පසුගියදා මව විසින් කැළණිය - කදිරාන පාලමෙන් ගඟට දැමූ පස් හැවිරිදි දරුවාගේ බවට සැක කෙරෙන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඒ වෙන්නප්පුව - වෛක්කාල වෙරළට ගොඩ ගසා තිබියදියි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ එම සිරුර, පසුගිය 15 වනදා රාත්‍රියේ මව විසින් ගඟට දැමූ දරුවාගේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
දරුවා ගඟට දැමීමෙන් පසුව සියදිවි නසා ගැනීමට ඇය තැත් කළ ද ප්‍රදේශවාසීන් විසින් ඇයව පොලිසියට භාර දීම හේතුවෙන් එම ඛේදවාචකය වැළකී තිබුණා.
සිද්ධියෙන් අනතුරුව පොලිස් අත් අඩංගුවට ගත් අදාළ සැකකාර මව මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි වැලිසර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
42 හැවිරිදි මෙම මව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය, කලක සිට රෝගී තත්වයකින් පෙළෙන බවට විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.
දෙවන විවාහයේ සැමියා මියගොස් ඇති අතර පළමු විවාහයෙන් ඇයට 15 හැවිරිදි දරුවෙකු සිටිනවා.
මෙම කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ පවුලේ ගැටුමක් හේතුවෙන් තමන් මෙලෙස සියදිවි හානිකරගැනීමට උත්සාහ දැරූ බවයි.