වෙළඳ සහ සුඛෝපභෝගී මගී නෞකාවල රැකියා සඳහා මෙරට තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට පියවර ගෙන තිබෙනවා.
වෙළඳ නාවිකයන් හා විශේෂ සේවා සඳහා නාවිකයන් පුහුණු කිරීමේ ආයතනවල නියෝජිතයන් සමඟ ඊයේ පැවැති සාකච්ඡාවකදී වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා කියා සිටියේ මගී නෞකාවල කරණවැමියන්, අරක්කැමියන්, ඇතුළු ආගන්තුක සත්කාර කෙෂ්ත්‍ර වල රැකියා සඳහා මෙරට තරුණ ප්‍රඡාවට ඉහළ ඉල්ලුමක් පවතින බවයි.
මේ වනවිට ලාංකිකයින් 16,000, පමණ නාවික කෙෂ්ත්‍රයේ රැකියාවල නිරතව සිටිනවා. නව වැඩපිළිවෙල යටතේ නාවික කේෂත්‍රයේ පුහුණු ලැබු 3000ක පිරිසකට පළමුව රැකියා ලබාදීමට නියමිතයි.