Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
19
පෙණහැල්ලේ හිරවූ මූනිස්සම මුඛයෙන් එළියට ගත් විස්මිත සැත්කමේ කතාව මෙන්න

- පෙණහැල්ලේ හිරවූ මූනිස්සම මුඛයෙන් එළියට ගත් විස්මිත සැත්කමේ කතාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

බටහිර ප්‍රතිකාර ක්‍රමයක් වන භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයක්. අපේ රටේ මේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ ජනතාවට එතරම් අවබෝධයක් නැහැ. විශේෂයෙන් රෝගියකුගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව යම් දෙයක් හිරවීම නිසා නැති නම් වෙනත් රෝගි තත්ත්වයක් නිසා හුස්ම ගැනීමට බාධාවක් ඇති වුවහොත් ඒ බාධාව ඉවත් කිරීමටයි හෘදය හා උරස් භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය යෙදා ගන්නේ.



අප මේ කියන්නට යන්නේ ද වෙඩි වැදීමෙන් දෙදරු පියකුගේ උරස්කුහරය පසාරු කරගෙන ගොස් වම්පෙණහැල්ලේ හිරවී තිබු මුනිස්සමක් භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් මුඛයෙන් පිටතට ගත් විස්මිත ක්‍රියාවක් ගැනයි.

දිනය ඉකුත් 05 වැනිදා. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ දෙදරු පියකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත්කොට තිබුණා. තංගල්ල මොරකැටිය ප්‍රදේශයේ දී වූ වෙඩි තැබීමකින් මෙකි දෙදරු පියා බරපතළ තුවාල ලබා තිබූ අතර තංගල්ල රෝහලින් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකොට එවා තිබුනා. ඒවනවිටත් මෙකී රෝගියා ජිවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ දි මේ රෝගියා එක්ස්රේ පරික්ෂාවට ලක්කරනු ලැබුවා. වෙඩි වැදීමෙන් මොහුගේ උරස් කුහරය පසාරු කරගෙන ගොස් තිබූ මුනිස්සමක් දකුණු පස පෙණහැල්ලේ අනුස්වාස නාළිකාවල හිරවී තිබුණා. පසුව මේ රෝගියා හෘදය හා උරස්කුහර ශල්‍ය ඒකකය වෙත මාරු කළා.

හෘදය හා උරස් කුහර ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර විසින් මෙම රෝගියා පරික්ෂා කරනු ලැබුවා. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටි මෙම රෝගියා ජිවිත අවධානමක සිටියේ. රෝගියාගේ සිරුරේ අභ්‍යන්තරයේ වූ රුධිර වහනය නතර කිරීම සඳහා ශල්‍ය කර්මයක් කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය තීන්දු කළා. ඒ අනුව ශල්‍යකර්මය සිදු කිරීම ආරම්භ කෙරුණා. රෝගියාගේ අවධානම් තත්ත්වයෙන් පසුවූ බැවින් අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා එක්මෝ යන්ත්‍රයද සුදානම් කොට තිබුණා. නිර්වින්දන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගිහාන් පියසිරි රෝගියා නිර්වින්දනය කිරිමට කටයුතු කළා. මුනිස්සම පිටතට ගැනිමට පෙර වෙඩි උණ්ඩය පසාරු කරගෙන ගොස් තිබූ මාර්ගයේ රුධිරය වහනය වීම නතර කොට එම මාර්ගය පිළිසකර කිරීම ශල්‍යකර්මයේ ප්‍රධාන අරමුණ වුණේ. රෝගියාගේ ජිවිතය බේරා ගැනීම සඳහා මෙකී ශල්‍යකර්මය අනිවාර්යෙන්ම කළ යුතු වුණා. විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රොලුෂා හරිස්චන්ද්‍ර ඇතුළු වෛද්‍ය කණ්ඩායම ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදුකරනු ලැබුවා. ශල්‍යකර්මයෙන් පසු රෝගියා ජිවිත අවධානමෙන් මිදී සිටියා.

‘අපිට අවශ්‍ය වෙලා තිබුණේ වෙඩි වැදීම නිසා මුනිස්සම ගිහින් තිබූ මාර්ගය පිළිසකර කිරිම, ඊට පසු තමයි මුනිස්සම ගැනීමට සැලසුම් කළේ. රෝගියාගේ දකුණු උරස්කුහරය විවෘත කරලා රුධිරය අයින් කළා. මුනිස්සම ගමන්කොට තිබූ මාර්ගය පිරිසිදු කළා. ට්‍රැක් එකට ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. වම් පෙණහැල්ලේ අනුස්වාස නාළිකාවල අග්‍රයේ තමයි මුනිස්සම හිරවෙලා තිබුණේ. මුනිස්සම ගැනීම සඳහා බ්‍රොන්කොඩ්කොපි උපකරණය යොදාගෙන බටයක් දමලා ගැනීමට උත්සාහ කළා. නමුත් මුනිස්සම අනු ශ්වාසනාළිකාවල පහළටම ගොස් තිබූ නිසා මුනිස්සම ගැනිම අපහසු වුණා" යැයි වෛද්‍ය නප්ලි හුසෙන් කීවේය.
කෙසේ වුවද දකුණු පස පෙණහැල්ලෙ අනුස්වාස නාළිකාවල හිරවී තිබූ මුනිස්සම සැත්කමින් පසු වම්පස පෙණහැල්ලේ පහළටම ගොස් හිරවී තිබුණි. විවෘත ශල්‍යකර්මයක් කොට මෙකී මුනිස්සම පිටතට ගැනීමට හැකි වුවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය ගැන විශ්වාසය තැබුවාය. භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් මෙම මුනිස්සම පිටතට ගන්න පුළුවන්දැයි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය භෞත චිකිත්සක අසංක මද්දුමගෙන් ඇසුවේය. ඔහුගේ පිළිතර වූයේ අපි උත්සාහ කරලා බලමු කියාය. ශල්‍යකර්මයෙන් පසු රෝගියාට ලබා දි ඇති කෘතිම ස්වසන උපකරණය ඉවත්කර භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය කළ යුතු බව භෞත චිකිත්සක අසංක පැවසුවේය. ඒ අනුව රෝගියගේ වම් පෙනහැල්ලේ හිරවී තිබූ මුනිස්සම පිටතට ගැනීමේ කාර්ය භෞත චිකිත්සක අංසක මද්දුමආරච්චි වෙත පැවරිණි. ශල්‍යකර්මයෙන් පසු රෝගියා හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට කටයුතු කළා.

"මෙම පුද්ගලයාට වෙඩි වැදීම නිසා උරස්කුහරය පසාරු කරගෙන ශ්වාශ නාළ අග්‍රයට ගිහින් තමයි මුනිස්සම නතර වී තිබුණේ. අපිට හුස්ම ගැනීමට තියෙන එකම ඉන්ද්‍රිය තමයි ශ්වාස නාළය. රෝගියාට හුස්ම ගැනිම ප්‍රශ්නයක්; ඒ විතරක් නෙවෙයි සිහිසුන් කරන එකත් ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මුනිස්සම ගැලවුවහොත් ඇඹයක් ගැලවුවා වගේ වෙනවා. ඔක්සිජන් ටික එළියට යනවා. අපිට තියෙන්නේ එක ශ්වාසනාළයයි. එම ශ්වාසනාළය තමයි බෙදිලා පෙණහලු දෙකට යන්නේ. මුනිස්සම ස්වාසනාළය අග ගිහින් හිරවෙලා තිබූ නිසා මුනිස්සම ඉවත් කිරිමේ දී හිලක් ඇති වෙනවා. එම හිල ඇරියහම ඔක්සිජන් ටික එළියට යන්නේ. එම ගැටලුවට අපිට මුහුණදීමට සිදු වුණා. දෙවැනි ගැටලුව තමයි හිරවෙලා තිබූ මුනිස්සම පිටතට ගන්න එක. මෙම රෝගියා ශල්‍යකර්මයකට ලක්කිරීමට තීරණය කළා. අපිට අවශ්‍ය වෙලා තිබුණේ වෙඩි වැදීම නිසා මුනිස්සම ගිහින් තිබු මාර්ගය පිළිසකර කිරිම. ශල්‍ය කර්මයෙන් පසු රෝගියාගේ ජිවිත අවධානම පහව ගොස් තිබුණා. අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා එක්මෝයන්ත්‍රයත් තියාගෙන තමයි ශල්‍යකර්මය සිදු කළේ. ශල්‍යකර්මය කරන අතරතුරේ මුනිස්සම තවත් පහළට ගොස් තිබුණා. වම් පෙනහැල්ලේ තැන්පත් වී තිබූ මුනිස්සම බටයක් දමලා ගන්න බැලුවා එත් බැරි වුණා. මුනිස්සම තිබුණා නම් පෙණහැල්ලේ එම කොටස අවහිර වෙනවා. ඊට පසු තමයි භෞත චිකිත්සක ප්‍රතිකාරය මගින් මුනිස්සම පිටතට ගැනිමට තීරණය කළේ" යැයි හෘදය හා උරස්කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර පැවසුවා.

රෝගියා හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමෙන් පසු කෘතිම ශ්වසන උපකරණය ගලවා ඔහුට සාමාන්‍ය පරිදි හුස්ම ගැනීමට අවස්ථාව ලබා දුන්නා. හෘදය හා උරස් භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගියගේ වම් පෙනහැල්ලේ හිරවී තිබූ මුනිස්සම ඉවත් කිරීමේ කටයුතු භෞත චිකිත්සක අසංක මද්දුමආරච්චි ආරම්භ කළා. ඔහු මෙම කාර්ය සිදුකරනු ලැබුවේ අවධානමක් සිය දෙවුර මත රඳවා ගෙන. මුනිස්සම ස්වාසනාළය හරහා පිටතට ගැනීමේදී යළි පෙණහැල්ල මතට හෝ උදරය වෙත පතිතවීමට ඉඩ තිබුණා. ඒ විතරක් නොව පිටතට ගැනීමේදි මුනිස්සම හිරවුවහොත් රෝගියගේ ජීවිතයට පවා අනතුරක් වීමට ඉඩ තිබුණි. කෙසේවුවද එම අභියෝගය බාරගත් භෞත චිකිත්සක අසංක මද්දුමආරච්චි රෝගියාගේ වම් පෙණහැල්ලේ හිරවි තිබූ මුනිස්සම හෘදය හා උරස්කුහර භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගියාගේ මුඛයෙන් පිටතට ගනු ලැබීය.

මේ පිළිබද භෞත චිකිත්සක අසංක මුද්දුමආරච්චි ඒ කාර්යය පිළිබඳ මෙසේ පැවසුවා.

"පෙණහැල්ල මගින් සිදු කරන්නේ හුස්ම ගැනීම පහසු කිරිමයි. මෙම රෝගියාගේ වම්පෙනහැල්ලේ හිරවී තිබූ මුනිස්සම ඉවත් කිරිමට හෘදය උරස් භෞත චිකිත්සාව තමයි අපි කළේ. සරල සිද්ධාන්ත කිහිපයක් භාවිත කරලා රෝගියගේ වම් පෙනහැල්ලේ හිරවෙලා තිබූ මුනිස්සම ශ්වාසනාලය දිගේ ඉහළට අරගෙන මුඛයෙන් පිටතට ගැනීමට තමයි සැලසුම් කළේ. රෝගියාගේ උදරකුහරයේ තිබු පිඩනය වැඩිකරලා වෙනස්කරලා පෙනහලුවලට පිඩනය වැඩි කළා. මුනිස්සම ඉහළට ගත්තා. රෝගියාව කහිනවාත් සමඟ රෝගියාගේ ගෙල ඉදිරිපසට නැවීමෙන් ඉහළට ආපු මුනිස්සම නැවත ස්වාසනාලයට යන එක නතර කළා. එම සිද්ධාන්තය උපයෝගි කරගෙන තමයි මුනිස්සම රෝගියගේ මුඛයෙන් පිටතට ගත්තේ මුනිස්සමේ දිග සෙන්ටිමිටර් 02ක් විතර ඇති. මෙම ක්‍රමය සාර්ථක නොවුණා නම් රෝගියා ඇදේ හාන්සි කරවලා හිස පහළට දමලා මුනිස්සම ඉවතට ගන්න ක්‍රමයක්ද තියෙනවා. නමුත් එම ක්‍රමය කිරිමට අවශ්‍ය වුණේ නැහැ. රෝගියාගේ වේදනවා අඩුකිරීම සඳහා නිර්වින්දන වෛද්‍ය ගිහාන් පියසිරි විසින් වේදනා නාශක දිලා තිබුණා. රෝගියාට වෙදනාව දැනුණා නම් මුනිස්සම ගන්න ඉතා අපහසු වෙනවා. ඕනෑම පුද්ගලයෙකුට ඕනැම අවස්ථාවකදි ශ්වාසනාලයේ හිරවිම් වෙන්න පුළුවන්. එම අවස්ථාවේ දි අපිට කරන්න පුළුවන් මොකක්ද කියන එක ඉතා වැදගත් එම අවස්ථාවකදි කහින්න කියලා පිටට තල්ලු කරලා පිඩනය වැඩිකරලා එළියට ගන්න පුළුවන්."

ලලිත් චාමින්ද
සිළුමිණ



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top