පසුගිය රජයේ ප්‍රබලයින්ට අයත් විදේශ බැංකු ගිණුම් 8 ක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා සදහන් කළේ, ඩොලර් තැන්පතු පිළිබදව දත්ත කිසිවිටෙකත් වසන් කළ නොහැකි බවයි. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළා.
එහිදී පසුගිය රජයේ ප්‍රබලයින්ට අයත් විදෙස් බැංකු ගිණුම් පිළිබඳව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,
තමුන්නාන්සේලාට මතක ඇති ගිය ජනවාරියේදී මම ඕක ඉදිරිපත් කලා. ඒවායේ වාර්තා තමයි මේ එන්නේ. එකවුන්ට්ස් 8 ක් දැනට අපි නිරාවරණය කරගෙන තියෙනවා. ඒ නිසා අපි දන්නවා කවුද කියලා ඒ එකවුන්ට්වල අයිතිකරුවන්.
ප්‍රශ්නය - නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔබතුමා ඉදිරිපත් කරන ඔය චෝදනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා බැංකු ගිණුමක් නැහැ කියලා.
පිළිතුර -ඉතින් අපි කිව්වේ නැහැනේ එයයි කියලා. එයා මොකටද පනින්නේ. තව රාජපක්ෂලා ඉන්නවානේ. අනිත් රාජපක්ෂලා කටවහලා ඒ රාජපක්ෂ විතරක් ඇයි කතා කරන්නේ.
ප්‍රශ්නය - එයා කියන්නේ එයාටත් එයාගේ පවුලේ කිසිම කෙනෙක්ටත් විදේශ බැංකුවල ගිනුමක් නැහැ කියල.
පිළිතුර - ඔව් ඉතින් අපි ඒක බලමුකෝ. පරීක්ෂණය කරගෙන යනවානේ. මුදල් ප්‍රමාණය කොච්චරද කියලා අපි බලාගමු එතනින්. එක ගිණුමක 1.086 බිලියන්. අනිත් ගිණුමේ 1.8 බිලියන්. තව ගිණුමක ඕවර් 500 මිලියන්.
ප්‍රශ්නය - ඒ එකවුන්ට් බ්ලොක් කරලාද තියෙන්නේ දැන්.
පිළිතුර - අපි ඉල්ලීම කරලා දැන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒවා ඔක්කොම සීස් කරන්න. මේවා ඔක්කොම ඩොලර් ට්‍රාන්ස් ඇක්ෂන්. මේ සියලුම ඩොලර් ට්‍රාන්ස් ඇක්ෂන් ඇමරිකන් ෆෙඩ්රල් බෑන්ක් එකට වාර්තා වෙනවා. ඇමරිකන් නියෝජිත කණ්ඩායම ලංකාවට ආපු වෙලාවේ කිව්වා හැම ඩොලර් එකක්ම අපිට පුළුවන් කොහේ තැන්පත් කළත් හොයා ගන්න. දැන් ඒ ගොල්ලෝ ඒවා සියල්ලම අපට වාර්තා කරලා තියෙනවා.