ඒත් ඒක කොයි තරම් අවදානම් සහගතද කියන්න මේක හොඳම උදාහරණයක්.
'රට හදමි.. දරුවන් සුරක්ෂිත කරමි..' කියලා දිවුරුම් දුන්න දේශපාලකයින් සැප රියසක වල ගමන් කරද්දි, පුංචි දරුවන් ඊට වඩා අනතුරුදායක ප්‍රවාහන ක්‍රම තෝරගෙන.
ගලෙන්බිඳුනුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ ඉස්කෝලෙක පුංචි දරුවෝ ටිකක් අද උදේ ඉස්කෝලේ එද්දී ලොරියේ තට්ටුව කඩන් වැටිලා.
දරුවෝ 13 දෙනෙක් රෝහලේ ලූ.
පාරේ බස් එකක් නැතිම තැන දරුවෝ ටික පාරේ ආපු ලොරි රථයකට අත වනලා. ඒ වෙනකොටත් මේ ලොරි රථයේ තිස් ගණනක පිරිසක් ඉඳලා.
මේ තියෙන්නේ සමාජ මාධ්‍ය තුළින් අපි අහුලගත්ත සංවේදී ඡායාරූප පෙළක්...
මේ පැටවුන්ට ඉක්මන් සුව ලැබේවා !
ඩොලරයක් ඇසින්වත් දැක නැති මේ දරුවෝ රටේ ඩොලර් කාබාසිනියා කළ දේශපාලඥයන්ගේ වැරදි වලට වන්දි ගෙවන්නෙ කවර පවකට ද..
රජයේ අදූරදර්ශී වැරදි තීන්දු තීරණ හේතුවෙන් පීඩනයට පත් වූ දරු දැරියන් පිරිසක් අකුරු කරන්නට රැගෙන ගිය ලොරියක තට්ටුවක් කඩා වැටී අනතුරට ලක්වීම කෙතරම් දෛවෝපගත ද ?