අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේදී 15 හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා වාර්තා වුණු අතර එහි ප්‍රධාන සැකකරු විදේශ ගතවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
කටුනායක පොලීසිය කියා සිටියේ ඊයේ (20) අළුයම සැකකරු එයාර් ඇරබියා ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව යෑමට ගුවන් තොටුපල වෙත පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මොහු ඩුබායි හි රැකියාවක නිරතව සිටින්නෙකු බවත් මාස 3 ක නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. එමෙන්ම මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම දැරිය දූෂණයට ලක්වී ඇත්තේ සිය පෙම්වතාගේ අක්කාගේ පෙලඹවීම මත බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු වූ 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙක්, විදේශ රටක සේවය කර නිවාඩුවට පැමිණ සිටි 22 හැවිරිදි චන්න පුතා ලෙසින් හඳුන්වන අයකු හා 25 හැවිරිදි ධීවරයකු බවත් මීටියාගොඩ පොලිසිය පවසනවා.
පෙම්වතාගේ අක්කා යැයි කියන තැනැත්තිය සමඟ තිබූ පෞද්ගලික කෝන්තරයක් මත දැරියගෙන් පළිගැනීමට කාමාතුරයන්ට දැරිය බිලි දීමට එම තැනැත්තිය කටයුතු කර ඇති බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා. දූෂණය කරද්දී ඇය සිහිසුන් වී ඇති අතර නැවත ප්‍රකෘති සිහිය පැමිණි පසු සෙසු පුද්ගලයන් දෙදෙනා වරින්වර උදෑසන වන තුරු අවස්ථා ගණනාවකදීම දැරිය දූෂණයට ලක් කළ බව සැකකරුවන් පොලිසියට පාපෝච්චාරණය කර තිබෙන බවට වාර්තා වේ.
සිද්ධිය වූ දිනයේ මෙම දැරියගේ නිවසට ගිය අදාළ සැකකාරිය තම සොහොයුරා වස පානය කර ඇති බවට පවසා ඇය නිවසින් පිටතට රැගෙනවිත් තිබෙනවා. පසුව සැකකාරියගේ සොහොයුරා පෙන්වීමට යැයි පවසා මෙම දැරිය බස් රථයක නංවාගෙන අම්බලන්ගොඩ නගරයට පැමිණ පසුව ත්‍රිරෝද රථයක නංවාගෙන අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
සැකකාර මෙම කාන්තාව දැරිය නිවසේ රඳවා ආහාර රැගෙන එන බවට පවසා පිටතට ගොස් නිවසේ යතුර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතරදෙනාට ලබාදී තිබෙනවා. තම පෙම්වතාගේ අක්කාට මෙම දැරිය ජංගම දුරකතනයෙන් අසභ්‍ය වචනයක් කියා බැන වැදීම නිසා ඊට පළිගැනීමට මෙම දැරිය කාමාතුරයන්ට බිලිදී ඇති බව පොලිසිය මෙතෙක් කළ පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා. අදාල කාන්තාව විවාහක සැමියාගෙන් වෙන්වී හුදකලා සල්ලාල ජීවිතයක් ගත කරන බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් ඇය අම්බන්ගොඩ ඉඳිකැටිය ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති අතර පසුව මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.