UPDATE:
පසුගිය මස 6 වනදා සහ 9 වනදා කොළඹ කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදුකළ විරෝධතාවලින් අනතුරුව ඇති වූ නොසන්සුන්කාරි සිද්ධීන්වලට අදාළව රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට පසුගියදා නියෝග කරනු ලැබුවා.
ළහිරු වීරසේකර, ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහ ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි එහි දී නියෝග කෙරුණේ.
ඒ අනුව අද දිනයේ පූජ්‍ය පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හැර අනෙකුත් පිරිස පොලීසියට භාර වුණා.
මොවුන් භාරවීම සඳහා ගාලුමුවදොර අරගල භූමියේ සිට පාගමනින් කොටුව පොලීසියට පාගමනින් පැමිණි අතර, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසලින් මාර්ග බාධක යොදා අවහිර කර තිබීම හේතුවෙන් ඔවුන්ට කොටුව පොලීසිය වෙත ඇතුළුවීමට ඉඩ ලැබුණේ නැහැ.
ඉන් අනතුරුවයි ඔවුන් පාගමනින් ගොස් මරදාන පොලීසිය වෙත භාර වුණේ.