අරිසෙන් අහුබුදු මූලික අධ්යාපනය ලැබුවේ කතළුවේ රජයේ පාසලෙනි.
අරිසෙන් අහුබුදු විසින් රචිත ගීත
දකුණ නැගෙනහිර බටහිර උතුරද
සෙංකඩගල පුර දළදා බුදු රැස්
කවුරුද කවුරුද දැන් ලොක්කෝ
පරිසර ගීතය (ජනාධිපති සම්මාන)
නිට්ටඹුව ගුරු විදුහලේ සිටිය දී ගී පැබැඳීමට පිවිසිය ද අහුබුදු ශූරීන් විසින් ලියැවී සුපතළ ගායකයකු විසින් ගැයුණු ගීය වනුයේ 'ලංකා ලංකා පෙම්බර ලංකා' ගීතය යි.
නිල නොලත් දෑ (ජාතික) ගීය ලෙස බොහෝ දෙනා ගේ බුහුමනට බඳුන් වූයේ ද එය යි.
හෙළ දිව වැඩි ම දෑ අබිමන් ගී ලියූ පබඳුවා වුව ද පෙම් ගී, බැති ඈ රසෙන් අනූන ගී ගණනාවක් අහුබුදු ශූරීන් ලියූහ.
සිය අසිරිමත් කිවියාවත්, බසිසුරු බවත්, කිරියකරුකමත් (ක්රියාශීලීකමත්), පඬුවමත් නිසා අහුබුදු ශූරීන් දහසක් වැඩ මැද වුව ද ලහි ව ගී ලිවීමට සමත් වූ හ.
'වලාකුළෙන් බැස සමන් කුළක් වැඳැ' ඈ අනඟි ගී රුවන ද ඇතුළත් 'පංච මධුර' මැයෙන් එන ගී පස ම ලිවීමට අහුබුදුවනට ගත වූයේ එක් රැයෙකි.
එකින් එකට වෙනස් ම ආරක් ගනිමින් 'සන්දේශයට' අහුබුදුවන් ලියූ ගී ලක් චිත්රපට ගී ඉතිහසෙහි නොමැකෙන ලකුණු ය.
එහි එන 'පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා' ගීතය අද වුව ද බාල, මහලු කාගෙත් මුවග ලෙළ දෙන ගීයක් වී හමාර ය.
සැම පොහෝ දිනෙක මැ ඇසී මන් සවන් සනහා නිවන් සිහි ගන්වන ගී රුවනක් වන 'ගිලෙම් ඔබේ ගුණ මූදේ' ගීය අහුබුදු බැති ගී වැළේ උතුරුතර පල ය යි.
තමනට ආවේණික නන් විසිතුරු විරිත් යොදා ගෙන කව් ගී පබැඳූ අරිසෙන් අහුබුදු සූරීන් පසු කලෙක කව් ගී නිමැවූවනට මනා මඟ පෙන්වීමක් කළහ. උණවටුනේ හෙළ හවුලේ දීත්, ගාල්ලේ මිහිඳු විදුහලේ දීත් අහුබුදු සූරීන් නළු (නාට්‍ය) ලිවීමට පිවිසියහ. වනරාජ කුමරිය, හෙළ හැතිරිය, ලෝකාන්තය ඈ අහුබුදුවන් ලියා කරෙළි ගැන්වූ අතරේ 'සක්විති රාවණ' වෙසෙසි තැනක් හිමි කැර ගනී.
එහි හනුමා හා සුග්රීවන් ගේ විනෝද ගීයක් ලෙස ගැයෙන 'පොම්බුළේ මගේ පොම්බුළේ' රසික මන් තරයේ වෙළා පසිඳු වූවෙකි.ය) ලිවීමට පිවිසියහ. වනරාජ කුමරිය, හෙළ හැතිරිය, ලෝකාන්තය ඈ අහුබුදුවන් ලියා කරෙළි ගැන්වූ අතරේ 'සක්විති රාවණ' වෙසෙසි තැනක් හිමි කැර ගනී. එහි හනුමා හා සුග්රීවන් ගේ විනෝද ගීයක් ලෙස ගැයෙන 'පොම්බුළේ මගේ පොම්බුළේ' රසික මන් තරයේ වෙළා පසිඳු වූවෙකි.
අපේ රටටත් ලෝකයටත් අමිල මෙහෙවරක් කළ මේ සොඳුරු මිනිසා 2011 මැයි මස 26 වැනිදා අප අතරින් සමුගත්තේය..