Paathaan, Dunk සිනමා නිවේදනයන්ට පසුව මේ වසරේ නිවේදනය කෙරුණු Bollywood King Khan ගේ තෙවන සිනමා ආගමනය Jawan ගැනයි අලුත්ම red light එක. Thiriller සහ Mysterious කැටගරි යටතේ screenplay වීමට නියමිත බව පවසන මේ ගැන පූර්ව ප්‍රචාරණයක් පසුගියදා මිනිත්තු 1 තප්පර 34 ක ටීසරයක් මඟින් නිකුත් කරනු ලැබුවා.
ඊට අනුව Jawan 2023 ජුනි මස 2 වැනි දින ලොව පුරා සිනමා ලෝලීන්ට බෙදාහැරීමට නියමිත බවයි පැවසුණේ. මෙය ඉඩචපභඬඩගේ අමතක නොවෙන movie list එකේ ඉහළම තැනක රැඳෙන movie එකක් වේවි කියන එකට ටීසරය හොඳ example එකක්.
රාජා රානි හරහා ආදරය දිනාගත්, තලපති විජයගේ Bigil , Mersal, Theri යන powerful චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වූ සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ Atlee Kumar ගේ අලුත්ම සිනමා නිර්මාණය වන මෙහි female role එක නියෝජනය කරන්නෙ සුපිරි සුරූපී කොලිවුඩ් නිළි නයනතාරා වීම සුවිශේෂයි. කින්ග් ඛාන් සහ නයනතාරා එකම platform එකක රංගනයෙන් දායක වන පළමු අත්දැකීම මෙය වීමද Jawaan Hit එකක් වෙන්න හේතුවක් වේවි.
තවමත් Jawaan පිළිබඳ වැඩි දුර තොරතුරු ගූගල් වාර්තා නොකරන බැවින් මේ ගැන දැනට තීන්නෙ මෙන්න මෙහෙම updates විතරක් වීමම excitement බවයි මගෙ අදහස. Jawan පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් King Khan පැවසුවේ,
“Jawaan යනු භාෂා සහ භූගෝල විද්‍යාවෙන් ඔබ්බට ගිය විශ්වීය කතාවක් වන අතර එය සැමට රසවිඳිය හැකියි. ක්‍රියාදාම චිත්‍රපටවලට ප්‍රිය කරන මට එය අපූරු අත්දැකීමක් වූ මෙම අද්විතීය චිත්‍රපටය නිර්මාණය කිරීමේ ගෞරවය Atlee වෙත හිමිවෙයි.
තවදුරටත් SRK සමඟ Jawaan පිළිබඳ ඇට්ලේ පැවසුවේ, “Jawaan තුළ සෑම කෙනකුටම යමක් තිබේ. එය ක්‍රියාදාම, හැඟීම් සියල්ලගේම දෘෂ්‍ය දර්ශන වන අතර ප්‍රේක්ශකයන්ට සුවිශේෂ අත්දැකීමක් ලබාදීමට මට අවශ්‍යයි” ලෙසිනි.
තවදුරටත් ඔහු පැවසුවේ “Sharukh ට වඩා හොඳින් එය ඉදිරිපත් කිරීමට කෙනෙක් තව කවුරුන්ද? ” යන බවයි.
ඉතින් Sharukh , Nayanthara සමඟ Atlee ගේ ක්‍රියාදමයේ වෙනස අත්විඳීමට තවත් වසරක් බලාපොරොත්තු සහගතව රැඳෙමු.
සජී දිල්තුෂා මුතුකුඩ