විදේශ රටවල්වලට ගොස් විවිධ වද හිංසාවන්ට ලක්වන කාන්තාවන් රැසක් සම්බන්ධයෙන් පසුගියදා වාර්තා වුණා සේම ඔවුන්ගෙන් බොහෝ පිරිසක් නැවත දිවයිනට පැමිණියා. එමෙන්ම ලංකික කාන්තාවකට සෞදි රජය විසින් ගල්ගසා මැරීමටද තීරණය කර තිබූ අතර බාලවයස්කාර තරුණියක් සෞදියේදී දිවිනසාගත් බවට පවසමින් ඇයගේ සිරුරද නැවත ලංකාවට එවා තිබුණා.
නමුත් එම මරණය සැකසහිත බව ඇයගේ පවුගේ ඥාතීන් පවසා සිටියා. මේ සියල්ල අතර සෞදියේ සේවය කරන තවත් ලාංකික කාන්තාවකට ඇය සේවය කළ නිවසේ අයිතිකරු විසින් ඇණ 12ක් ගිල්ලවා තිබෙනවා.
රියාද්හි සේවය කළ ඇයට නිවෙස් හිමියන් බලහත්කාරයෙන් ඇණ 12 ක් ගිල්වා වද හිංසා සිදුකර ඇති අතර එරට රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු අදාල කාන්තාව මෙරටට රැගෙනවිත් තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇත්තේ පුත්තලම - මදුරන්කුලිය - මුක්කුතුඩුවාවේ පදිංචි සුභාෂිණි මල්කාන්ති නැමැති 30 හැවිරිදි කාන්තාවක්. නැවති දිවයිනට පැමිණීමෙන් පසුව ඇය රෝහල් ගතකෙරුණු අතර වෛද්‍යවරුන් ඇයගේ තත්වය පිළිබඳව මේ වන විට පරීක්ෂා කරමින් සිටිනවා.