අපි නොදැන උන්නාට, මෙහෙම තවත් කතා කොච්චර නම් අතිද....
"සතොසට ගියා උදෙන්ම සීනි ටිකක් ගේන්න
එක්කෙනෙක්ට එක සීනි කිලෝ එකයි දෙන්නෙ.
ඉතින් මාත් සීනි කිලෝ එකක් අරන් කැශියර් එකට ආව. අද සතොසට සීනි ඇවිත් තිබුන නිසා ලොකු පෝලිමකුත් තිබුන.
ඉතින් පෝලිම දිගේ කැශියර් එක ලගට යද්දි
මට ටිකක් ඉස්සරහින් හිටපු මනුස්සයෙක් සීනි 1kg පරිප්පු 1kg කුයි අරන් කැශියර් එකට දුන්න.
ගාන රැපියල් 1075යි.
ඒ මනුස්සයගෙ අතේ තිබුනේ රැපියල් 1000යි.
ඉතුරැ 75 දෙන්න නැතුව බඩු ටිකවත් දුන්නෑ.
ලග හිටපු කවුරැවත් උදව් කරේවත් නෑ.
මමත් සල්ලි අරන් ගියේ ගානටමයි.
ඒ මනුස්සය කැශියර් එකේ හිටපු කෙනාට කිව්ව ටික මම අහන් හිටිය.
"මහත්තයො මම මේ රැපියල් 1000 හොයන් ආයෙ දවස් තුනක් පාරේ රඹුටන් විකුනල.
ඒත් මට අද ගෙදරට මේ පොඩි ටිකවත් ගන්න සල්ලි මදිවුනා.
ගෙදර තේ ටිකක් බොන්නවත් සීනි ටිකක් නෑ.
ගෙදර ඉන්නව පස් දෙනෙක්.
ගත්ත බඩු දෙකෙන් බාගෙ බාගෙ අරන් ගිහිම් වැඩකුත් නෑ.
කමක් නැ මහත්තයො මුන් අපිට මේ ඇ_රිය මදි "
රටකට වෙච්ච දෙයක්..
රැපියල් 1000ට සීනි කිලෝඑකයි පරිප්පු කිලෝඑකයි ගන්න බැරිවුනා...."
උපුටා ගැනීමකි.-----