පාළු ළිඳක වැටී දින තුනකට පසුව තරුණයෙකුගේ ජිවිතය බේරා ගත් අපූරු කථා ප්‍රවෘත්තියක් ඉකුත් දිනක වරකාපොළ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.
වරකාපොළ, තුල්හිරිය, මොන්ගොලියාවත්ත ගමෙහි මෙම සිදු විම සිදු විය. 1995 වසරේදි රුපියල් දෙලක්ෂ අසුදාහක මුදලකට මොන්ගොලියාවත්තෙහි ඉඩමක් මිළයට ගත් එස්. එම්. ජයලත් මැණිකේ හා ටි. ජි. තුඩුගලගේ මයිකල් මහතා සිය දරුවන් හතර දෙනා සමඟ මෙහි පදිංචියට පැමිණෙන්නේ සිය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිමටත් තමන් වැඩ කරන ලද කාබුල් ලංකා පෞද්ගලික ආයතනයද මෙ ආසන්නයේ පිහිටා ඇති නිසා මයිකල්ට එම රැකියා ආයතය වෙත යාමට එමට ඇති පහසුව ද සලකාගෙනය.
මයිකල්ට සිටි දරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් නිමුණු දරුවන් වන අතර අධ්‍යාපන කටයුතු උදෙසා තුල්හිරිය මහා විද්‍යාලයට යවන සියලූ දරුවන් යවන ලදි. අධ්‍යාපන කටයුතු වලින් පසු එක් පුතෙකු හමුදා සේවයටත් අනික් පුතණුවන් දෙදෙනා ව්‍යාපාරික කටයුතු වලටත් යොමු වූවෝය.
සිය පියා වැඩ කරන ලද ආයතනයේ රැකියාව කරන ලද්දේ දැනට අවුරුදු 36 ක් වන ටී.ජී. තුඩුගලගේ තුෂාර නැමති පුතණුවන්ය. ඔහුද කීකරුව සිය දෙමාපියන් දෙදෙනාගේ මග පෙන්විම යටතේ සිය එදිනෙදා ජිවිතවත් රැකියා කටයුතුත් සිදු කරගෙන ගිය අතරදි හමු වු තරුණ යුවතියකට සිත ඇදි දෙදෙනා අතර ආදර සම්බන්ධතාවයක්ද හට ගත්තාය. මුල් කාලයේ දෙමාපියන්ට හොර රහසේ සිදු කරන ලද මෙ ආදරය පසු කාලයේ එහි ප්‍රතිඵලයක් ලෙස විවාහය දක්වා ගමන් කරන ලදී.
විවාහයෙන් පසුව ඔවුන්ට කිසිදු බාධාවක් දෙමාපියන්ගෙන් නොතිබුණි. පියා ඒ වන විටත් ජිවතුන් අතරින් සමු ගෙන සිටියේ හදිසියේ ඇති වු හෘදයාබාදයක් හේතුවෙන්ය. ඔහු මිය ගියේ 2005 වසරේ ජනවාරි මාසයේ දවසක බව මේ කථා බහෙදි අපිට ජයලත් මැණිකේ මහත්මිය පැවසීය.
තුෂාර රැකියා ස්ථානයට ගියේ බිරිඳගේ නිවසේ සිටයි. මෙසේ දින ගත කළ ඔවුන්ට තුන්වැන්නෙක් එක් ද විය. සිගිති දියණිය අද වන විට පාසල් අධ්‍යාපනය හදාරන අතර 1 වසරේ ඉගෙනුම ලබයි. නමුත් දැනට අවුරුදු දෙකක පමණ කාලයක සිට සිය බිරිඳ හා ඇති කර ගත් ගොරනාඩුවක් නිසාවෙන් තුෂාර සිටින්නේ දැනට තම මව පමණක් ජිවත් වි සිටින මොන්ගොලියාවත්ත නිවසේය.
සිය මවද කොළඹ ප්‍රදේශයේ රැකියා ස්ථානයට යන නිසා තුෂාරත් විවිධ රැකියා ස්ථාන වල වැඩ කටයුතු සිදු කරගෙන ගියත් සිය බිරිඳගේ වෙන් වි සිටින්නට සිදු විමත් තමන් මුලින් වැඩ කරන ලද රැකියා ස්ථානයෙන් ඉවත් විමත් ඔහුට මහත් වේදනාකාරි කලකිරිමකට නිරන්තර යොමු විමට මග පෑදුවාය. ඒ සිත් තැවුලෙන් ඔහු කටයුතු සිය මවගේ නිවසේ කාලය ගත කලේ විවේකයක් ලැබෙන හැම විටම මත්පැන්ද පානය කරමින්ය.
තුෂාරගේ මව වන ජයලත් මහත්මිය පසුගිය දිනක තුෂාරට සිදු වු අවසනාවන්ත සිද්ධිය අපිට විස්තර කළේ මෙලෙසිනි.
මම රැකියාව වශයෙන් කරන්නේ කොළඹ පෞද්ගලික ආයතනයක ආරක්ෂක අංශයක උදේ හවා ගෙදර ඉදන් යනවා එනවා. පුතා මාගේ ගාව තමයි හිටියේ මෙයාට දෙයියන්ගේ ලෙඩ හැදුනා. ඇඟ පුරාම ඒ රෝගයට දාන බිබිලි එයා කඩලා තිබුණා. ලෙඩේ ඒ නිසා වැඩි වුනා. අවසානයේ අලව්වට ගිහින් දොස්තර කෙනෙකුට පෙන්වලා බෙහෙත් අරන් දුන්නා.
ජුලි 7 වෙනිදා නැවත තුෂාර පුතාට උණ හැදුනා. හොඳටම උණ මම කිහිප වතාවක්ම පුතාට කිවා දැන් වෛරස් උණකුත් තියන නිසා බෙහෙත් ගේන්න යමු කියලා. නමුත් ඇහුවේ නැහැ. කොත්තමල්ලි බොන්න දිලා සෙම අමාරුවට දුම් අල්ලන්න පවා දුන්නේ හුස්ම ගන්නත් අමාරුවෙන් හිටපු නිසා. පපුව දෙපැත්ත රිදෙනවා කිවා. මෙ නිසා මං එදා උදෙන්ම බෙහෙත් අරන් දුන්නා. එදා දොස්තර මහත්තයාත් බලලා කිවා පපුවේ සෙම ගතිය නම් වැඩි කියලාත් නවතින්න කියලාත් කිවා. නමුත් තුෂාර පුතා කිවා නවතින්න බෑ අම්මා බෙහෙත් ටික බීලා බලමු එතකොට අඩු වෙයි කියලාත් කියපු නිසා රෝහලේ නවත්වන්නේ නැතිව ගෙදර එක්කරගෙන ආවා.
බෙහෙත් බිලා නිදා ගත්ත පුතා මට කිවා.
‘‘අම්මේ අම්මේ නැගිටින්න. මෙන්න කවුදෝ කථා කරනවා‘‘ කියලා. මම පුතා ළගට ගිහින් කිවා අනේ කවුරුත් නැහැ. ඔයා නිකම් බය වෙලා තියෙන්නේ නිදා ගන්න කියලා.
ඊට පස්සේ මෙයා බිම ඉදගෙන හයියෙන් කෑ ගැසුවා. ඒ සද්දෙට අවට ගෙවල් වල අයත් අපේ ගෙදරට ආවා. ඒ හැම කෙනෙක්ම කීවා මෙයාව පිස්සුවෙන් වාගේ දොඩවන නිසා දේවාලයකටවත් එක්ක යන්න කියලා.
මම තව වැඩි දවස් ඉන්නේ නැහැ. මං යනවා යන්න ආය කවදාවත් එන්නේ නැහැ. කියලාත් එයා නිතරම වාගේ කිවා. ඉතින් මේ ගැන මාගේ අනික් පුතාලාට කිවොත් එයාලාට එන්න යන්න වේලාවක් නැහැ කරන රැකියා කටයුතු නිසා. වේවැල්දෙනියේ ඉන්න පුතා නම් ඇවිල්ලා බලලා ගියා. මමත් මට නිවාඩු තියන සෙනසුරාදා දවසට මහනුවර දළදා මාළිගාවට, වැල් බෝධියට , ගැටඹේ ගිහින් බොධි පූජා පවා පුතා වෙනුවෙන් පවත්වලා මාගේ අසරණ කම කියලා පුතාට මොනවා හරි දෙයක් වෙලා තියනවා නම් ඒ දෙයින් මාගේ පුතාව බේරලා දෙන්න කියලා අනෙක වාරයක් කියමින් පිං දුන්නා.
නමුත් තවත් දවසක් මෙයා කිවා මම වැඩි දවසක් ජිවත් වෙන්නේ නැහැ. ඒ නිසා අද අම්මේ අපි මල්ලිලාගේ ගෙදර යමු. එයා ඉන්නේ වේවැල්දෙනියේ නමුත් මං කිවා අපි පස්සේ දවසක යමු කියලා පාරේ හිටිය පුතා ගෙදර එක්ක යන්න හැදුවා. අනේ ගෙදර යන්න බෑ උඩහ නැන්දාගේ ගෙදර යමු කියලා කිවා. ඊට පස්සේ එහෙ එක්ක ගියා.
දැන් කොහොම හරි රාත්‍රී 7 පහුවෙලා. තුෂාර කියපු නැන්දාගේ ගෙදර තිබුණේ අපේ ගෙවල් වලට ටිකක් උඩින් මිටර් 50 ක් විතර එහායින්. එහෙ ගියත් ඒ අක්කලාගේ මිදුලේ අඹ ගහ යට මෙයා ගේ ඇතුළට එන්නේ නැතිව හිටගෙන හිටියා. පැය කිහිපයක්ම. අපි අඬගැසුවා. ඒ අක්කාත් අඬගැසුවා. නමුත් මෙයා එන්න බෑ කිය කියා හිටියා. දැන් රාත්‍රී 10 විතර වුනා. ඒ අක්කා කිවා අපි දැන් නිදා ගමු පුතා එන්න දැන් අපි නිදියන නිසා කියලා කියද්දි ඔන්න හෙමින් හෙමින් ආවා.
අපි ඒ අක්කලාගේ ගෙදරට වෙලා මමයි තුෂාර පුතයි නිදා ගෙන හිටියේ ඒ ගෙදර සාලයේ. නමුත් පුතා රෑ තිස්සේ නිදා ගෙන හිටියාට දඟලමින් තමයි උන්නේ. හිටි හැටියේම ඇහැරලා පුතා එළියට යන්න ඕනෑ කිවා. මම ඊට පස්සේ දොරේ අගුල් ඇරලා දුන්නාට පස්සේ පුතා එළියට ගිහින් කිවා. ආය මං එන්නේ නැහැ. අම්මේ මට මොකද්දෝ වෙනවා. කියමින් එකපාරටම එතනින් බෑවුම් ප්‍රදේශයට දුවගෙන ගියේ තුෂාර පුතා මම අල්ලන්න හදනකොට මාගේ අතත් ගසා දමමින් යන්නට ගියාය. එතකොට මධ්‍යම රාත්‍රීය පහු වෙලා තුෂාර හෙව්වොත් අපිට එයාව හොයා ගන්න බැරි වුනා මහ රෑ නිසා.
සමහර වෙලාවට පුතා ගෙදර ඉන්නකොට කොහේ හරි ගියාම දවස් දෙක තුනක් ඉන්න නිසා මමත් ඊට පස්සේ දවසේ පුතා එයි කියලා බැලූවා. නැති නිසා හොයන්න පුළුවන් හැම තැනක්ම බැලූවා. ඊට පස්සේ පුතා නැති නිසා මම තුන්වැනි දවසේ ගිහින් හිතවත් නිතිඥ මහත්තයෙක් වන කීර්ති මහත්තයා ළගට එයා මට උපදෙස් දුන්නා පොලිසියට ඉක්මනින් දන්වන්න කියලා. ඒ අනුව මං පොලිසියට ගිහින් සියළු විස්තර කිවා.
එදා අපේ ගෙදරට උඩින් ගෙදරට වතුර එන්නේ නැති නිසා ඒ ගෙදර දුවක් ගිහින් තියනවා. වතුර බට හදන්න. ඒ යද්දි කවුදෝ කෙනෙක් පාළු ළිද ඇතුලේ ඉදන් කෑ ගහලා තියනවා. ඒයා බය වේලා ගෙදර ඇවිත් එයාගේ මහත්තයාට කියලා ගිහින් බලපුවාහම ළිඳ ඇතුලේ ඉන්නවා දැකලා. එත් එක්කම වරකාපොළ පොලිසියෙන් ඇවිත් තියෙන්නේ පැමිණිල්ලට තුෂාරව හොයන්න. පස්සේ ඒ වෙනකොට 119 ගහලාත් තියනවා.
පස්සේ ඉණිමන් දෙකක් එකට බැද අඩි 30 ක් පමණ ළිදෙහි සිටි තුෂාරව ගොඩට ගත් බව අසල් වැසියන් කිහිප දෙනෙකු අපට කිවාය. එහිදි ඔහුගේ සිරුරේ තුවාල කිහිපයක්ද පැවති නිසා ඒ මොහොතේම වරකාපොළ දිසා රෝහලට ඇතුලත් කර බවද ගම්මුන් අප සමග කිහ.
නමුත් සමහර විට මෙම මානසික ප්‍රශ්නය හමුවේ ඔහු ජිවත් වී පණ බේරා සිටින්නට ඇත. එම ළිදෙහි ඔහු වැසෙන්නට ජලය තිබුණා නම් ඔහුට මරණය පවා අත්වෙන්නට ඉඩ තිබුණි. නමුත් ඔහුට ජීවත් වෙන්නට වාසනාව තාම ඇත. මේ එක් සිදු විමක් පමණි. නමුත් මෙවැනි ගැටළු වලට නියමිත වෛද්‍ය ප්‍රතිකාර ලබා දි ඒ තරුණ ජිවිත විනාශ විමට අකාලයේ ඉඩ නොදි ආරක්ෂා කිරීම කාගෙත් වගකිමකි. අප තුෂාරගෙන්ද අදාල සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න උත්සාහ කලත් ඔහු තවමත් පසු වෙන්නේ මාන්සික ගැටලුවක නිසා ලබා දෙන පිළිතුරු ද එතරම් පැහැදිලි කරුණු නොවන බැවින් අපට මෙ කථාව ලියන්නට තුෂාරගේ මව ජයලත් මැණිකේ මහත්මිය ගම්වාසින් හා වරකාපොළ පොලිසියේ මහත්වරුන්ට අවසාන වශයෙන් අප ස්තුතිය පුද කර සිටිනවා.
