නාත්තන්ඩිය - වලහාපිටිය ප්‍රදේශයේ හොර වංගුව මාර්ගයේ 25 කණුව අසල තිබූ හමුවූ හිස කදෙන් වෙන් කරන ලද මළ සිරුර සොයාගෙන තිබෙනවා.
ඊයේ සවස මෙම මළ සිරුර සොයා ගෙන ඇති අතර මාදම්පේ සිට නාත්තන්ඩිය දක්වා ඇති හොර වංගුව නමින් ප්‍රසිද්ධ මාර්ගයේ පාළු ස්ථානක ඇති වන ලැහැබක තිබී මෙම මළ සිරුර හමුවී ඇත. රතු පැහැති කොට කලිසමක් පමණක් ඇද සිටි ඝාතනයට ලක්වූ අයගේ හිස කදෙන් වෙන් කර තිබී ඇත. වයස අවුරුදු 35 ක් පමණ වන ඔහු රැවුල වවා තිබී ඇත.
මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි මාරවිල අතිරේක දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදි. එම ස්ථානයට පැමිණි හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජයවර්ධන මහතා ස්ථානීය පරීක්ෂාව සිදු කරන ලදි.
මෙම ඝාතනය වෙනත් ස්ථානයක සිදු කර මළ සිරුර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි. ඊට හේතුව වී ඇත්තේ මළ සිරුර තිබූ ස්ථානයේ ඝාතනයක් සිදු කරණ ලද බවට සළකුණු කිසිවක් නොතිබීම බවද පොලීසිය කියා සිටී.