තම බාල පුතුගේ උපන්දිනයට කේක් එකක් මිළට ගැනීමට මුදල් සෙවීමට පසුගිය දිනෙක කොග්ගල කළපුවේ ඉස්සන් ඇල්ලීමට ගිය ධීවරයෙකු මිනීකන කිඹුලෙකුට හසුවීමෙන් අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් තිබුනේ අහංගම ගුරුකන්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන නලීන් ප්‍රසාද් කුමාර දළුවත්ත (32) නැමති පුද්ගලයෙකුයි. මෙම පුද්ගලයාගේ බිරිද මීට මාස කිපයකට පෙර විදේශගතව ඇති අතර මොහුගේ බාල දරුවා වන රම්‍ය උදාර මධුසංක ගේ පස්වැනි උපන්දිනය ඊයේ (25) ට යෙදී තිබෙනවා.
තම පුතුගේ සත්වැනි උපන් දිනය වෙනුවෙන් උපන් දින කේක් එකක් මිලට ගැනීමට කොග්ගල කලපුවේ ඉස්සන් ඇල්ලීමට ගිය මෙම ධීවරයා 24වනදා පස්වරුවේ නැවත නිවසට පැමිණ නැති අතර ඔහු පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් සොයා ඇතත් එය ව්‍යවර්ථ වී තිබෙනවා.
පසුව ඊයේ (25) දහවල් ප්‍රදේශවාසීන් කල සොයා බැලීමේදී කිඹුලකු විසින් ඇදගෙන ගොස් කා දමා තිබුන නලීන් ප්‍රසාද් ගේ මල සිරුර සොයාගනු ලැබුණු අතර මළ සිරුර සොයාගන්න විටත් කිඹුලන් විසින් සිරුරේ ඉනෙන් පහළ කොටස කා දමා තිබුණි.
මෙම මරණය පිළබද ස්ථානීය හදිසි මරණ පරීක්ෂණය අගුළුගහ හදිසි මරණ පරීක්ෂක කමල් ගාමිනී තිලක මහතා විසින් සිදු කරනු ලැබූ අතර මියගිය අයගේ සිරුර පශ්චාත් මරන පරීක්ෂන කටයුතු සදහා ගාල්ල කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවන ලෙස හදිසි මරණ පරික්ෂක වරයා පොලීසියට නියම කරනු ලැබිණි.