Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
12
හැමෝටම වගේ තියෙන ගැස්ට්‍රයිටිස් නසන කැහිපිත්තන්

- හැමෝටම වගේ තියෙන ගැස්ට්‍රයිටිස් නසන කැහිපිත්තන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49 Views

කැහිපිත්තන් කොළ කියන්නේ මොනවද කියල ඔබ දන්නවද?
 
සුළු පිරිසක් මෙය දන්නවා වුණත් ගොඩක් අය මෙය ගැන දන්නේ නෑ.
 
ඇත්තටම කැහිපිත්තන් කොළ කියන්නේ දේශීය වෙදකමේදී අපේ වෙදැදුරන් විවිධ රෝග සුවපත් කිරීමට භාවිත කරන ඖෂධීය පැළෑටියක්.
 
කැහිපිත්තන් පාතාල ගරුඩී, දීර්ග කන්ධ, සෝම වල්ලි යනාදී නම්වලිනුත් හඳුන්වනවා.
 
පාතාල ගරුඩී කියන්නේ ගැඹුරටම මුල් යන නිසයි. දීර්ඝ ගන්ධ කියන්නේ ඉතා දිගු මුලක් සහිත ශාකයක් නිසා.


ජලය බහුලව පවතින වැලක් නිසා තමයි මෙයට සෝම වල්ලි කියලත් කියන්නේ.
 
මේ ඖෂධීය වැල දේශීය මට්ටමෙන් බහුල වශයෙන් ඖෂධ නිපදවීමට ගන්නවා. අපේ සංහිතා ග්රන්ථවල මේ ඖෂධය ගැන සඳහන් නොවුණත් මිනිසුන්ගේ ව්යවහාරෙන් ආ ඔසුවක් ලෙසයි මෙය හඳුන්වන්නේ.
විශාල ගසක් වසා ගන්න තරම් හැකියාවක් මේ වැල සතුව පවතිනවා.
 
කැහිපිත්තන් කොළයේ කෙලවර දිගයි. ආයුර්වේදයට අනුව මෙය ගුඩුචි කුලයට හෙවත් පෙකිඳ කුලටය අයත් වැලක්.
 
මේ ශාකය ගැන සංහිතා ග්රන්ථවල සඳහන් නොවුණත් රාජ නිඝණ්ඩුව භාව ප්රකාශ නමැති ග්රන්ථවල සඳහන් වෙනවා.
 
ලංකාවෙ ගත්තොත් වියළි කලාපයේ, පහත රට තෙත් කලාපේ මෙය බහුලව පවතිනවා. සීතල ප්රදේශවල මෙය එතරම් නැහැ.
 
මෙහි පත්රය තරමක් ත්රිකෝණාකාරයි. අඟල් 3ක් පමණ දිගු කොළය මත තරමක පුංචි රෝම දක්නට ලැබනෙවා.
 
මෙහි මල් කහ පාටයි. රෝග නාශනය කිරීමේදී මෙහි මුල්, කොළ, ඉස්ම, මල් යන සෑම අංගයක්ම ප්රයෝජනයට ගන්නවා.
 
මෙමඟින් නිපදවන දේශීය ඖෂධ මඟින් ශරීරයේ බාහිර රෝගවලට වගේම අභ්යන්තර රෝගවලටත් සුවයක් ලබන්න පුළුවන්.
 
ඇතැම් අය සැරව ගලන තුවාලවලින් පීඩා විඳිනවා. කොතෙක් ප්රතිකාර සිදු කළත් සුව වීමක් නැහැ. එවන් සැරව ගලන තුවාල මත කැහිපිත්තන් මුල් සහ කොළ කොටා ඒ යුෂ තුවාල මත ආලේප කරන්න.
 
තුවාල ඉක්මනින් සුව වේවී. ඒ වගේම යම්කිසි පිච්චීමකදී හෝ වෙනත් අවස්ථාවක ඇතිවන දැවිල්ලකදී මෙහි කොළ හොඳින් කොටා (ජෙලි පමණට එන තුරු) ඒ ද්රාවණය හමේ ආලේපය කරන්න. එමඟින් ඔබට සිසිලසක් අත්වේවි.
 
ඒ වගේම පැපොල රෝගය වැලඳුණු අයකුගේ සමේ දැවිල්ල සහිත බුබුළු හට ගැනීමේ අවදානමක් පවතිනවා.
 
කැහිපිත්තන් කොළ කොටා ඒ යුෂ ආලේප කරන්න. දින කිහිපයක් කළොත් සාර්ථක සුවයක් අත් වේවි.
 
කැහිපිත්තන් වැලේ මුල්වල විශේෂ ප්රධාන නාශක ගුණයක් පවතිනවා. මේ ගුණය නිසා තුවාලවල ඇතිවන ඉදිමුම වගේම රතු වීම නැති වී ඉක්මන් සුවයක් අත්වෙනවා.
 
ඇතැම් අවස්ථාවලදී අධික ලෙස වෙව්ලුම් සහිතව උණ හටගන්නා රෝගීන් සිටිනවා. එවන් රෝගීන්ට කැහිපිත්තන් මුල් පිරිසුදු කර ගෙන එමඟින් කසායක් සාදා (පත 8 - 1ට සිඳුවා) ඒ කසායට ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්රකර පානය කරන්න දෙන්න. ඕනෑම දරුණු උණකට මෙය ඉක්මන් සුවය ගෙනෙන ප්රතිකාරයක්.
 
ඔබ කෑම අරුචිය ඇති අයකු නම් එම තත්ත්වය දුරුකරන්නත් ආහාර හොඳින් දිරවීමේ කටයුතු කරන්නත්, අජීර්ණය සෑදුණු විට ඇති වන බඩ රුජාව දුරු කරන්නත්, බඩඑළියයෑම නැවැත්වීමටත්, දරුවන්ගේ පණු අමාරුව නැති කරන්නත් අගනා ඖෂධීය කැහිපිත්තන් කොළවලින් සාදා ගන්න පුළුවන්. ඇත්තේම එය ඔෟෂධයක් පමණක්ම නෙවෙයි. හොඳ රසවත් අතුරු පසක් එනම් ජෙලි එකක් ලෙස ඔබට මෙය සදාගන්න පුළුවන්. ආහාර ගැනීමෙන් අනතුරුව ඔබ විසින්ම සාදා ගනු ලැබූ ස්වාභාවික ජෙලි එකක් කෑම කොතරම් ගුණද?
 
එය සාදාගන්නේ මෙහෙමයි. ප්රථමයෙන්ම කැහිපිත්තන් කොළ ස්වල්පයකට ජලය ටිකක් දමා හොඳින් කොටා මිරිකා ගන්න.
 
ඒ මිරිකා ගත් යුෂ පෙරා බඳුනකට දමා නොසෙල්වෙන ලෙස මඳ වේලාවක් තබන්න. ඉන් පසු එය ජෙලි එකක් වගේ සකස් වෙනවා. සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්රකර අනතුරුව ඔබට එය ආහාරයට ගන්න පුළුවන්. මම පෙර පැවැසූ සෑම රෝගයකටම මෙය අගනා ඖෂධයක්.
ඒවගේම රසවත් ගුණවත් ආහාරයක්. මේ කැහිපිත්තන් කොළවලින් සාදන ජෙලි එක අම්ලපිත්ත (ගැස්ට්රයිටිස්) රෝගයට ඉතාම ගුණදායකයි. ගෑස් ඇති අය දිනපතා උදෑසන හිස් බඩට මේ ජෙලි එක ආහාරයට ගත්තානම් එය ඉතාමත් ගුණදායකයි.
 
ඇතැමුන්ට පීඩාව ගෙනදෙන තවත් රෝගයක් තමයි නොනවත්වා බඩඑළියයෑම. එවන් අවස්ථාවකදී කැහිපිත්තන් මුල් තළා හොඳින් පෙරා මිරිකා ඒ යුෂ සමඟ මෝරු ස්වල්පයක් මිශ්රකර උක් හකුරු හෝ සීනි ස්වල්පයක් එයට දමා බොන්න. බඩඑළියයෑම එමඟින් නවතිනවා. මේ පානයට සූදුරු, ගම්මිරිස් ස්වල්පය බැගින් දැම්මත් ගැටලුවක් නෑ.
 
මුත්රා ආසාධන නිසා අද අපේ සමාජයේ බොහෝ පිරිසක් පීඩා විඳිනවා. මුත්ර අඩස්සිය මුත්රා ගල් මුත්රා දැවිල්ලක් ලෙස පිට වීම ආදී රෝග රැසක් අද බහුලව පවතිනවා.
 
එවන් අයට කැහිපිත්තන් වැලේ මුල් කසාය ඉතාම ගුණදායකයි. වතුර පත අටක් සමඟ කැහිපිත්තන් මුල් කැබලි ස්වල්පයක් මුට්ටියකට දමා එය පත එකක් වනතුරු සිඳවන්න.
 
ඉන් අනතුරුව එය උදේට පත භාගයයි සවසට පත භාගයයි ලෙස උක් හකුරු කෑල්ලක් සමඟ පානය කරන්න. දින 7ක් වගේ මෙය කරන්න. මුත්රා රෝග සියල්ලටම එය ගුණයි. මෙය ඉතා තිත්තයි. උක් හකුරු සමඟ බොනව නම් එතරම් අපහසු නෑ. 
 
අධික තිත්ත බව නිසාම මෙය ශරීරයේ රුධිරය පිරිසුදු කරන්නත් අගනා ඖෂධීය පානයක් බවට තහවුරු වී තිබෙනවා. නිතර උෂ්ණ බිබිළි එන අය, කුෂ්ඨ රෝගීන් මේ කසාය සති දෙකක් පමණ අඛණ්ඩව බොන්න ඉක්මන් සුවයක් අත් වේවි.
 
කාන්තාවන්ට ආර්ථවයේදී ඇති වන වේදනා නැති කරන්නත් මේ කැහිපිත්තන් කොළ සහ මුල් කසාය ඉතා වැදගත්. උණු වතුරට හෝ ගින්දරට අතක් පිච්චුණොත් මොකද වෙන්නේ? තද දැවිල්ලක් හට ගන්නවා. දිය බුබුළු එනවා. දැවිල්ල නැති කරන්නත් දිය බුබුළු ඒම වළක්වන්නත් පුළුවන් කැහිපිත්තන් කොළ එළකිරෙන් අඹරා ඒ පිච්චුන ස්ථානයේ ආලේප කිරීමෙන්.
 
විවිධ සත්ත්ව විසවලටත් මෙය ඉතාම අගනා විස නාශක ඖෂධ. මී මැසි විස, දෙබරා, බඹරා ආදී දෂ්ටනයකදී කැහිපිත්තන් කොළ, කුප්පමේනියා, බැබිල කොළ දෙහි ඇඹුලින් අඹරා දෂ්ටනය වූ තැන ආලේප කරන්න. එමඟින් විස මර්දනය වීමක් වෙනවා.
 
ඒ වගේම සෙම්රෝග, කැස්ස, සෙම්ප්රතිශ්යාව, පීනස, ඇදුම රෝග සුව කරන්නත් කැහිපිත්තන්වලට පුළුවන්. පත්ර කොටා ඒ යුෂවලින් සාදාගත් ජෙලි ආහාරයට ගන්න. එය ඉතාම ගුණදායකයි. 
 
අද ඇතැම් අය තුළ මිථ්යා මතයක් පවතිනවා මේ ඖෂධය අධික ශීත බවින් යුක්ත නිසා සෙම වැඩි වෙනවා කියා. නමුත් එහි කිසිම සත්යතාවක් නෑ. එය මිථ්යාවක් පමණයි. කැහිපිත්තන් ජෙලි දරුවන්ට, කිරිදෙන මවුවරුන්ටත් ඉතාම ගුණදායකයි. 
 
මවුවරුන්ගේ කිරි වර්ධනයට මෙය ඉතාම වටිනවා. ඒ නිසා කිරි දෙන මවුවරු කැහිපිත්තන් ජෙලි සතියට අවමය දෙවතාවක් හෝ ආහාරයට ගැනීම වැදගත්. ඒ වගේම වඳ බවින් පසුවන කාන්තා පුරුෂ දෙපිරිසටම වන්ද්යභාවය නැති කරන්නත් මේ ආහාරය ඉතා අගනා ඖෂධ්යක්.
 
ශරීරයේ රෝග රැසක් නැති කර ශරීරයට සෞඛ්යමය බවක් නිරෝගී බවක් ලබන්න අගනා ඖෂධයක් තමයි කැහිපිත්තන් කියන්නේ. නමුත් අපේ සමාජයේ ගොඩක් අය මේ ශාකයේ ඇති ඖෂධීය වටිනාකම දන්නේ නෑ.
 
ගම්පහ ආයුර්වේද වෛද්ය - පංචකර්ම ප්රතිකාර මධ්යස්ථානය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top