"අරගල භූමියේදී මැරයන් විසින් වටකරගෙන මට එල්ල කල මාරාන්තික ප්‍රහාරයේදී ජීවිතේ බේරෙන්නේ ඈත ඉදලා දුවගෙන ආපූ මේ කැරලි මර්දන ඒකකයේ පොලිස් නිළදාරී මහත්මයා නිසා....."
මේ සටහන අපේ ඇස ගැටෙන්නෙ සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතක...
නිල ඇඳුම් තුළ සැඟවුණු අපූරු මිනිස්කම් ගැනයි මේ කතාව...
"මැයි 09වන දින ගෝල්ෆේස් අරගල භූමියේදී මැරයන් විසින් වටකරගෙන මට එල්ල කල මාරාන්තික ප්‍රහාරයේදී ජීවිතේ බේරෙන්නේ ඈත ඉදලා දුවගෙන ආපූ මේ කැරලි මර්දන ඒකකයේ පොලිස් නිළදාරී මහත්මයා නිසා.
නමින් Ajantha Rodrigo වන මෙතුමා අද හිල්ටන් හෝටලය ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටියදී මට ඔහු හමුවුණු වෙලාවේ ස්තූති කරන්න..!
පිං දෙන්න පුලුවන් උනා...
මම එෆ්බී සටහනක් තියලා මෙතුමන් හොයද්දී එතුමන්ගේ දියණිය Ayesha Rodrigo තමයි මට එතුමන් ගැන විස්තර දුන්නේ.
එහෙම හොයාගෙන මම කෝල් කරලා පිං දුන්නා මට ඕන වෙලා තිබුනා මූනටම හමුවෙන්න.
අද ඒ දවස උදා උනා... අනේක වාරයක් පිං.."