මියගිය සුනන්ද කුමාර (රාජා) නමැති පුද්ගලයාගේ මව විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මාස පහකට අධික කාලයක් තිස්සේ සිදු කළ රහසිගත විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙම කාන්තාව දෙදරු මවක් බවත් ගොඩනැඟිලි ඉදි කරන්නෙකු වන ඇගේ සැමියා සමඟ ඇය මහියංගණය ප්‍රදේශයේ පදිංචිව සිටින අතරතුර ඇය ත්‍රිරෝද රථ රියැදුරකු සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති බවටත් තොරතුරු වාර්තා වී තිබෙනවා. තමන්ගේ බිරිඳගේ මෙම අනියම් ඇසුර සම්බන්ධයෙන් දැඩි අමනාපයකින් පසු වූ මියගිය ස්වාමියා ඇයත් සමඟ තලවතුගොඩ ප්‍රදේශයට පැමිණ කුලී නිවෙසක පදිංචිව ඇති අතර එහි සිටියදීත් දෙදෙනා අතර බහින්බස්වීම් සිදුව ඇති බවට වාර්තා වෙනවා.
මේ හේතුවෙන් අදාල කාන්තාව එම පුද්ගලයා ඝාතනය කිරීමට සැලසුමක් සකස් කර ඒ බව ඇගේ ඥාතියකු වන ඉහත කී යුද හමුදා සෙබළාට භාර කර ඇති බවද අනාවරණය වී තිබෙනවා. ඒ අනුව ඉකුත් පෙබරවාරි මස 11 වැනි දින රාත්‍රියේදී, අදාල සෙබළා තලවතුගොඩ පිහිටි කාන්තාවගේ නිවෙස වෙත පැමිණ ඇයගේද සහාය ඇතිව තම සැමියාගේ රාත්‍රි ආහාරයට නිදි පෙති මිශ්‍ර කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පසුව ඔහුට නින්ද යෑමෙන් පසු යකඩ පටියකින් ගෙල සිර කර මරාදමා මියගිය පුද්ගලයාට අයත් ත්‍රීවීල් රථයට ඔහුගේ සිරුර දමා මහරගම, පොල්වත්ත ප්‍රදේශයට ගෙනගොස් දමා තිබියදී මහරගම පොලිසිය මඟින් සොයාගෙන තිබුණු බවද පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබෙනවා.