බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
එමෙන්ම පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ඉදිරි පැය 24රේත් ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස දැනුම් දෙනවා.
මේ අතර මධ්‍යම කදුකරයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හරතක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.
මේ හේතුවෙන් මහවැලි ගඟේ පහල කොටස් භාවිතා කරන්නන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි කාර්යභාර ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙන්නේ.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රධාන මාර්ග කිහිපයක ඝන මීදුම් සහිත තත්ත්වයක් පවතින බැවින් රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ මුහුදු රළ ගොඩට ගැලීම් වාර්තා වුණා.
දැඩි සුළං සහ මුහුදේ කැළඹීම් හේතුවෙනුයි මෙම තත්වය ඇතිව තිබුණේ.
ඒ අනුව දෙහිවල, අම්බලන්ගොඩ, ගාල්ල යන ප්‍රදේශ කිහිපයකින් එලෙස මුහුදු රළ ගොඩට පැමිණ තිබුණා.
එමෙන්ම මාතර - ගන්දර - තලල්ල - සීතගල්ල ස්වභාවික මුහුදු තටාකයේ දියනෑමට ගොස් රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසර සිසුවෙක් දියේ ගිලී ගොස් තිබුණා..
එම සරසවියේ සිසුන් 17 දෙනෙකු පමණ අදාළ ස්ථානයට ඊයේ පැමිණ ඇති අතර, ඉන් දියනාමින් සිටි තවත් සිසුන් දෙදෙනෙකු දියවැළකට හසුව ගසාගෙන යන අවස්ථාවේ දී බේරා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
දියේ ගිලී අතුරුදන් වූ 22 හැවිරිදි සිසුවා ගාල්ල - තල්ගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එසේම පමුණුගමුව - උස්වැටකෙයියාව ප්‍රදේශයේ මුහුදු රළ පෑගීමට ගිය කාන්තාවක් රළ පහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
30 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඊයේ (02) තවත් පිරිසක් සමඟ උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයකට සහභාගි වී, පසුව මුහුදු රළ පාගමින් සිට ඇති අතර, එහිදි රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඉන් අනතුරුව එම කාන්තාව වෙරළ දෙසට ආ රළ පහරකින් ගොඩබිමට ගසාගෙන විත් තිබෙනවා.
පසුව ඇය පමුණුගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.