හැබැයි ඔහු මේ කියපු රෝලකෝස්ටර් එකත් විවෘත කරන්නෙ 1917දියි. 1912 වර්ෂයේදි නැවේ ඉන්න ජැක් කොහොමද 1917 විවෘත කරන රෝලකෝස්ටර් එකක් ගැන දන්නෙ.

ඊළඟට අපි යමු ප්‍රධානම සිදුවීමට. ටයිටැනික් චිත්‍රපටයෙදි රෝස් සියදිවි නසාගන්න ගිය වෙලාවෙ එතැනට එන ජැක් රෝස්ව මැරෙන්න නොදී බේරගන්නව අපිට බලාගන්න පුළුවන්. ඇත්තටම රෝස් ඒ වෙලාවෙ වතුරට පැනලා සියදිවි නසාගත්ත නම් මොකද වෙන්නෙ කියලා අපි හිතුවද? ඇය සියදිවි නසාගත්ත නම් ටික වෙලාවකට පස්සෙ ඇයගේ අතුරුදන් වීම ගැන නැවේ කට්ටියට ආරංචි වෙනවා. ඒකෙ ප්‍රතිඵලය වෙන්නෙ ඇය ප්‍රභූ පන්තියෙ කාන්තාවක් නිසා නැව ටිකක් නතර කරලා ඇය ගැන සොයා බැලීම. නැව ටිකක් නතර කරනවා කියන්නෙ යම් කාලයක් ගතවෙනවා කියන එක. මේ කාලය ඇතුළත නැවේ හැප්පෙන්න තිබුණ පාවෙන අයිස් කුට්ටිය පාවෙලා ඉවතට යන්න විශාල ඉඩකඩක් තිබුණා. එතකොට ජැක් රෝස්ව බේරා ගැනීමෙන් කරලා තිබෙන්නෙ ටයිටැනික් නැව ගිලී යෑමට වැඩ සිද්ධ කිරීමක් කියලයි මේ ෆෑන් තියරිය ඉදිරිපත් කරන අය කියන්නෙ.

ඒ වගේම ටයිටැනික් චිත්‍රපටයෙදි අපිට දැනගන්න ලැබෙන දෙයක් තමයි වර්තමානයේ නැව ගැන ගවේෂණය කරන කාටවත් ජැක් කියල කෙනෙක් නැවේ හිටිය කියල දැනගන්න සාක්ෂියක් ලැබෙන්නෑ කියන එක. මහලු රෝස් කියන විදිහට ඒක වෙලා තිබෙන්නෙ ජැක් කලින්ම ටිකට් වෙන් කිරීමක් සිදු නොකර සූදු ක්‍රීඩා කරලා නැවේ ටිකට් එක ලබාගත්ත නිසයි. නමුත් ඔහු එහෙම ටිකට් එක ලබාගත්තෙ කවුරුවත් ඔහු ගැන දැනගන්න එක වළක්වන්න නම්?

ජැක් කියන්නෙ කාලතරණය කරන්නෙක්. ඔහු රෝස්ව මරණයෙන් බේරලා ටයිටැනික් නැව අයිස් කුට්ටියේ ගැටිලා විනාශ වෙන්න ඉඩ හැරියා. නමුත් ඇයි ඒ එයා එහෙම කළේ මොකටද? අන්න එතකොට තමයි ෆෑන් තියරියේ ඉතුරු කොටස මතුවෙන්නෙ. ජැක් ඒ දේ කරල තිබෙන්නෙ මිනිස්සු මිලියන ගාණකගෙ ජීවිතේ බේරා ගන්න වෙන්න පුළුවන් කියලයි ෆෑන් තියරිය ඉදිරිපත් කරන රසිකයන් කියන්නෙ. එයාලා කියන ආකාරයට ටයිටැනික් නැව ගිලුණෙ නැත්නම් ඒක ඇමෙරිකාවෙ විශාලතම මගී ප්‍රවාහන නෞකාවලින් එකක් විදිහට නම් දරනවා. මේ නෞකාවේ ගමන්මඟ වැටිල තිබෙන්නෙ පසු කාලීනව ජර්මන් නාවික හමුදා තමන්ගෙ බලය පතුරවපු ප්‍රදේශ හරහායි.

ඉතින් ටයිටැනික් නැව නොගිලී තිබුණා නම් ඒකට පළමුවැනි ලෝක යුද සමයේදී නිසැක වශයෙන්ම ජර්මන් සබ්මැරීන් එකක ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වෙන්න විශාල ඉඩකඩක් තිබුණා කියලා මේ රසිකයන් ප්‍රකාශ කරනවා. අපි දන්නවනෙ ඇමෙරිකාව මොනවා වුණත් තමන්ගෙ මිනිසුන්ට හානි වීම ඉවසන්නෙ නැති බව. ඉතින් ඇමෙරිකාවෙ නැවකට ජර්මන් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වීමේ ප්‍රතිඵලය වෙන්නෙ ඇමෙරිකාව පළමුවැනි ලෝක යුද්ධයට මුල් කාලයේදීම එකතු වීමයි.

කලින් 1970දි ලෝක යුද්ධයට එකතු වුණ ඇමෙරිකාව ටයිටැනික් නිසා 1914 – 1915 වගේ කාලෙකදි ලෝක යුද්ධයකට සහභාගි වුණොත් මොකක් වෙයිද? ඇත්තටම කියනවා නම් අපි වර්තමානයේ දන්න සුපිරි බලවතා වුණ ඇමෙරිකාව හැමදාම සුපිරි බලවතෙක් වෙලා හිටියෙ නෑ. 1915 වගේ කාලෙ වෙනකොට ඇමෙරිකානු හමුදා බලය ජර්මන් හමුදා බලයට වඩා ඉතාමත් පහළ මට්ටමක තමයි තිබුණෙ. ඔවුන්ගෙ සෙබළුන් පවා නිසි පුහුණු මට්ටමක හිට්යෙ නෑ. ඉතින් ඒ කාලෙ යුද්ධයක් ගියා නම් ජර්මනිය ඇතුළු ඔවුන්ගේ මිත්‍ර රටවල් අනිවාර්යයෙන්ම ඇමෙරිකාව යටත් කරගන්නවා.

වරක් ලෝකයේ අන්න ඒ දේ සිදුවුණ නිසා ඒක වළක්වන අරමුණින් අතීතයට ගිහින් ටයිටැනික් ගිල්වලා අනාගතය සුරක්ෂිත කරන්න අතීතයට ගිය පුද්ගලයෙක් විදිහට මේ ෆෑන් තියරිය ඉදිරිපත් කරන අය ජැක්ව දකින්නෙ. ඉතින් ඔන්න ඕක තමයි ටයිටැනික් චිත්‍රපටය සම්බන්ධයෙන් තිබෙන ජනප්‍රිය ෆෑන් තියරියක කතාව. ඔයාලට ඉහත චිත්‍රපටයේ තිබෙනවා කියල දක්වපු සාක්ෂි ඔක්කොම ජේම්ස් කැමරන් මහත්මයාට චිත්‍රපටය හදද්දි සිද්ධ වුණු අත්වැරැදීමක් නිසා චිත්‍රපටයට එක්වුණ දේවල් කියලා හිතන්න බැරි කමක් නෑ. නමුත් එහෙම හිතුවොත් කිසිම විනෝදයක් නෑනෙ.

තරිඳු ලක්ෂාන්

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top