පසුගිය වසරේ අවසන් වකවානුවේ බොලිවුඩයේ කා අතරත් කතාබහට ලක්වුණු විවාහ උත්සවය තමයි විකී කෞෂාල්ගේ සහ කත්‍රිනා කායිෆ්ගේ විවාහය. ඔවුන් දෙදෙනා කාලයක් පෙම්වතුන් වී සිටයි විවාහ වී ඇත්තේ.
විකී කෞෂාල් කියන්නේ රංගනය තුළින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගියදා පැවැති ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානයද දිනාගන්නට විකී කෞෂාල් සමත් වුණා.
ෆිල්ම් ෆෙයාර් සඟරාව සිය ෆේස්බුක් ගිණුමේ විකීගේ ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා. හැබැයි ඒ ඡායාරූපවල විකී විතරක් නෙමෙයි ඉන්නේ. තවත් කාන්තාවක් ඉන්නවා. ට්‍රිප්ති දිම්‍රි නම් ඇය බොලිවුඩයේ නැඟී එන රංගන ශිල්පිනියක්. විකී සහ ට්‍රිප්ති ක්‍රොඒෂියාවේ රූගත කිරීමකදී ගත් ඡායාරූප කීපයක් එම සඟරාවේ පළ කරලා තිබුණේ.