මෙවර පැවති මහමැතිවරණයේ මේ වන විට සියළුම පළාත්වලට අයත් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන්. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 5,098,927ක් ලබාගෙන මෙවර මැතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 45.66%. ඒ අනුව ඔවුන් දිනාගත් ආසන සංඛ්‍යාව 93ක්.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4,732,669ක්. එය ප්‍රතිශතයක් ලෙස 42.38%ක්. ඔවුන් දිනාගත් ආසන සංඛ්‍යාව ආසන 83ක්.
එමෙන්ම ඉලංගෙයි තමිල් අරසු කච්චි ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 515,963ක්. එය ප්‍රතිශතයක් ලෙස 4.62%ක්. ඔවුන් ලබාගත් ආසන සංඛ්‍යාව 14ක්.
ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 543,944ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 4.87%ක්. ඔවුන් දිනාගත් ආසන ගණන 4ක්. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 33,481ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 0.30%. ඔවුන් දිනාගත් ආසන ගණන 1ක්. එමෙන්ම මුස්ලිම් කොංග්‍රසටද එක් ආසනයක් හිමි වී තිබෙනවා.
මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 11ක් ජයගත් අතර සන්ධානය දිනාගත් දිස්ත්‍රික්ක ගණන 8ක්. මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ද ඇතුළුව එක් එක් පක්ෂ ලබාගත් ආසන සංඛ්‍යාව මේ වන විට මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙවර මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 13ක් සමඟ එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇති මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 106ක්.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 12ක් සමඟ මෙවර මැතිවරණයේදී මන්ත්‍රී ධුර 95ක් හිමි වී තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිවී ඇති අතර ඒ අනුව ඔවුන්ට හිමි වන මුළු ආසන සංඛ්‍යාව 16ක්.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2ක් සමග ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන 6ක් හිමි කරගෙන තිබෙනවා. මේ අතර, මෙවර මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසයට සහ ඊ.පී.ඞී.පී සංවිධානයට ද එක් මන්ත්‍රී අසුන බැගින් හිමි වුණා.