Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
16
''මට එහෙම වාහනයක් නැහැ, මම තවම යන්නේ බස් එකේ'' දිවිතුරාහී වින්ඩි කියන කතාව

- ''මට එහෙම වාහනයක් නැහැ, මම තවම යන්නේ බස් එකේ'' දිවිතුරාහී වින්ඩි කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ වින්ඩි ලෙසින් ඔබ හමුවට පැමිණෙන ඇය නමින් නිලූෂි පවන්‍යායි. නිරූපිකාවක් ලෙසින් කලා ලොවට පිවිසෙන ඇය අද වන විට චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක හදවත් දිනාගෙන අවසන්. රංගනයට මෙන්ම නර්තනයටත් එක සේ සමත්කම් දක්වන නිලුෂී සිනමාවටත් පියවර තබා අවසන්. ඒ පිළිබඳව මෙන්ම ඇගේ රසබර තොරතුරු බෙදා හදා ගන්නට නිලුෂී හදගැස්ම සමඟ එක්කාසු වුණේ මෙලෙසයි.



කොහොමද මේ දිනවල නිලූෂීගේ වැඩ කටයුතු?

මේ දිනවල දිවිතුරා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙමින් පවතිනවා. ඒ වගේම චන්දන ලියනගුණවර්ධන නිෂ්පාදනය කරන සිතාංගි ටෙලි නිර්මාණයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඉදිරියේදී පැමිණෙන්නට නියමිත ටෙලි නාට්‍ය ලෙස සමන් කුමාර ලියනගේ සර්ගේ “ඇවිත් මාව හම්බවෙන්න” සහ “වත්සුනු” ටෙලි නාට්‍යය විකාශය වන්නට නියමිතයි. එයට අමතරව ත්‍රිශූල දීප තඹවිට මහත්මයගේ “කළු දල රළ” ටෙලි නාට්‍යයත් පැමිණෙන්නට නියමිතය.

මේ දිනවල නම් වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ වින්ඩිට නේද?

ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ආරම්භයට වඩා දැන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වින්ඩි කියන්නේ නපුරු චරිතයක් වුවත් බොහෝ දෙනෙක් ඒ චරිතය ආදරයෙන් වැලඳ ගත්තා. සමහරු බනිනවා ඊෂාට මගේ කැමැත්ත ලබාදෙන්නේ නැහැ කියලා. ඒ තරම්ම වින්ඩිගේ චරිතය ප්‍රේක්ෂකයන්ට සමීප වෙලා. නපුරු චරිතවලට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා අඩුයිනේ.

එහෙම චරිතයක් භාර ගැනීම පිළිබඳව ප්‍රේක්ෂකයන්ගෙන් දෝෂාරෝපණ ආදිය එල්ල වූයේ නැද්ද?

ඇතැම් අය අහනවා ඇයි මේ වගේ චරිතයක් භාරගන්න සිතුවේ කියලා. බොහෝ අය විශ්වාස කරනවා හොඳ චරිත භාරගත් විට ලැබෙන ආදරය වැඩියි යනුවෙන්. නමුත් වින්ඩි නපුරු චරිතයක් වුවත් ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. වින්ඩිගේ චරිත තරමක් අභියෝගාත්මක වුවත් ලැබෙන ප්‍රතිචාර සමඟ චරිතය වෙනුවෙන් ආදරයක් ඇතිවෙනවා. මුලින්ම මම මේ චරිතය කරන්න බැහැ කිව්වා. නමුත් චාමර අයියා මාව දිරිමත් කරලා චරිතය පිළිබඳව අවබෝධයක් ලබාදුන්නා.

ප්‍රවීණ අය සමඟ වැඩකටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් පිළිබඳ මතකය අවධි කළොත්?

සිතාංගි ටෙලි නාට්‍යය රූගත කිරීමේදී මට බොහෝ ප්‍රවීණයන් මුණගැසෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි අපි ඔවුන් සමඟ සිටින ආකාරය අනුව තමයි අපිට ඔවුන්ගෙන් දේවල් ලැබෙන්නේ. දැන් ක්‍ෂේත්‍රයට එකතුවන නවකයන් විශ්වාස කරන්නේ අපි තරම් දන්න කිසිම කෙනෙක් නැහැ කියලයි. අපි ඒ ආකල්පයෙන් ඉන්නට සුදුසු නෑ. හේතුව ප්‍රවීණයන්ට අපි ගරු කළ යුතුයි. ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට අපට බොහෝ දේවල් තිබෙනවා.

නිලූෂි කලා ක්‍ෂේත්‍රයට පියවර තබන්නේ නිරූපිකාවක් ලෙසයි. ඒ ආරම්භය පිළිබඳ කතා කළොත්?

මම 2015 වර්ෂයේ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගාවලියෙන් තමයි නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණෙන්නෙ. ඒ කාලයේ නිරූපණය පමණයි මම සිදු කළේ. රඟපෑමට හීනෙකින්වත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් 2018 වර්ෂයේ මට සනෝජා බිබිලේ මහත්මියව මුණගැහෙනවා. ඇය මගෙන් අහනවා ඇයි ඔබ රඟපෑම සඳහා යොමුවුණේ නැත්තේ කියලා. ඇය නිසා තමයි මම මුලින්ම තිර පරීක්ෂණයකට සහභාගි වුණේ. ඉන්පසුව තමයි රංගනය සඳහා යොමු වෙන්නට සිතුවේ.

නර්තන උපාධියක් හදාරා රංගනයට යොමුවීම පිළිබඳ කනගාටුවක් දැනුණේ නැද්ද?

කනගාටුවක් දැනුණේ නැහැ. මම කුඩා කාලයේ සිටම කැමැත්තෙන් සිටියේ ගුරුවරියක් වීමට. ඒ සිහිනය යථාර්ථයක් බවට පත්වුණේ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට පෙරමයි. ජාත්‍යන්තර පාසලක මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන ගමන්ම ඉගැන්වීම් කටයුතු සිදුකළා. නමුත් විශ්වවිද්‍යාල වැඩකටයුතු සමඟ ඉගැන්වීම් සිදුකිරීම තරමක්දුරට අපහසු වනවා. මම පාසලෙන් ඉවත් වන විටත් විදුහල්පතිතුමා නැවත ආරාධනාවක් සිදුකළා පාසලට පැමිණ දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සිදුකරන්න යනුවෙන්. මම බොහෝ විට දිගටම රංගන කටයුතු කරන්නේ නම් නැතිවෙයි. තෝරා බේරාගෙන රංගනය හදාරන විට නර්තනය වෙනුවෙන් කැප කරන්න කාලයක් ඉතිරි වෙයි යනුවෙන් මම විශ්වාස කරනවා.

ලංකාව තුළ නිරූපණ ක්ෂේත්‍රයට හිමි වී තිබෙන ස්ථානය සිරූපිකාවක් ලෙස ඔබ දකින්නේ කොහොමද?

මම සිතන ආකාරයට නිරූපණ ක්ෂේත්‍රයට ලංකාවේ තැනක් නැහැ. නිරූපණය පමණක් නොවෙයි රංගනයටත් අද ලංකාවේ තැනක් නැහැ. හැදෑරීමක් නැහැ. නියමිත තත්ත්වයක් නැහැ. නිරූපණය වගේම සෑම දෙයකටම ලංකාවේ තැනක් තිබිය යුතුමයි. ප්‍රංශය, ඉතාලිය ආදී රටවල්වල තිබෙන විලාසිතා වැඩසටහන් ඉතාමත්ම ලස්සනයි. ජාත්‍යන්තර මට්ටමේ විලාසිතා තරග තමයි තිබෙන්නේ. ලංකාවේ ඒ දේවල් හැදෑරීමටවත් තැනක් නැහැ. විශ්වවිද්‍යාලය තුළ නර්තනය හැදෑරුවත් එතනින් එහාට නර්තනය හදාරන්න අපට තැනක් නැහැ. මේ දේවල් ලංකාවේ හැදෙන්නට අවශ්‍යයි.

වර්තමානයේ රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය කලාකරුවන් හට බලපා තිබෙන ආකාරය කතා කළොත්?

කලාකරුවන් හට නිර්මාණයක් කර ගැනීමට හැකියාවක් නැහැ. බොහෝ දෙනෙක් සිටින්නේ පීඩාවෙන්. ඉන්ධන නොමැති ගැටලුව එයට බොහෝ වශයෙන් බලපානු ලැබුවා. අපිත් ලොකු අර්බුදකාරී ප්‍රශ්න කිහිපයකටම මුහුණ දුන්නා. එය කලාකරුවකුට පමණක් නොවෙයි සෑම කෙනකුටම පොදුවේ බලපා තිබෙන ගැටලුවක්. මේ තත්ත්වයට රටේ පාලකයන් තමයි වගකිව යුත්තේ. ඔවුන්ට වගකීමක් තිබුණා රට නිවැරැදි අයුරින් සංවර්ධනය කිරීමට. මේ ගැටලු දුටුවිට අපිට තේරුම් ගන්නට පුළුවන් රටට ආදරය කරන නායකයෙක් රටට බිහිවෙලා නැහැයි කියලා.

සමාජයේ වැඩි අවධානයක් ලබාගන්නා රංගන ශිල්පිනියක් ලෙස තම නම හා චරිතය නිසි අයුරින් පවත්වා ගැනීමට ඔබ වෙහෙසෙන්නේ කෙසේද?

2018 වර්ෂයේ තමයි මම රංගනය ආරම්භ කරන්නේ. මම කුඩා කාලයේ සිටම අධ්‍යාපනය ලැබූ පාසලේ පසුබිම සහ ජීවත්වුණු වටපිටාව සමඟ මට සිතුණ දෙයක් තමයි මට කුමක් හෝ දෙයක් ලැබෙන්නට තිබෙනවා නම් එය ලැබෙයි කියන විශ්වාසය. මෙය මම බොහොම හෙමින් පැමිණි ගමනක්. බොහොමයක් අය කලාකරුවෙක් වූ විට මවා ගත්ත ප්‍රතිරූපයක් තිබෙනවා. හොඳ වාහනයක්, හොඳ ගෙයක් ‍ෙදාරක් හදාගන්න ස්ථාවරයේ සිටිනවා. මට එහෙම වාහනයක් නැහැ. මම තවම යන්නේ බස් එකේ.

රංගනයෙන්ම මුදල් ගොඩනඟා ගන්න බැහැ. මම කලින් පැවසූ විධියට ස්ථාවරයක් හදාගන්න නම් දීර්ඝ කාලයක් මේ ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටිමට අවශ්‍යයි. මට කිසිම කෙනෙක්ට වචනයක් කියන්නට බැරි වෙන්න නම තබාගෙන සිටිනවා. කිසිම කෙනෙක්ට චෝදනා කරන්නත් බැහැ නිලුෂී මේ විදිහෙ කෙනෙක් මේ දේ කරලා තමයි මෙතැනට ආවේ කියලා. ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් ලබා ගැනීමට මම කවදාවත්ම මාව හෝ මගේ ආත්මය පාවලා දෙන්නේ නැහැ.

ඔබගේ වැඩ කටයුතුවලට නිවෙසින් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?

මුලදී මගේ ලොකු අයියා මම ක්‍ෂේත්‍රයට පැමිණෙනවාට වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. තාත්තාගෙත් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දැන්නම් කැමැතියි. අම්මා තමයි හැමදේකටම සහයෝගය ලබාදෙන්නේ. මම කොළඹට එනකොටත් අම්මා සෑම විටම මට ජීවත් වෙන්න අවශ්‍ය විධිය කියලා දුන්නා. කොළඹ පරිසරය තරමක් වෙනස්. මම අද තැනක ඉන්නවානම් මුලින්ම සතුටු වෙන්නේ මගේ අම්මා.

සචිනි බස්නායක

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top