රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ සෑම සති දෙකකට ම වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටීමේ කොන්දේසි මත රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද නියෝග කළා.
මීට අමතරව රිෂාඩ් බදියුදීන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගන්නා ලෙස නියෝග කළේ ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවමින්.
පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මාස 6කට වැඩි කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියා.
අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් 21 වනදා අලුයම් කාලයේදීයි.
ඔහුගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි ඉෂාලිනී දැරිය ගිනිගැනීමකට ලක්ව මියගියේත් ඔහු මෙලෙස බන්ධනාගාරගතව සිටියදීයි.
එම සිද්ධිය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවුනා.
මේ අතර අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එයට අදාළවත් රිෂාඩ් බදියුදීන්ට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.