1 Views
‘‘අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා, අවධානයෙන් ඉන්න‘‘
අනුරාධපුර සමාජශාලා හිමිකරු වූ වසන්න සොයියා ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු වන එස්.එෆ්. ලොක්කා නැමැති පුද්ගලයා සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔහු මේ වන විට අනුරාධපුර ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුගේ ෆේස්බුක් ගිණුමේද සිද්ධියට සම්බන්ධකම් කිවහැකි බවට පැවසෙන පණිවුඩයක් පළකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ‘‘දිගු නිහැඬියාවක භූමි කම්පාව, අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා, අපිට සහ සමාජයට වැරදි වැඩ කරපු අය ගොඩක් අවධානයෙන් ඉන්න - Coming Soon - ලොකු මල්ලි ලෙසයි.


